FB block කරේ_මේකයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    88/89 වකවානුවේදී අපේ ගමටම තිබුණේ අපේ ගෙදර රූපවාහිනිය පමණි.. එනිසා මුළු ගම්මානයේම ජනතාව සීයක් පමණ රාත්‍රී 7 ට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීම උදෙසා අනිවාර්යයෙන්ම අප නිවසට පැමිණෙයි.

    දිනක් ප්‍රවෘත්ති විකාශය අතරතුරදී "නන්නාදුනන පිරිසක් විසින් පොළොන්නරුව නගරය අසළ අතුරු මාවතක තරුණයින් දෙදෙනෙකු ටයර් වල දමා පුළුස්සා ඇත" යනුවෙන් ඇසුණි. එවෙලෙහි සියල්ලෝම කලබල වූහ.

    "මගේ හිච්චි පුතා කෝ..." යනුවෙන් පැමිණ සිටි ගෑණු කෙනෙක් විලාප තැබුවාය... "අනේ මගේ වස්තුවේ... ඔයා නැතිව මට බැරියෝ" යනුවෙන් තවත් තරුණ ගැහැණු කටහඬක් ළයෙහි අත් ගසා ගන්නවා ඇසුණි.

    කවදත් ප්‍රශ්න විසඳන්න උපන් හපන් කම ඇති අපේ තාත්තා උගුර පාදා සියල්ලන්ටම ඇහෙන්න.. "හා හා කලබල වෙන්න එපා ඔය ප්‍රශ්නෙ මම විසඳන්නම්" යනුවෙන් පැවසුවේය.. සියල්ලෝම සිය දෑස් නළලේ තබා තාත්තා දෙස බැලූහ.

    වහා අසුනින් නැගිටින තාත්තා ක්ෂණයකින් ඒ වෙලාවත් ප්‍රවෘත්ති විකාශය වෙන රූපවාහිනිය නිවා දමා ජයග්‍රාහී ලීලාවකින් පවසන්නේ "ඔන්න ප්‍රශ්නෙ විසඳුවා, දැන් ගෙදර පලයල්ලා" යනුවෙනි.

    ඒ තමයි අපේ තාත්තා.

    - චතුරිකා සිරිසේනගේ ජනාධිපති තාත්තා කෘතියෙනි, පි‍ටුව 457
    සටහන: ආචාර්ය මීවණපළානේ ජයරත්න
     
    • Like
    Reactions: HypermaD2

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    :lol: කවුරුහරි කියහල්ලකො ඔය පොතේ තියෙන අසාමාන්‍ය ප්‍රශ්න විසදන ඒව.
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මෙම ක්‍රියාව පිළිබද මා කිසිසේත් පුදුමවන්නේ නැත ඒ මන්ද යත් සිරිසේන වැනි නුගත් ලින් මඩියකු මෙයිට වඩා දෙයක් අපට බලාපොරොත්තු විය හැකිද? මේ මෝඩ පාලකයා කරන්නේ බඩ රිදීගෙන එනකොටම පුකට පොල්මුඩ්ඩ ගැසීමයි. සමාජ මාද්‍ය තුලින් වැරදි ප්‍රචාර කරනවුන්ට විරුද්දව නිතිමය ක්‍රියාමාර්ග ගන්නවා විනා ඒවා නතර කිරිම යනු බඩේ අමාරුවට පොල්මුඩු ගැසිමකි.
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මෙම ක්‍රියාව පිළිබද මා කිසිසේත් පුදුමවන්නේ නැත ඒ මන්ද යත් සිරිසේන වැනි නුගත් ලින් මඩියකු මෙයිට වඩා දෙයක් අපට බලාපොරොත්තු විය හැකිද? මේ මෝඩ පාලකයා කරන්නේ බඩ රිදීගෙන එනකොටම පුකට පොල්මුඩ්ඩ ගැසීමයි. සමාජ මාද්‍ය තුලින් වැරදි ප්‍රචාර කරනවුන්ට විරුද්දව නිතිමය ක්‍රියාමාර්ග ගන්නවා විනා ඒවා නතර කිරිම යනු බඩේ අමාරුවට පොල්මුඩු ගැසිමකි.

    :yes::yes: