FB එකේදි කියපු කතා..

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    දැනට මං තව දුරටත් බණ කියන එක නවත්තනවා!!! !!! !!!


    b925a4372525b5516d02e23516fed455.gif
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    යාළුලා, ධර්ම මාතෘකාවෙ ගැඹුරටම හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අන්තිමට දැන් කාලෙ කාට උනත් සංසාර අණතුරින් ගැළවිලා / බේරිලා නිවන් යන්නනම්, පිරිණිවන් පාන්න නම්, ඒක කරගන්න වෙන්නෙ මගේ(අපේ) උපකාරයෙන්ම තමයි කියලා තිතටම තේරුණාට පස්සෙ මාත් මං කියපු දේවලුත් එහෙම්පිටින්ම වෙනස් උනා!!! හැබැයි ඒ ඇවිල්ලා මං(අපි)ම හොයාගෙන දැනගෙන ලෝකයට හෙළිදරව් කරපු කතාවක් නිසා ඒකෙන් අන්තිමට මේ මගේ(අපේ) වැඩේ එහෙම්පිටින්ම 'පිස්සුවක්'.. 'බයිලයක්'.. 'මට පිස්සු හැදිලා'.. කියලා හැමෝටම හිතෙන / තේරෙන තත්වයට පත්වුණා මිසක් කවුරුවත් ඒ මං කියපු දේවල් පිළිගත්තෙ විශ්වාස කළේ නෑ!!! !!! !!! හැබැයි එහෙමෙයි කියලා මං එළිදරව් කරගෙන ආපු ස්වභාවධර්මයේ කතාව වෙනස් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක සදහටම වුණෙත් - වෙන්නෙත් ඒ විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'භව' නිරුද්ධ උනොත් නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්. භව නිරුද්ධ නොවුණොත් තව උපතක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි මං ඉදිරියෙදි ලියන්න ඉන්න දේවල් වළින් නම් ඔහෙලට කතන්දරේ හොඳටම තේරේවි!!! ඔහෙලා කොච්චර අසරණද?? කියලත් ඔහෙලටම තේරේවි!!! ඒත් මගේ පැත්තෙන් වෙලා තියන දේවල් නිසා මට ඒ ලියන මොකුත් දැන්ම නම් කරන්න වෙන්නේ නෑ!!! හේතුව ආර්ථික ප්‍රශ්ණ වළින් හෙම්බත්වෙලා දුකෙන්.. අනාගතය ගැන බයෙන්.. කළකිරීමෙන්.. ඉන්න මගේ ළමයි - නෝනා පව්!!! ඒ අයගෙ අරමුණ - උවමණාව මං 'බණ' පැත්තකට දාලා ඉක්මණට මේ වැටිල ඉන්න ආර්ථික ආගාදයෙන් ගොඩ එන එකයි!!! මගේ උපකාරයට ඇවිත් ඉන්න මගේ ඉස්කෝලෙ යාළුවොන්ගෙ අදහසත් ඒකම තමයි!!! ඉතිං එහෙම තියාගෙන මං තව දුරටත් ලෝකෙ එවුන්ට බණ කියන්න තියාගත්තොත් මට ඇත්තටම පිස්සු කියලා ඒ හැමෝම හිතයි!!! යාළුවො මට උදව් කිරිල්ල නවත්තලා මාව හලලම දායි!!! එතකොට මාත් පව් වෙනවා!!! ඒ නිසා දැන් මං තවදුරටත් බණ දෙසන්න තියාගත්තොත් ඒකෙන් අයහපතක්ම ඇරෙන්න යහපතක් වෙන්නේ නෑ!!! !!! !!!

    අපි බලමු ඉතිං... අනාගතයෙදි මට ඉතුරු දේවල් ඔක්කොම කියන්න අවස්ථාවක් ආවොත් කියල දෙන්නම්!!! බැරිවුණොත් ඉතිං ඔහෙල සංසාර දුකෙන් නිදහස් වෙලා පිරිණිවන් පාන එක අමතක කරල දාන්න!!! !!! !!! මොකද ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් වලට පිපෙන්න හම්බවෙන්නෙ නෑ!!! !!! !!! කුණුවෙලා යන්න වෙනවා!!! !!! !!! මට හරි දුකයි වෙන්න යන දේ ගැන. ඒත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මාව පිළිගන්න - විශ්වාස කරන - මං කියන විදියටම වැඩ කරන අයට ඇරෙන්න දැන් කාටවත් ගැළවීමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මගේ ආර්ථික ප්‍රශ්ණ විසඳිලා ආයි ලියන්න පුළුවන් කමක් ලැබුණොත් වෙන දේ.. වෙන විදිය.. ඔක්කොමත් එක්කම හැමදේම කියල දෙන්නම්!!! දැනට මං තව දුරටත් බණ කියන එක නවත්තනවා!!! !!! !!!
    ණය ගෙවන්නේ කොහොමද කියලා බලන්න බණ කියන්න කලින් 🫠
     
    • Love
    Reactions: rawatenna nam epa

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ බොලාටවත් ගැලවීමක් නැතුව අනුන් කොහෙ ගලවන්නද..දැන් තේරෙනව නේද නොකිව්වට හිත ඇතුලෙන් නොරහත්බව..කෝ අර දෙයි පිරිස ආයෙ ලනු දුන්නෙ නැද්ද තාමත් පුලුවන් අනුන්ව ගොඩ දාන්න කියලා. උන් තමයි ලොකුම හෙනේ.

    ඔබේ ආධාරය දමියට දෙන්නේ..ගොඩ ගොඩ ගොඩ ගොඩ පින් කරගන්නේ...කියලා මාකටින් කරොත් මොකද
    ------ Post added on Sep 15, 2023 at 8:19 PM

    බෙහෙත් අරන්ම හිටියොත් හොදයි නේද මාමේ. නැත්නම් ආයෙ ආතල් දෙන්න එවෙය් මේ පැත්තේ ටික දවසකින්
    ------ Post added on Sep 15, 2023 at 8:53 PM
     
    • Like
    Reactions: rawatenna nam epa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    දමිත් අයියේ ඔයා තාමත් ණයයිද ? ණය ගෙවන්න එපා. ඔයාගෙ රැවුල කොණ්ඩෙ කපලා මහණ වෙන්න. කොහෙ හරි දුරකට ගිහින් ආරාමයක් හදන් සිවුරක් පෙරවගන්න. එතකොට කවුරුත් ඔයාට අත තියන්න එන්නෙ නෑ. දමිත් අයියේ මේක තමයි ඔයාට මම දෙන ට්‍රික් එක. ඔයා හොරෙක් වංචා කාරයෙක් නෙමෙයි. ඔයාගෙ හිතම ඒක දන්නව නම් වුණ දේ වුණා. කියල දැන් හිතන්න. කවදාවත් හැරෙන්න එපා. ඔයාට බුදු සරණයි. :) @Damith Kariyawasam
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    දෙයි පිරිසගේ අදහස මොකො මාමේ. ධර්ම මාතෘකාව නවත්වනවාට උන් කැමති උනාද

    දෙයි පිරිසගේ අදහස මොකො මාමේ. ධර්ම මාතෘකාව නවත්වනවාට උන් කැමති උනාද @Damith Kariyawasam
    ------ Post added on Sep 17, 2023 at 11:13 AM

    මාමේ පෂ්ෂෙන් ඉන්න දෙයි පිරිසට කියලා වැස්සක් වස්සවන්න බැරිද හෙට රෑ වෙනකම් කොළඹට. මැච් එක ගොඩ දාගන්න
    ------ Post added on Sep 17, 2023 at 5:43 PM

    යාළුලා,.දැක්කා නේද මහා සංඝරත්නයට, සිල්වත් ස්වාමින් වහන්සේලාට, පසේ බුදුන් වහන්සේලටත් ඉහලින් යන්න හදනකොට, සම්මා සම්බුද්ධ බුදු රජානන් වහන්සේගෙ වචනයත් වෙනස් කරන්න යනකොට, අභිධර්මයට අපහස කරමින් තමන්ගෙ හිතලු සහ අධර්ම මත සමාජගත කරවන්න හදනකොට, විරුද්ධ මතධාරින්ට සාපකරමින් කටයුතු කරනවිට, සොබාදහමින්ම ඒකට බලපෑම් වෙනවා, මහා කරදර බාධක ඇවිත් වැඩේ නවතින තැනටම පත්වෙන බවට හොදම උදාහරණයක් මේ. දැක්කනෙ උන දේ. ඒ නිසා බුදුන් වහන්සේටවත්, ධර්මයටවත්, මහා සංඝරත්නයටවත් අපහාස කරන්න් එපා..දොස් නගන්න එපා. අධර්මය ව්‍යාප්ත කරන්න එපා. ප්‍රතිපල දිට්ඨධම්මවේදනීයව ලැබෙනවා!
    ------ Post added on Sep 19, 2023 at 12:28 PM

    යාළුලා, ධර්ම මාතෘකාවෙ ගැඹුරටම හොයාගෙන හොයාගෙන ගිහිල්ලා
    අන්තිමට අර ටයිටැනික් නැව ගවේෂනය කරන්න මූදු පතුලට යන්න හදපු සබ්මැරින් එකට උනා වගේ.වැඩක් නේද මාමේ උනේ
    ------ Post added on Sep 25, 2023 at 9:51 AM

    මාමේ තෝසේ කඩයක් දාන්නද හිතන් ඉන්නේ මගේ අදහස් අනුව. තෝසේ කඩයක් දැම්මොත් ගොඩ යන්න පුලුවන්. මිනිස්සු ඒ තරම් ආසයි තෝස වඩේ වලට
    ------ Post added on Oct 22, 2023 at 9:47 AM
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා මේ තියෙන්නෙ 'මිනිස්සු' කියන සත්වයෝ හැමෝම අනිවාර්යයෙන් දැනගතයුතුම කරුණු ටිකක්.....

    • 'හිත' / 'සිත' කියන්නෙ විද්‍යුත් ක්‍රියාකාරීත්වයක්. [ඵස්ස → මනසිකාර → වේදනා → සංඥා → චේතනා කියන electrical operation එක!!! !!! !!!]
    • 'විඥාණය' කියන්නෙ ඒ හිත / සිත කියන විද්‍යුත් ක්‍රියාකාරීත්වයෙන් ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයට. ['භවය' කියල හඳුන්වලා දීල තියන electromagnetic field එක!!! !!! !!!]
    • භාග්‍යවතුන්වහන්සේ ඒ භවය කියන electromagnetic field එක 'විශේෂයෙන් දැනගන්නවා' කියන අර්ථයෙන් 'විඥාණය' කියලත් හඳුන්වලා තියනව!!! ඒ සත්වයන්ට හැම දෙයක්ම දැනෙන්නෙ / sense වෙන්නේ ඒ විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයේ ඇතිවන වෙනස්කම් (field variations) වළින් නිසා.
    • එතකොට සත්වයෙක් මැරෙනකොට වෙන්නෙ ඒකගෙ ඇඟේ සිද්ධවෙවී තිබුණු විද්‍යුත් ක්‍රියාකාරීත්වය ටික ටික අඩුවෙලා එහෙම්මම නැතිවෙලා යන එකයි. එතකොට භවය නැත්නම් field එකත් අඩුවෙලා අඩුවෙලා නැතුව යනව. පහනක් නිවෙනවා වගේ නිවිල යනව.

    හැබැයි ඒ 'මැරෙන එකට' අවස්ථා දෙකක් තියනව.
    • පළවෙනි අවස්ථාවෙදි සංසාර අණතුර, විපාක දෙන්න තියන කර්ම හා උපාදාන නිසා භවය / field එකට අඩුවෙලා අඩුවෙලා නැතිවෙලා යන්න හම්බවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට ඒක ඒ ගාණටම හිටින්න බලනව!!! අන්න එතකොට ගම කනව. 😁 ඒ දිගටම හිටින්න හදන භවයෙන් / field එකෙන් තව හොඳටම ගැළපෙන වෙනින් අළුතෙන්ම හැදෙන ඇඟක විද්‍යුත් ප්‍රේරණයක් (electricity induction) සිද්ධවෙලා ඒ ඇඟ 'සජීවී' වෙනව. ඒ ඇඟට ජීවය ලැබෙනව. ඒ ඇඟට 'පණ' එනව. එහෙමත් නැත්නම් ඒ අළුත් ඇඟේ කළින් ඇඟේ වෙවී තිබුණ වගේම විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් අළුතෙන් පටන් ගැනෙනව!!! ඔය අස්සෙ electricity induction එකෙන්ම කළින් ඇඟේ තිබ්බ memory content එකත් අළුත් ඇඟට copy වෙනව!!! ඔන්න ඕකට 'පුනර්භවයක්' සිද්ධ වෙනවයි කියල කියනව. ඒ වගේම අළුත් ඇඟේ ඒ දේවල් සිද්ධවෙන අතරෙ කළින් ඇඟේ වෙවී තිබුණු විද්‍යුත් ක්‍රියාකාරීත්වය එහෙම්පිටින්ම නතරවෙලා ඒක dead body එකක් වෙනව!!!
    • ඊළඟට දෙවැනි අවස්ථාවෙදි සංසාර අණතුරයි, විපාක දෙන්න තියන කර්මයි, උපාදානයි 3ම නැත්නම් මැරෙනකොට භවය තව දුරටත් පවත්වං යන්න ක්‍රියාත්මකවෙන බලවේග මොකුත් නෑ!!! !!! !!! අන්න එතකොට මැරෙද්දි භවය / field එක ටික ටික අඩුවෙලා නැතිවෙලා යනව!!! නිරුද්ධ වෙනව!!! අන්න ඒකට ඒ සත්වයා පිරිණිවන්පානවයි කියනව!!!

    යාළුලා ඔයිට අමතරව 'මහප්පරාන කතන්දර' මොකක්වත් මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේ කතාවෙ බරපතළම කරුණු 2යි තියෙන්නෙ!!! ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම මහා (පුණ්‍ය)ශක්තියක් නැතුව සංසාර අණතුරත් එක්ක ඔට්ටුවෙන්න බැරි එකයි, කාටවත් (තමන්ගෙ) පුරාණ කර්ම ගෙවල ඉවර කරන්න බැරි එකයි, දෙක විතරයි!!! !!! !!! අන්න ඒ නිසා ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට.. 'අකාලෙට' සාමාන්‍ය මිනිස්සුන්ට නිවන් යන්න / පිරිණිවන්පාන්න හම්බවෙන්නෙත් නෑ!!! !!! !!!

    ඔන්න ඔතනදි මේ මගේ(අපේ) 'වෙනස' තියෙන්නෙ, මේ 'අපේ වැඩේ' කෙරිල තියන විදිය නිසා මට මුළු ලෝකෙම සංසාර අණතුරට වගකියන්න බැරි වුණාට හැතැම්ම ගානක වපසරියක සංසාර අණතුර defeat කරගන්න තරම් (පුණ්‍ය)ශක්තියක් තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං pair වෙලා තිබුණ නම්.. මට හිතේ සතුටින් ෆුල් ෆිට් එකේ ඉන්නත් ලැබිල තිබුණ නම්.. කස්ටියට 'magic' බලන්නත් තිබුණ!!! !!! !!! 😉😊 ඒත් ඒ දෙකම නැති නිසා දැන් මට magic තියා සැනසිල්ලෙ ඉන්න වත් නෑ!!! !!! !!! 😞😞 හැබැයි ඉතිං දෙවි පිරිසගේ assistance එක තියන නිසා මට shape එකේ පිරිණිවන්පාගන්න නම් පුළුවන්!!! මං පණපිටින් ඉන්න අතරෙ මගෙන් හොඳට දැනෙන්න පින් රැස්කරගත්ත අයටත් ලොකු ආරක්ෂාවක් ලැබේවි!!! දිව්‍යලෝක වල සංසාර අණතුර නැති / අඩු නිසා දෙවි පිරිසටත් shape එකේ පිරිණිවන්පාගන්න පුළුවන්!!! තව ඔය මගෙන් 'ඇත්ත කතාව' හරියටම දැනගත්ත ඒත් පින් නොකරන.. පින් වැඩක් නැහැයි කියල හිතන.. උද්ධච්ච - මහන්තත්ත - බකපණ්ඩිත උන්දලාටත් ඕනෙ නම් කෙළවිච්ච බව ප්‍රත්‍යක්ෂ වෙනකම් ඉඳලා 'අත්ත දීපා & ධම්ම දීපා විදියට' brake ගහගෙන ඉඳල කල්ප විනාශයෙදි සංසාර අණතුර ඉබේම අඩුවෙන එකේ chance එක අරගෙන ඉවරයක් කරගන්න try එකක් දෙන්න පුළුවන්. හැබැයි මම දැන් ඒ solution එක / route එක / ක්‍රමය අනුමත කරන්නෙ - promote කරන්නෙ නෑ!!! !!! !!! මොකද, භාග්‍යවතුන්වහන්සේ සීලයට හා ඉන්ද්‍රිය සංවරයට ලොකු තැනක් දීල තියෙන්නෙ ඇයි? කියල තේරුණත් එක්කම මට ඒ solution එක ගැන තිබ්බ confidence එක නැතුව ගියා!!! !!! !!! 😔😔 මොකද භව නිරුද්ධ කරගන්න එක ඉස්සර හිතුවට වඩා ගොඩක් අමාරුයි!!! !!! !!! 😔😔😔

    ඉතිං යාළුලා මං අද මෙහෙම එකක් ලියන්න ගත්තෙ, ඔය මං කියපු - කියන 'ඇත්ත සංසාර කතාව' මගෙන්ම මිසක් මේ ලෝකෙ වෙන කොහෙන් වත්.. කාගෙන්වත්.. දැනගන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ නිසා 'හිත' කියන්නෙ මොකද්ද?? 'විඥාණය' කියන්නෙ මොකද්ද?? 'සංසාර අණතුර' කියන්නෙ මොකද්ද?? 'කර්ම - කර්ම විපාක' කියන්නෙ මොනවද?? සංසාරගත සත්ව ජීවිත වල පදනම මොකද්ද?? ['විඥාණයේ උපකාරයෙන් නාමරූප වල පැවැත්ම ↔ නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්ම' නැත්නම් 'විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තියේ පැවැත්ම ↔ විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තියේ පැවැත්ම'] සංසාර පැවැත්මවල් දිගින් දිගට ඇදි ඇදී යන්නෙ ඇයි?? නැත්නම් පැවැත්මට අහුවුණාට පස්සෙ නතර කරගන්න බැරි ඇයි?? [සංසාර අණතුරේ බලපෑම] කියන කීසීම දෙයක් මේ ලෝකෙ ඉන්න මහා විද්‍යාඥයන්ට - proffessorsලට දැනගන්න බෑ!!! !!! !!! ඒ අයට බැහැයි කියන්නෙ ඊට පහළින් ඉන්න වෙද්දුන්ට / වෛද්‍ය වරුන්ට.. ඊටත් පහළින් ඉන්න නෝනා මහත්තුරුන්ට.. කාටවත්ම දැනගන්නත් බෑ!!! !!! !!! 😄😄 ත්‍රිපි ටකේ වැරදිලාවත් හදාරපු උන්දලට නම් මළාට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 සමස්ථයක් හැටියට ගත්තාම මගේ ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිසට හැරෙන්න වෙන කාටවත්ම භෑෑෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඇත්ත සිද්ධිය ආන්න එහෙම වෙච්ච එකේ, මෙන්න බොලේ ඒ වුණාට සිවුරු සහිත සිවුරු රහිත (පැවිදි - ගිහි ) හෙණ සෙට් එකක් තමන් මෙලෝ බෝලයක් නොදන්න හිත / විඥාණය / සංසාර පැවැත්ම etc. etc. ගැන දන්නව වගේ දේශණා කොරනවා!!! !!! !!! 🤣🤣 ආකර්ෂණ නීති.. නානාප්‍රකාර 'චක්‍ර'.. තෙවෙනි ඇස.. විශ්ව විඥාණය.. විශ්ව ශක්තිය.. කතන්දර තොගයයි!!! !!! !!! කස්ටියම බුදු නෑමක් නාන්නයි යන්නේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 කිසි එකෙක් දන්නෙ නැහැ උන් විඥාණයේ මායාවට අහුවෙලා බව!!! !!! !!! 🤣🤣🤣 😅😅 [තමන්ට තමන්ගෙ ඇස් වළින් දැකල.. කන් වළින් අහල.. නහයෙන් / දිවෙන් / කයෙන් විඳල.. අල්ලල අතපත ගාල බලල.. දැනගන්න බැරි කෙහෙල්මල් හිතුවොත් විනාසයි!!! !!! !!! මනස කියන්නෙ ඒකට එකතුවෙන එකතුවෙන waves reflect වෙන.. repeatedly හිතන්න හිතන්න ඒවා boost වෙවී wholesale එකේ ඒවම ඒවම recall වෙන්න ගන්න.. වාත mechanism එකක්!!! !!! !!! දැන් මං ඒ ඔක්කොම කියල දීල තියනවා!!! ඒකත් එක්ක ඇහැ - කණ - නහය - දිව - කය 5න් එන signal අල්ලගෙන පැල්බැඳගෙන හිතුවත් ඒ waves wholesale boost වෙන්නෙ නෑ!!! Regulate වෙනවා!!! ඒත් මනසේ record වෙච්ච / store වෙච්ච waves අල්ලගෙන එහෙම repeatedly හිතුවොත් විනාසයි. ඒවා wholesale boost වෙනවා!!! මොකද regulate වෙන්න ක්‍රමයක් නෑ!!! !!! !!! ඉතිං එහෙම වෙච්ච උන්දලා දන්නව වගේ පිස්සු මරගාත.. ලෝකෙ නැති පයිත්තියන්.. දොඩවන්න පටන්ගන්නවා!!! !!! !!! 😄😄 😔😔]
    පව් ඉතිං ඒ 'ශාස්තෘ' නෝනා මහත්තුරු ඔක්කොම අනිවා ඩෙෆා අපාගත වෙනවා!!! 4 වෙනි එකටම විසිවෙලා බර කාලාන්තර වලට lock වෙලත් හිටියි!!! කොහොමත් කෙළවෙන්න හැදිල තියන මේ උඹලගෙ අපේ කෙහෙල්මල් ජීවිත වලට ඉල්ලගෙනත් කෑවොත් කොහොමට හිටීද??? පව්!! 😌😌 දුකයි, උන්ව බේරන්න විදියකුත් නෑ!!! !!! !!! මොකද එහෙම විඥාණයේ මායාවට අහුවෙච්ච එවුන්ට ආයි ඇත්ත කියල තේරුම් කරල දෙන්න බෑ!!! අල්ලගෙ - ජේසුගෙ අය වගේම තමයි!!! ඔක්කොටම වඩා YouTube channels හදාගෙන ඔහොම දේශණා කිරිල්ල හොඳ ආදායම් මාර්ගයක්!!! ඒ හදාගත්ත අදායම් මාර්ගයක් නැතිකරගන්න කවුරුවත් කැමති වෙයිද?? "අපාගත උනත් මොකෝ හොදට කාල ඇඳල life එක හොඳට enjoy කොරලා ??" කියල අහයි!!! 😔😔 දන්නෙ නෑ බොළල්ල. මට නම් බලන බලන පැත්තෙන් / කෝනෙන් පේන්නෙ මොකෙක් වත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්නෙ නැති, සංසාරෙටම වැටෙන, සංසාරෙ බදාගන්න සෙයක් තමයි!!! !!! !!! පින් තියන එවුන්ට වත් සෙතක් වෙන්න මං මට පුළුවන් හරිය, තාම ලියල publish කරන්න බැරිවෙච්ච ඉතුරු කරුණු කාරණා ටිකත් ලියල publish කරන එක පටන්ගන්නවා!!! !!! !!!
     

    Sen-lu

    Well-known member
  • මට මුළු ලෝකෙම සංසාර අණතුරට වගකියන්න බැරි වුණාට හැතැම්ම ගානක වපසරියක සංසාර අණතුර defeat කරගන්න තරම් (පුණ්‍ය)ශක්තියක් තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!
    ඩිෆීඩ් කොරපු හැටි අපි නොදන්නවයැ 😂😂😂
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    • Like
    Reactions: Candid-B

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ ණය ගෙව්වද ? බර ගාණක් ණය තියාගෙන ගෙවන්න විදිහක් නැතුව නේද ඉන්නේ. ණය ගෙවනකම් ආයේ එන්නෙ නෑ කිව්වා නේද. අනුන් ගොඩ දාන්න කලින් තමන් ණය ගෙවලා හිටියොත් හොදයි

    අනුන් ගොඩ දාන්න කලින් තමන්ගෙ ණය බරෙන් නිදහස් වෙලා ඉදහන්.. ණය ගෙවන කම් එන්නෙත් නෑ කිව්වා නේද. බණ කියන එක නවත්තලා ණය ගෙවනවා කිව්වානේ @Damith Kariyawasam
    ------ Post added on Oct 28, 2023 at 10:41 AM

    දමියගෙ.මේ වැදි බණ දෙඩවිම නිසා අරහේ පවුල දහ දුක් විදිනවා. තවත් මෙහේ ඇවිත් අනිත් උන්ව ගොඩ දාන්න හදනවා. ඒකත් තමන්ගෙ හිතලු වලින්..මුලින් ණය ගෙවලා හිටින් මාමේ.
    ------ Post added on Oct 28, 2023 at 12:13 PM
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පින්වත් මිනිසුනි, මේ ඔබට ලැබී තියන බොහෝම දුර්ලභ වාසනාවන්ත අවස්ථාව මඟහැරගන්න එපා!
    Dear people, don't miss this rarest, Instantaneous, invaluable, precious moment you have got during your 'samsara pawathma'

    පින්වත් මිනිසුනි, මේ ඔබ අපි සියලු දෙනාම ලබල තියන මනුස්ස ජීවිත ගැන "මේ ඇවිල්ලා බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිළි ගිළී ගහගෙන යමින් සිටින අතරවාරයේ බොහෝම සුළු කාලයකට යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට ලැබිච්ච චූටි අවස්ථාවක් විතරයි. ඉක්මණට ගොඩබිමක් තියන පැත්ත බලලා ඒ පැත්තට හැරිල පීනන්න පටන්ගන්න." {මේ ඇවිල්ල මහා භයානක අණතුරකට මුහුණ දීලා.. නැත්නම් තමන්ට කොහෙත්ම හැප්පෙන්න බැරි බාහිර බලපෑම් ගොඩකට මැදිවෙලා.. හතර අපායේ වැටි වැටී සිදුවෙච්ච පැවැත්මකදී ඒකෙන් ගැළවෙන්න පුළුවන් විදියට ලැබිච්ච අන්තිම දුර්ලභ අවස්ථාවක්!! පුළුවන් ඉක්මණට තමන්ගෙ ගැළවීම හදාගන්න!!} කියලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම දේශණා කරල තියනවා.

    ඒත් එතනදි මේ දැන් කාලෙ ඔයාලා ගිහි පැවිදි හැමෝම කරන්නන් වාලේ කරගන යන කිසි දෙයක් ඒ තම තමන්ගේ ගැළවීම හදාගැනීමට උපකාර නොවෙන බව ඉතා හොඳින් දැනගන්න!!
    "මේ කරන්නෙ අන්ධයෝ වැලක් පොල්ලක් අල්ලගෙන යනවා වගේ වැඩක්. ඉස්සරහින්ම යන කෙනා කොහෙද යන්නෙ කියලා දන්නෙත් නෑ. අන්තිමටම යන කෙනා කොහෙද යන්නෙ කියලා දන්නෙත් නෑ. මැද අය කොහෙද යන්නෙ කියලා දන්නෙත් නෑ. ඔන්න ඔහේ යනවා විතරයි" කියලා, ඒකත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම පැහැදිළිව කියල තියනවා.
    එතකොට ඒ යන ගමනේ අවසාන ප්‍රතිඵලය "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබලා උපදිනවා. නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නැහැ" කියලත් උන්වහන්සේම කියල තියනවා.

    පින්වත් මිනිසුනි, හොඳින් දැනගන්න, ඔයාලට කරන්න තියෙන්නේ තව තව පින් රැස්කර කර සංසාරෙ යන කතන්දරයක් නෙවෙයි!!!
    දැන් මේ ඔයාලට ධර්මය දැනගන්න පුළුවන් බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිල තියනවා. ඔයාලට තියෙන්නේ මේ ජීවිත වලින්ම ඔය සංසාර පැවැත්මවල් ඉවරයක් කරගන්නයි!!
    අන්න ඒ වෙනුවෙන් දැනගන්න අවශ්‍ය දේවල් දැනගන්න!! අන්න ඒ වෙනුවෙන් කරගන්න අවශ්‍ය දේවල් කරගන්න!! නැත්නම් ඔයාලට ගොඩාක් පසුතැවෙන්න වෙයි!!

    එතකොට පින්වත් මිනිසුනි ඒ තම තමන්ගේ ගැළවීම හදාගැනීම වෙනුවෙන් ඔයාලා දැනගතයුතු ධර්මය ('ධර්මය' = ස්වභාවධර්මය) මෙන්න මේකයි.
    ඔයාල, අනික් මිනිස්සු, තිරිසන් සත්තු, අනිකුත් සංසාරගත සත්වයන් හැමෝම 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින' {විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පවතින - විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පවතින} ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධිය නිසා හැදිල තියන පිරිසක් පමණයි.
    ඒ හැදිල තියන නිසයි අද ඔයාලට ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස කියන දුක් වේදනා ඔක්කොම. 'ගෝම පිණ්ඩූපම සුත්‍රය' කියන ඉතා වැදගත්ම වැදගත් බුද්ධ දේශණාවෙදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ කරුණු සේරම පැහැදිළිව කියල තියනවා.
    එතකොට උන්වහන්සේ විපස්සී බුදුරජාණන්වහන්සේ ඒ ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධිය ගැන දැනගත්ත විදියත් කියලා, හැම කාලෙදිම නැත්නම් සදහටම සංසාර පැවැත්මවල් කියන ඒවා සිද්ධවෙන්නේ ඒ ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධිය නිසා බවත් පැහැදිළිවම කියල තියනවා.

    පින්වත් මිනිසුනි ඔබට තියෙන්නේ ඒ 'වින් - නාම කතන්දර' මෙතනින් එහාට නො ඇදෙන්න, මෙතැනින්ම ඉවරයක් වෙන්න හදාගන්න විතරයි.
    ලොකුවට පේන්න තිබුණට මේ අපේ ඇඟවල් වල මොනවත් නෑ!! මේවා හැදිල තිබුණේ නැත්නම් අද ඔයාල - අපි ඇත්තෙත් නෑ!! එහෙනං කිසිම දුකක් වේදනාවකුත් නෑ.
    ඉතිං මෙතනින් එහාට තවත් එකක්වත් නොහැදෙන විදියට වැඩ කළාම 'අපි' නැත්නම් 'අපේ පැවැත්මවල්' නැතුව යනවා. එතකොට අපිට තව තව හැදුණොත් විඳින්න වෙන දුක් වේදනා ඔක්කොමත් නැතුව යනවා. අපේ දුක් සදහටම ඉවරවෙනවා. අන්න ඒ තමයි නිවණ. සදහටම දුකෙන් නිදහස්වෙන්න තියන එකම ක්‍රමය අන්න එච්චරයි.

    එතකොට පින්වත් මිනිසුනි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න".. "ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න".. කිය කියා කිව්වේ ඔයාල කවුරු කවුරුත් තම තමන්ගේ සංසාර පැවැත්මවල් නවත්වා ගැනීමට ඉස්සෙල්ලම කරන්න ඕනෙ දේ තමයි.
    ඒ ටික හරිම ලේසියි. ඔයාලගෙ සංසාර පැවැත්මවල් වලදි අතීතයේ වෙලා තියන දේ මං හොඳටම තෙරුම්කරල දීලා දැන් ගොඩක් කල්. තිංසමත්ත සුත්‍ර දේශණාවෙත් ඒ කාරණාව බොහෝම පැහැදිළිව කියල තියනවා.
    අපි කවුරුවත් මීටකලින් ඉපදිලා ඉඳල හෝ සංසාරෙ ඇවිල්ලා නෑ!! වෙලා තියෙන්නෙ අපි අම්මගෙ බඩේ හැදිල තියෙන්නේ අළුතෙන්ම තමයි. හැබැයි ඒ හැදෙද්දි පරණ මතකයන් තොගයකුත් අපේ ඔළුගෙඩි වලට පිටපත් වෙලා. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "කන්දානං පාතුභාවෝ" නැත්නම් 'පංච උපාදානස්කන්ධයක් පහළවෙලා' කියලා තෝරලා දුන්නේ අන්න ඒකයි. හැබැයි ඒ පංච උපාදානස්කන්ධය නැත්නම් සංසාර මතකය අපේ එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා අපි එක එක්කෙනාගෙ සංසාර පැවැත්මවල් වලදී මීට කලින් හැදිල ඉඳල තියන සත්වයන් හරහා 'රිලේ පොල්ලක්' වගේ ඇවිත් තියන එකක් විතරයි. ඒ ඇරෙන්න අපි කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ. දැන් ඇත්තටම තියෙන්නෙ හරියට 'අපිට අළුතෙන්ම හම්බවෙච්ච පොතක් දිගහැරල බලනකොට ඒකෙ මුළ හරියෙ ගොඩාක් දේවල් ලියලා' වගෙයි. හැබැයි ඒ අපි ලියපුවා නෙවෙයි!!

    ඉතිං අන්න ඒ වෙලා තියන දේ හරියටම දැනගෙන ඔයාලා කිසි සැක සංකාවක් නැතුව 'අපි සංසාරෙ ඇවිල්ල තියන අය! අපි මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන අය!' කියලා මුළාවෙලා ඉන්න මුළාවෙන් මිදෙන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියාපු ඔයගොල්ලො හැමෝම අනිවාර්යයෙන්ම කරගන්න ඕනෙ කොටස.
    අන්න ඊටපස්සෙ ඔයාලට තේරේවි අපිට තියෙන්නේ ඇස්දෙක තියනකම් පේන - කන්දෙක තියනකම් ඇහෙන - නහය තියනකම් ගඳ සුවඳ දැනෙන - දිව තියනකම් රස දැනෙන - ඇඟ තියනකම් පහස දැනෙන - මනස තියනකම් හිතෙන මතක්වෙන තාවකාලික කතන්දරයක් විතරයි බව!! අපි මැරෙනකොට ඒ ඔක්කොම කොහොමත් නැතුව යනවා. ඒක ස්වභාවික දෙයක්. ඔයගොල්ලො ඒ ගැන හිතන්න - දුක්වෙන්න - බයවෙන්න - කළබලවෙන්න මොකුත් එපා!! නිකම්ම නිකම් "මං තාවකාලික අනිත්‍ය කෙනෙක්. මං නැතිවෙලා යන කෙනෙක්." කියලා කිසි සැක සංකාවක් නැතුව හිත පිරෙන්නම දැනගෙන ඉන්න.
    'ධර්මය අවබෝධ කරගැනීම' හැටියට ඔය උදවිය හැමෝටම කරගන්න පුළුවන් උපරිමය එච්චරයි!!
    එතකොට ඒ උපරිම අවබෝධයෙන් ඉන්න අයට යම් වෙලාවක සුවිශේෂී අත්දැකීමකුත් ලැබෙනවා. හැබැයි ඒ අත්දැකීම ලැබෙන්නෙත් බාහිර බලපෑම් වල තීව්‍රතාවය යම් මට්ටමකට අඩුවුණොත් තමයි. ඒ නිසා කොයිවෙලේ ඒ අත්දැකීම ලැබෙයිද?? ලබන්න පුළුවන් වෙයිද?? කියන්න නම් බෑ. ඒත් මං කියල දෙන විදිටම කළොත් ඔයාලට අන්තිම මොහොතෙදි හරි ඒ අත්දැකීමත් ලබලා එහෙම්මම 'පහනක් නිවිල යනව වගේ' නිවිල යන්න ලැබෙයි.
    මට තේරෙණ විදියට මගේ අම්ම තාත්ත දෙන්නටම උනෙත් ඒ විදියට තමයි. අත්දැකීමත් ලබලා සුළු කාලයක්.. පැය ගාණක් - දවසක් වගේ ඇතුලත එයාලා පිරිණිවන්පෑවා.

    එතකොට ඔය උදවියට ඒ 'අවසානය' හිතන තරම් ලේසි නැත්තේ මේකයි.
    ඔහෙලගෙ - අපේ - අනික් සත්වයන්ගේ අවසානය තීරණය වෙන්නේ තනිකරම.. 99.99999999999999999999999999999999999% ම.. බාහිර බලපෑම් මතයි!! බුදුහාමුදුරුවෝ කිව්වේ 'විපාක දෙන්න තියන කර්ම නිසා ආයි ආයි උපදිනවා. ඒ කර්ම ඔක්කොම ක්‍ෂය උනාම නිවිල යනවා නැත්නම් පිරිණිවන්පානවා කියලයි.
    ඒත් ඔහෙල කාගෙවත් කර්ම කවදාවත් ක්‍ෂය වෙන්නේ නෑ!!! එහෙම ක්‍ෂය වෙන්න නම් ඔහෙලගෙ සංසාර පැවැත්මවල් වලදි අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සෙ හැදිල තියන සත්වයන්ගෙන් කෙරිල තියන පුරාණ කර්ම වලට සම්බන්ධ අනික් සංසාරගත සත්වයන් කවුරුවත්ම දැන් නැතිවෙන්න ඕනෙ!!! ඒත් ඒක වෙන්නෙ නැහැ නේ?? ඒ නිසා කවදාවත් නිකං ඉඳල.. අතහැරල ඉඳල.. නිවිල ඉඳල.. නම් පිරිණිවන් පාන්න බෑ!!!

    පිරිණිවන් පාන්න හදාගන්න පුළුවන් එකම ක්‍රමය තමයි විපාක දෙන්න තියන කර්ම ඔක්කොම කැපෙන්න.. ඒවයේ බලපෑම එහෙම්පිටින්ම නිශේධනය වෙන්න / neutralize වෙන්න.. පින් රැස්කරගන්න එක!! අන්න එතකොට ඒ කර්මවල බලපෑම යටපත්වෙලා යටපත්වෙලා නැතුව යනවා. නැත්නම් කර්ම ක්‍ෂය වෙනවා. ඉතිං පිරිණිවන් පාන්න ලැබෙනවා.

    ඒත් දැන් කාලෙ එහෙම තමන්ට තියන කර්ම විපාක ඔක්කොම කැපිල යන්න තරමට පින් රැස්කරගන්න නම් ඔහෙලට බැහැ. ඒකට කීසීම ක්‍රමයක් නැහැ. එකම එක ක්‍රමයක් විතරක් තියනව. ඒ තමයි අවිද්‍යාවෙන් එහෙම්පිටින්ම වැහිල හා වහල දාලා තිබුණු ලෝකයට සම්පූර්ණයෙන්ම ඇත්ත හෙළිදරව් කරන්න මට තිබුණු හැකියාව.. මගේ පුණ්‍යශක්තිය පාවිච්චි කරන එක!! හරියටම කිව්වොත් මෙච්චර හරියක් කරල ඔහෙල හැමෝටම ගැළවෙන්න පාර හදපු මගෙයි මාත් එක්ක ඉන්න දෙවි පිරිසගෙයි පුණ්‍ය ශක්තිය පාවිච්චි කරන එක!! මගේ අම්ම තාත්ත දෙන්න පිරිණිවන්පෑවෙත් ඒ අපේ පුණ්‍ය ශක්තියේ උපකාරයෙන් තමයි!!!
    ඒත් ඒක කියන්න ගිහිං මුළු ලෝකෙම අය මාව වැරදියට දැක්ක නිසා - වැරදියට තේරුම්ගත්ත නිසා තවත් ඒක ඕනෙම නෑ!!!! හැබැයි එතකොට ඔහෙල හොදටම අසරණ වෙනවා. ඒකට මට කරන්න දේකුත් නැහැ!!!
    ඔහෙලට ඔහෙලගෙ 'වන්දනීය පූජනීය මහා සංඝ රත්නය' කරවන දේවල් ඇත්තටම නම් පින් රැස්වෙන දේවල් නෙවෙයි!!!!

    එතකොට ධර්මය අවබෝධ කරගත්තට මහා පරිමාණයෙන් පින් රැස්කරගන්න විදියක් නැතුව අසරණ වෙන ඔහෙලට ගැළවෙන්නත් තව එකම එක ක්‍රමයක් තියනවා.
    ඒ තමයි "යස්ස පාපං කතං කම්මං - කුසලේන පීථියති - සෝ ඉමං ලෝකං පභාසේති - අබ්භා මුත්තෝච චන්දිමා" (යමෙක් කළ පව් ඔහුගේම කුසලයෙන් වැසේ ද, හේ වළාකුළෙන් බැහැර වූ සඳ මෙන් බබළන්නේ ය) කියලා බුදුහාමුදුරුවෝ කියල දීපු කාරණාව.
    ඒකට ඔහෙල මේ දැන් ඉඳල තමන්ගෙ නෑදෑයෝ - යාළුවො - අසල්වැසියෝ හැමෝටම පුළුවන් උපරිමයෙන් උදව් උපකාර කරන්න ගන්න. ගමේ මිනිස්සුන්ට - රටේ ලෝකෙ මිනිසුන්ට පවා උදව් උපකාර කරන්න පටන්ගන්න. මේ දැන් ඉඳලම පටන්ගන්න. කෑමෙන් - බීමෙන් - ඇඳුම් / බෙහෙත් / පොත්පත් / මුදල් හදල් වළින් එයාලට පුළුවන් උපරිමයෙන්ම සළකන්න. ලඟපාත ඉන්න තිරිසන් සත්තුන්ට, විශේෂයෙන් බල්ලො බළල්ලු වගේ ගෘහාශ්‍රිත තනියෙන් කෑම හොයාගන කන්න අමාරු සත්තුන්ට කන්න බොන්න දෙන්න. බෙහෙත් හේත් කරන්න. දිගටම කරන්න. මේ ජීවිතේ තියනකම්ම කරන්න. මේ ජීවිතයෙන් පස්සෙ හැදෙන ඒවයිදිත් ඒ විදියටම කරන්න. කවදහරි ඔයාට පිරිණිවන් පාන්න ලැබෙනකම්ම කරන්න ඕනෙ!!! කරන්නම වෙනව!!! (කරගන්න පුළුවන් වෙයිද නම් මං දන්නෙ නෑ!! අනික පව් නම් කරන්නම එපා පුතෝ. 'පව්' නැත්නම් වෙනත් සත්වයන් දුකට පීඩාවට පත්වෙන දේවල් කෙරුවොත් විනාසයි!!!!)

    ඔහෙල අන්න එහෙම කරගන කරගන යනකොට යන්න යන්න අතීතයේ වෙච්ච දේවල් වල බලපෑම දුර්වල වෙනවා. මොකද ඒ නෑදෑ - හිත මිතුරු - අසල්වැසිකම් පරණ වෙනවා. ඒ අතරෙ ඔයා අළුතෙන් හැදෙන හැදෙන නෑදෑ - යාලු - අසල්වැසි හැමෝටම කරන්නෙ හොඳ විතරයි. ළඟපාත ඉන්න තිරිසන් සත්තුන්ටත් ඔයා කරන්නෙ හොඳම විතරයි. අන්න එතකොට කාලෙකදි ඔයාගෙ 'පව්' වල බලපෑම යටපත්වෙලා ගිහිං 'පින්' වල බලපෑම වැඩිවෙනවා. ඔයා 'වලාකුළු වළින් වැහුණු චන්ද්‍රයා වලාකුළු වළින් මිදිලා මෝදුවෙනව වගේ' වෙනවා. ඒ කියන්නෙ ඔයාලගෙ භව නිරුද්ධ වෙලා ඔයාලට සදහටම දුකින් නිදහස්වෙලා පිරිණිවන් පාන්න ලැබෙනවා!!!

    ඒ ඇරෙන්න ඔයාල එක එක්කෙනාගෙ කතා අහල කියවලා වෙන වෙන විකල්ප ක්‍රියාමාර්ග වලට යොමුවෙන්න.. short cuts දාන්න යන්න.. උත්සාහ කරන්න එපා!!!! දැන් කාලෙ ඉන්න මහා සංඝරත්නය කියන දේවල් කරන්න යන්නත් එපා!!!!!!!!!! එහෙම උනොත් ඔයාලට මේ ක්‍ෂණ සම්පත්තිය අනිවාර්යයෙන් මඟ හැරෙනවා!!!! ආයි කවදාවත් දුකෙන් නිදහස්වෙලා පිරිණිවන්පාන්න අවස්ථාවක් වත් ලැබෙන එකක් නෑ!!!
    "මේක තමයි අවස්ථාව! මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!" කියලා බුදුහාමුදුරුවෝ ඒකත් පැහැදිළිවම කියල තියනවා!!!

    ඔබ හැමෝටම යහපතක්ම වේවා!!!
    මෙත් සිතින්.
    දමිත් කාරියවසම්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    දමිත් අයියේ. ඔයාට කොහොමද ? මම ඔයාගෙ ත්‍රෙඩ් එකකු නෑර මුල ඉඳන් අගට කියවපු කෙනෙක්. මටත් නිකන් දැන් ඔයා කියපු දේවල් හිතල බලද්දි මාත් රහත් වගේ. වෙලාවකට අහසෙ පාවෙනවා වගේ. එහෙම රහත් වෙලා පා වෙලා ගිහින් සිවිලිමේ ඔළුවත් වැදුණා දවසක්.
     
    • Haha
    Reactions: Sallaalaemathi

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ කතරගම යාචක පර්‍යේෂකයින් ගිහින් පරීක්ෂණයක් කරලා. එක යාචක පරීක්ෂකයෙක් පැයට 4000හොයලා. කොහොමද වැඩේ. අන්න බිස්නස් ගොඩයනවා නම්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    පාළු ළඳේ මම තනියම නානවිට..
    කෙට්ටු ළඳක් ආවා දිය නාන්නට..
    කෙට්ටු ළඳගෙ දිය රෙද්ද කැඩුණු විට..
    ගරා යකා නටනව මගෙ සරම යට..

    @Damith Kariyawasam
     
    • Haha
    Reactions: Clockwork

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පින්වත් මිනිසුණි, කරුණාකර ඔබේ වටිනා කාලයෙන් බිඳක් මෙම ළිපිය කියවීමට වැයකරන්න!
    මගේ සියළු ඥාති හිතවතුණුත්, මාව දන්න නොදන්නා අසල්වැසි සියළු දෙනාත්, D.S.Senanayake විදුහලේ හිත මිතුරණුත් - ගුරුමණ්ඩලයේ සැමත්, ලෝකවාසී මාව දන්න නොදන්නා - මට හිතවත් අහිතවත් සියළු දෙනාමත්, කරුණාකර මෙම ළිපිය උවමණාවෙන් කියවන්න!

    පින්වත් ඔබ සියළු දෙනා ඔබලාගේ ජීවිත පිටුපසින් සිදුවෙලා තියන මහා භයානක දුක්ඛිත සත්‍ය අතීත කතාව අසා - කියවා දැනගැනීමට අවස්ථාවක් ලද අය නෙවෙයි!!!
    ඔබ බොහෝ පිරිසක් ඔබලාගේ මීට කළින් ජීවිත හතර අපායේ වැටී අනන්ත අප්‍රමාණ දුක් විඳ ඇති බව.. හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - etc. ලෙස ඉපිද මැරුම් කකා අනන්ත අප්‍රමාණ දුක් විඳ ඇති බව.. දන්නේ නෑ!!
    ඔබට මේ ලැබී තියෙන්නේ බොහෝම දුර්ලභ වාසනාවන්ත මනුස්ස ජීවිතයක්.. ඔබට මේ අවස්ථාව ලැබිල තියෙන්නේ සසර දුකින් සදහටම නිදහස් වීමටයි.. ඔබට එය හරි ආකාරව කරගන්න බැරිවුණොත් ඔබ නැවතත් අන්ත අසරණ වෙනවා.. නැවත හතර අපායේ වැටෙමින් - තිරිසන් සතුන් හැටියටත් ඉපිද මැරුම් කමින් අනන්ත අප්‍රමාණ දුක් විඳීමට සිද්ධවෙනවා.. ඔබට ගැළවීමට තව අවස්ථාවක් වත් ලැබෙන්නේ නෑ.. කියන බව දන්නෙත් නෑ!!
    ඔබව මුළා කිරීමට ලෝකෙ පුරා පතුරුවා තිබෙන පින් කර කර තමන්ට රිසි සේ සසර සැරි සැරිය හැකි බව - රිසි සේ දෙවි මිනිස් සැප ලැබිය හැකි බව අමු බොරුවක්.. සත්වයන් සුගතිගාමී වෙන්නේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාල වල විතරයි.. ඒ නැති කාල වල වෙන්නේ මැරෙන මැරෙන සත්වයන් දුගති ගාමී වීම විතරයි.. ඒ බව පැහැදිළිවම දන්න බුදුහාමුදුරුවෝ කිව්වේ "ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!" කියලයි.. බව දන්නෙත් නෑ!!
    ඒ වගේම දේව සංකල්ප සියල්ල බොරු බව.. ඔබව බේරාගැනීමට හැකි සර්වබලධාරී දෙවි වරුන් කවුරුවත් මේ විශ්වයේ නැති බව.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ බව දන්නේ තමන්වහන්සේගේම අතීත ජීවිත වල කළ දේව ඇදහිලි වළින් කිසි පලක් ප්‍රයෝජනයක් නොවූ නිසයි බව.. ඒ දන්නෙත් නෑ!!
    පින්වත් ඔබ බොහෝ පිරිසක් ඉන්නේ තම තමන්ගේ ජීවිත ගැන ලොකු මුළාවකයි!!!

    පින්වත් මිනිසුණි ඔන්න ඔතනදි මම එහෙම්පිටින්ම වෙනස් කෙනෙක් උනේ මට ඔය සත්‍ය කතන්දර නොහොත් පිරිසුදු සත්‍ය ශ්‍රී සද්ධර්මය අහන්න කියවන්න ලැබුණු නිසයි!!!
    මට මගේ ජීවිතයට තියන අණතුර අවබෝධවී එයින් ගැළවීමට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු විදියටම දේශණා අහල කියවලා ධාරණය කරගෙන.. කටපාඩමින් පුහුණු කරමින්.. ණුවනින් කල්පණා කරමින්.. ඒ ධර්මය තේරුම් ගැනීමට දරපු උත්සාහයේදී කරුණු සියල්ල පිරිසිඳ අවබෝධ වී මා ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක් හැටියට අරහත්වයටම පත්වෙච්ච නිසයි!!!
    මාගේ ජීවිතය ධර්මාවබෝධයටම සකස්වෙලා තිබුණු එකක් බැවින් මට බැලූ බැල්මටම ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාව එහෙම්පිටින්ම වැටහී ඔබ ඇතුළු මුළු මනුස්ස සංහතියටම වෙන්න යන දේ දැනිච්ච - පෙනිච්ච නිසයි!!!

    පින්වත් මිනිසුණි එතැන් සිට මට ඔබ කිසිවෙකුට නැවත මේ සංසාර පැවැත්මේ අසරණ වීමට ඉඩ හැර බලං සිටීමට සිතුණේ නෑ!!! එතැන් සිට මා ඔබ සැමදෙනාටම නිවැරදිව ධර්මාවබෝධය ලබාදීමට පෙළඹුණේ ඉබේමයි!! මගේ එකම උත්සාහය උනේ "අනන්තයකින් කෙනෙක් හැරෙන්න වෙන කවුරුවත් නිවැරදිව ධර්මය අවබෝධ කරගන්නේ නෑ!" කියලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම දේශණා කළ 'ධර්මය' නොහොත් 'ස්වභාවධර්මයේ සත්‍ය සංසාර කතන්දරය' ඔබට කියා දීමටයි!! ඒ එම සත්‍යය කතාව ඔබ සියළු දෙනාත් ඒ ළෙසටම දැනගන හිටියොත් එයින් ඔබලාට ඉදිරියේදී මහා ආරක්ෂාවක් ලැබෙන බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නා නිසයි!! ඉතිං මම ධර්මයට නොගැළපෙන විලාශයකින් උනත් මට පුළුවන් උපරිමයෙන් ඒ ස්වභාවධර්මයේ ඇත්ත කතාව ලියාගෙන ලියාගෙන ආවා!!!

    හැබැයි පින්වත් මිනිසුණි මං එහෙම හැමදෙනාගෙම යහපත වෙනුවෙන් කටයුතු කිරීමෙන් මට මගේ පුද්ගලික ජීවිතය එහෙම්පිටින්ම වැරදුණා!!! මූළික වශයෙන් මං වැඩකරන - මට ධර්මය ලැබුණු තැන, Delvon Computers (Pvt) Ltd. වහල දැම්මට පස්සෙත් මං 'ලියන වැඩේට උවමණා නිසා' එතනම රැඳීච්ච එකෙන් මට රැකියාවෙන් කිසිම දියුණුවක් ලැබුණේ නෑ!! අදටත් මගේ පඩිය රුපියල් 42,000/= යි. දැන් කාලෙ ඒකෙන් දරු පවුලකුත් නඩත්තු කරගන ජීවත්වෙන්න තියා හිතන්නවත් බෑ!! ඊළඟට මං ධර්ම මාතෘකාවම අල්ලගෙන බදාගෙන ඒකෙම deep ගිහිං ගිහිං හැමදේම අල්ලගත්තා මිසක් අළුත් දේවල් ඉගෙන ගත්තේ වත්.. දියුණුවක් ගැන හිතුවේ වත්.. නැති එකෙන් දැන් මං ගොඩාක් outdated. දැන් මගේ දැණුමින් - හැකියාවෙන් මට හුරු පුරුදු Electronic repair වැඩ කරලා හම්බකරන්නත් බෑ!! ඇඟපත වෙහෙසලා කරන රැකියා මට කරන්නත් බෑ. ඒ නිසා දැන් මං පට්ට අසරණයි!!
    ඊට අමතරව පඩිය මදි නිසා අමතර මුදල් අවශ්‍යතා හැම එකකටම ණයවෙවී - ඒ ණය ගෙවන්න තව තව ණයවෙවී ආව ගමනෙදි ණය වෙලා ණය වෙලා, අන්තිමේ සල්ලි හම්බකරන්න හිතාගෙන සල්ලි දාලා internet එකේ scam projects කිහිපයකටත් අහුවෙලා තවත් ණයවෙලා, දැන් මං ලක්ෂ 50 - 55ක් විතරම ණයයි!!
    ඉතිං පින්වත් මිනිසුණි මේ වෙද්දි මං ඉන්නේ ඔබලාගේ උදව් උපකාර අත්‍යවශ්‍ය තත්වයකයි!!!
    අන්න ඒ නිසා පින්වත් මිනිසුණි, මං අවංකවම අනික් අය වෙණුවෙන් දෙයක් කරපු - කරන්න හදපු කෙනෙක් නිසා, කරුණා කරලා මගේ පිහිටට එන්න!!! මට උදව් කරන්න!!! ඔබ අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි වළින් මටත් මාස්පතා රුපියල් 500ක් - 1000ක් - 2000ක් ~ පරිත්‍යාග කළොත් මටත් බය නැතුව අනාගතයක් ගැන හිතන්න.. අනාගතයට මුහුණ දෙන්න.. පුළුවන්!!!

