FB-විත්ති

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදේ ඉදං රෑ වෙනකං වෝල් එකේ සැරිසරන්න...
    ආසයි මං මොනවා නැතත් ඒකෙ එහා මෙහා යන්න...
    ඉදලා හිටලා දකින ජෝඩු වලට ලයික් ඇඩ් කරන්න...
    ඒ කරනා මහගු ‍පිනෙන් හැකිද මටත් නිවං යන්න...

    සමහරු බෝතල් කඩලා රෑට රෑට සෙට් වෙන්නේ...
    ලොව පරසිදු හොදම බොටා තමයි වෝල් පුරවන්නේ...
    පහුවදාට ඔපිසියේ මටත් උංව හමුවෙන්නේ.....
    ගල් ගදමයි පැතිරෙන්නේ මොනවද මන්දා බොන්නේ.....

    ඩබ්ස්මෑශ් සෙල්ෆි රැපක් චැලෙන්ජ් එකක් ප්ලේ කරන්න...
    නෝන්ඩියට කිංඩි දාන නංගිලාව ටැග් කරන්න....
    උගත් වියත් ප්‍රබුද්ධ බන අහලා හොරෙං හිනාවෙන්න....
    සායම් හේදිලා ගියත් රෝල් එකේ ඇට් කරන්න...

    දිනුවෙ කව්ද පැරදුනාද ඡන්ද පෝස්ට් ඇති වෙලාද...
    බුකියෙ තියෙන කැන්වසියට ඡන්ද හිමියො ඇඩ් වෙලාද..
    ටොයියො බයියො මරා ගද්දි පාර්ලිමන්ට් කික් වෙලාද...
    විජාතිකේ බලවේගේ යහපාලනෙ හිරවෙලාද....

    දුක හිතිලා කදුළු පනින ෆොටෝ එකක් ඇඩ් වෙලාද..
    එහෙට මෙහෙට ශෙයා වෙලා ඒක දසත පැතිරිලාද...
    වෝල් එකේ හැම තිස්සෙම දැකලා දැකලා ඇති වෙලාද....
    ලයික් දාලා කමෙන්ට් කරලා මානසිකව ඇල වෙලාද....

    කොන්ද ඇදයි දනිහ කොටයි නංගි හරිම පොශ් පාටයි...
    සෙල්ෆි පොටෝ දාන තරම් ඇගෙ රූපේ බොහොම අගෙයි...
    ආදරබර ටෝක් වලිං වෝල් එකේ පැනියො පිරෙයි...
    මේකප් ටිං එකේ බලේ කොයි කාටත් හෙට තේරෙයි...

    සුජියගෙ නෝනා හිටගෙන ජාතිය ඇමතුවා වගෙයි...
    ඒක කොල්ලො ෆෝන් වලිං තිස්සෙ දෙවේලේම අසයි...
    අපිට මොකෑ පවුල් ප්‍රශ්න කවුරුත් කිව්වේ එහෙමයි...
    හැමිනෙනවා කිව්ව ගමං කාගෙත් ඇස් එතන තමයි...

    පූල් ගහමු කැන්ඩි ගහමු රික්වෙස්ට් නං බෝම ගොඩයි..
    සමහර නංගිලාව නං ජීවිතේට දැකලා නැතෙයි.....
    හායි කිව්ව ගමං එයා Off line හරි නරකයි.....
    මාත් මොකෑ සෙකන්ඩ් වෙන්නෙ ගේම් එපා මං තරහයි...

    කාලෙං කාලෙට ලෝකේ එහෙට මෙහෙට කැරකෙනවා....
    සකරබර්ග් ලොකු නූලක් අනේ අපිට පන්නනවා.....
    ඉනාව කාලා වාගෙයි අපිත් හැල්මෙ එළවනවා...
    හතේ හතම වැදිලා ගියත් අපිත් Facebook එනවා....


    AivspoiCEAADu_u.jpg
     
    Last edited: