කෙනෙක්, **- 'සබ්බේ දම්මා අනත්තාතී - යදා ප්රඥ්ඥාය පස්සති - අත නිබ්බන්දති දුක්කෝ - ඒස මග්ගෝ විසුද්දියා'
සමහරවිට මේ ගාතාවේ යොදා ඇති අකුරු වල වරදක් ඇති. ඒවාත් නිවැරැදි කරමින්, මේ දම්ම පදයේ ඇති ගථාව දන්නා කෙනෙක් සින්හලින් සරලව පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිම්. -** කියලා, කියල තිබුණු එකකට පිළිතුරු ලිව්වා...
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය විදියට
සබ්බේ සංඛාරා අනිචචාති.. යදා පඤ්ඤාය පස්සති.. අථ නිබ්බින්දති දුක්ඛේ.. ඒස මග්ගෝ විසුදධියා.
සබ්බේ සංඛාරා දුක්ඛාති.. යදා පඤ්ඤාය පස්සති.. අථ නිබ්බිනදති දුක්ඛේ.. ඒස මග්ගෝ විසුද්ධියා.
සබ්බේ ධම්මා අනත්තාති.. යදා පඤ්ඤාය පස්සති.. අථ නිබ්බිනදති දුක්ඛේ.. ඒස මග්ගෝ විසුද්ධියා.
කිය කියා 3න් ආකාරයකින්ම දේශණා කරලා තියනවා නෙව??
ඒකෙන්
'සබ්බේ සංඛාරා අනිච්චාති' - සියලු සංස්කාර ධර්මයෝ... ඒ කියන්නෙ, 'හැදිච්ච දේවල්'... 'සංකත දේවල්'... නැත්නම්, මේ අපි හැමෝගෙම ජීවිත... ඔක්කොම අනිත්‍යයි!!! තාවකාලිකයි!!!
'සබ්බේ සංඛාරා දුක්ඛාති' - සියලු සංස්කාර ධර්මයෝ... ඒත්, හැදිච්ච දේවල් / සංකත දේවල්... නැත්නම්, මේ අපේ ජීවිත... දුකට අයිතියි!!! නැසී වැනසී යන සුළුයි!!!
'සබ්බේ ධම්මා අනත්තාති' - සියලු ධර්මයෝ අනාත්මයි!!! ඒ කියන්නෙ, තමා වසඟයෙහි නොපවත්නේය!!! නැත්නම්, තමන්ට උවමණා උවමණා විදියට තබාගත නොහැකිය!!!
කියන බව යම් කෙනෙකුට තේරුණා නම්, අන්න එයා දුකින් නිදහස් වෙනවලු!!! !!! !!! නිවණට තියන එකම මාර්ගය ඒක ලු!!! !!! !!!
ඇයි ඉතිං, 'තමන්' තාවකාලික නම්.. අනිත්‍ය නම්.. නැසී වැනසී යනවා නම්.. මොන මගුළක් වත් කරල වැඩක් නැහැ නෙව??? තේරුමක් නැහැ නෙව???
තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න බැරිනම්.. පවත්වගන්නත් බැරි නම්.. මොන කෙහෙල්මලක් වත් හිතල වැඩක් ඇත්තෙත් නැහැ නෙව??? මොකටද??? මොකක් කරන්නද???
ඔන්න ඔය ටික කාට හරි තේරුණා නම්, එයාට ඔක්කොම... රූප බල බල - සද්ද අහ අහ - ගඳ සුවඳ / රස / පහස විඳ විඳ ඉන්න තියන ආසාවල් උවමණාවල්.. අනාගත බලාපොරොත්තු / ප්‍රර්ථනා.. පිං කොරන්න / ආයි ආයි උපදින්න / පළිගන්න / එකට එක කරන්න තියන උවමණාවල්.. ඔක්කොම... එපාම වෙලා යනවා!!! !!! !!! ඒව ගැන හිතන එකත් එපාවෙලා යනවා!!! !!! !!!
චාගෝ.. මුත්ති.. අනාලයෝ.. වෙනවා!!!
ඉබේම අතහැරෙනවා!!! !!! !!! ඇතිවෙනවා!!! !!! !!! එපා වෙනවා!!! !!! !!!
තව විදියකට කිව්වොත්, 'උපාදාන'... තමන් / තමන්ගෙ පැවැත්ම උදෙසා කෙරෙන සංස්ඛාර... නිකම්ම නැතුව යනවා!!! !!! !!!
ඒ උදවිය බඩගින්නට කනවා.. විළිවහගන්න අඳිනවා.. (බොන්න හම්බවුණොත් බොනවා
) යුතුකම් - වගකීම් ඉටුකරණවා.. ආයුෂ තියනකම් වැඩක් ඇති දේට කාලය යොදවනවා.. පමණයි!!! !!! !!! 
උපාදාන / සංස්ඛාර නැති නිසා භවයක් හැදෙන්නෙ නෑ!!! භවයක් හැදෙන්නෙ නැති නිසා ආයෙ උපතක් සිද්ධවෙන්නෙ නෑ!!! !!! ඉතිං ඒ ගොල්ලො පිරිණිවන් පානවා!!! !!! !!! දුකින් නිදහස් වෙනවා!!! !!! !!!
එච්චරයි. 