    එතකොට පින්වත් මිනිසුණි මං මේ එළිදරව් කරන ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතන්දරයේදී පින්වත් ඔබ සියලුදෙනා මට වඩා ගොඩාක් අසරණ බව ඉතා හොඳින් දැනගන්න!!! 😲
    මේක මේ මං මගේ ලොකු කමකට කියන දෙයක් වත්.. ඔබලාව බය කරලා - බයට පත්කරලා කොහොමහරි කරලා මට සල්ලි ලබාගන්න කියන දෙයක් වත්.. නෙවෙයි!!! !!! !!! ඒ ඇවිල්ලා ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණය නැති කාල වල උපදින සියළුම මනුෂ්‍යයන්ගේ උරුමයයි!!! !!! !!!
    අන්න එතනදි මං මෙහෙම කිසීම පැකිළීමක් - ලැජ්ජාවක් - බයක් - සැකක් නැතුව ඔබලාගෙන් උදව් ඉල්ලන්නේ ලෝක ධර්මතාවයට අනුව මේ නිර්මාණය වෙලා තියන්නේ "ඔබලා මට උපකාර කළොත් විතරක් මට රැකෙන්න පුළුවන්!! ඔබලා එහෙම උපකාර කරලා මගේ ප්‍රති උපකාරය (පින්) ලබා ගත්තොත් විතරක් ඔබලාටත් රැකෙන්න පුළුවන්!!" තත්වයක් නිසයි!!! !!! !!!

    ඉන්න මං පැහැදිළි කරන්නම්...
    මම දැන් මේ ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතන්දරය පරතෙරටම දන්න කෙනෙක්!!! හැබැයි මාත් මුළින් පටන්ගත්තේ නම් අවිද්‍යාව නැතිවෙන්න විද්‍යාව පහළවෙච්ච සැණින් (ඇත්ත කතාව දැනගත්ත සැණින්) ඔක්කොම ප්‍රශ්ණ ඉවරවෙලා හැමෝටම පිරිණිවන් පාන්න හම්බවෙයි කියලා තමයි. 😂 ඒ කාලෙ මාත් කිව්වේ ඔක්කොම හිතිං අතහැරල දාලා නිකං හිටියම ඔය උදවියට සදහටම සංසාර දුකෙන් නිදහස් වෙලා පිරිණිවන් පාන්න පුලුවන් කියලා තමයි. 😅
    ඒත් ඊළඟට මට කර්ම - කර්ම විපාක කතන්දරය අහුවෙච්ච සැණින් ඒ විදියට පිරිණිවන් පාන්න නොලැබෙන බව ප්‍රත්‍යක්ෂ උනා. මොකද කර්ම - කර්ම විපාක තියන තාක් නිවණ වැහෙනවා!!! ඒ වගේම 'කර්ම විපාක තියනකම් පිරිණිවන් පාන්නත් බෑ!! පිරිණිවන් පානකම් කර්ම - කර්ම විපාක ඉවරයක් වෙන්නෙත් නෑ!!' කියන loop එක නිසා කාට කාටත් පිරිණිවන් පාන්න වෙන්නේ තම තමන්ට තියන කර්ම ඔක්කොම defeat වෙන්න - කර්ම විපාක වල බලපෑම එහෙම්පිටින් neutralize වෙන්නම පින් රැස්කර ගත්තොත් විතරයි!!! !!! !!! මං ඒකත් කියල දුන්නා.
    ඊළඟට මට කර්ම - කර්ම විපාක වලටත් අන්තයි සංසාර අණතුර බව තේරුණාට පස්සේ ඔහෙල ඔක්කොම 'ගහගෙන ගිහිං' අපාගත වෙන බව මං කිව්වා. ඒ මොකද කියනවා නම් දැන් කාටවත් සංසාර අණතුරත් එක්ක ඔට්ටුවෙන්න - සංසාර අණතුර ඉක්මවන්න තරමට පින් රැස්කරගන්න විදියක් නැති නිසා!!!

    ඉතිං පින්වත් මිනිසුණි, දැන් තවත් වාද කරන්න මොකුත් නෑ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ සීලයටයි - ඉන්ද්‍රිය සංවරයටයි ලොකු තැනක් දීල තියෙන්නේ කෙනෙක් ඒ උපදෙස් ඒ විදියටම පිළිපැද්දොත් එයා පුරාණ කර්මවළින් නිදහස්වෙලා 'හරියට' සෝවාන් / සෝතාපන්න කෙනෙක් නොවුණට ප්‍රශ්ණයක් නෑ!! එයා දිට්ඨිසම්පන්න කෙනෙක් නොවුණට ප්‍රශ්ණයක් නෑ!! භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවකයෙක් - ශ්‍රාවිකාවක් උනායින් පස්සේ ඒ කෙනා පස් පව් - දස අකුසල් වළින් වැළකුණ කෙනෙක් නිසා උන්වහන්සේට ඒ කෙනාගේ පුරාණ කර්ම වල බලපෑම neutralize / නිශේදනය කරන්න පුළුවන් නිසයි!!! ඒ ඇරෙන්න මේ සංසාර කතාවේ කොහෙවත් දැණුමට - අවබෝධයට - සීලයට - ඉන්ද්‍රිය සංවරයට - හැදියාවට - සද්ගුණවත් කම් වලට තැනක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක තනිකරම ශක්ති කතාවක්!!! !!! !!!

    අන්තිමටම පින්වත් මිනිසුණි ඔය සිද්ධිය නිසා මාත් අවුළෙන් අවුලට පත්වෙලා ඉන්දැද්දි අහම්බෙන් වගේ මට වේළාම සුත්‍රයෙන් 'මගේ සුවිශේෂීත්වය' check උනා!! 😌 ඒ සුවිශේෂීත්වය පාවිච්චි කරලා ඔය උදවිය හැමෝමත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මට සළකලා පින් රැස්කර ගත්තොත් ඒ උදවියට අවුළක් නැතුව පිරිණිවන් පාන්න පුළුවන් වෙන බව තේරුණා!!! ඒකත් මං ප්‍රසිද්ධියේ කිව්වා. එච්චරයි.
    පින්වත් මිනිසුණි ඔබලා මේවා පිළිගත්තෙ - විශ්වාස කළේ නැතුවට.. නැත්නම් ඒවා නුහුරට / හරහට ගත්තට.. (මං මුදුනා වෙන්න හදනව!! මං ලොක්කා වෙන්න හදනව!! කියල තේරුම් ගත්තට) නම් මට කරන්න දෙයක් නෑ!!! !!! !!!

    ඉතිං පින්වත් මිනිසුණි, හොඳින් මතකතියා ගන්න. මට ඔහෙල සාමාන්‍ය මිනිස්සු කාටවත්ම නැති අප්‍රමාණ පුණ්‍යශක්තියක් උපතින් ලැබිල තියනවා!!! !!! !!! ඒ හන්ද තමයි මේ සේරම!!! ලෝක ධර්මතාවයට අනුව ඒ මට උපතින් ලැබිල තියන තත්වය නිසා මට සතුටින් - සැනසිල්ලෙන් ජීවත්වෙන්න තියනවා නම් ඒක ඔහෙල හැමෝටමත් හොඳයි!!! දුකින් - කළකිරීමෙන් නම් මගේ ජීවිතය ගතවෙන්නේ ඒක ඔහෙල හැමෝටම නරකයි!!! ඔන්න ඔය සරළ සත්‍ය දැනට මතක තියාගන්න. ඉතුරුවා පස්සෙ තේරෙයි!!! මං මේ ආර්ථික ප්‍රශ්ණයට මැදිවෙලා අසරණ වෙච්ච එකෙන් සෑහෙන කාලයක් අපතේ ගියා. 😥 දැන් මං තවම ලියන්න බැරිවෙච්ච දේවල් ලියල publish කරන්න පටන්ගන්නවා. දැන්වත් ඔහෙල හැමෝම මගේ උදව්වට උපකාරයට එන්න!!! !!! !!! එතකොට හැම දෙයක්ම හොඳින් සිද්ධවෙයි!!! !!! !!!

    මට උදව් කරන්න මෙන්න මේ bank accounts පාවිච්චි කරන්න.
    Name: M.G.D.P.Kariyawasam
    Hatton National Bank - Rajagiriya Branch: 036020049789
    National Savings Bank - Baththaramulla Branch: 100800137669
    Nations Trust Bank - Kohuwala Branch: 504039002050
    Sampath Bank - Pitakotte Branch: 109154755880