88/89 වකවානුවේදී අපේ ගමටම තිබුණේ අපේ ගෙදර රූපවාහිනිය පමණි.. එනිසා මුළු ගම්මානයේම ජනතාව සීයක් පමණ රාත්රී 7 ට ස්වාධීන රූපවාහිනී ප්රවෘත්ති නැරඹීම උදෙසා අනිවාර්යයෙන්ම අප නිවසට පැමිණෙයි.
දිනක් ප්රවෘත්ති විකාශය අතරතුරදී "නන්නාදුනන පිරිසක් විසින් පොළොන්නරුව නගරය අසළ අතුරු මාවතක තරුණයින් දෙදෙනෙකු ටයර් වල දමා පුළුස්සා ඇත" යනුවෙන් ඇසුණි. එවෙලෙහි සියල්ලෝම කලබල වූහ.
"මගේ හිච්චි පුතා කෝ..." යනුවෙන් පැමිණ සිටි ගෑණු කෙනෙක් විලාප තැබුවාය... "අනේ මගේ වස්තුවේ... ඔයා නැතිව මට බැරියෝ" යනුවෙන් තවත් තරුණ ගැහැණු කටහඬක් ළයෙහි අත් ගසා ගන්නවා ඇසුණි.
කවදත් ප්රශ්න විසඳන්න උපන් හපන් කම ඇති අපේ තාත්තා උගුර පාදා සියල්ලන්ටම ඇහෙන්න.. "හා හා කලබල වෙන්න එපා ඔය ප්රශ්නෙ මම විසඳන්නම්" යනුවෙන් පැවසුවේය.. සියල්ලෝම සිය දෑස් නළලේ තබා තාත්තා දෙස බැලූහ.
වහා අසුනින් නැගිටින තාත්තා ක්ෂණයකින් ඒ වෙලාවත් ප්රවෘත්ති විකාශය වෙන රූපවාහිනිය නිවා දමා ජයග්රාහී ලීලාවකින් පවසන්නේ "ඔන්න ප්රශ්නෙ විසඳුවා, දැන් ගෙදර පලයල්ලා" යනුවෙනි.
ඒ තමයි අපේ තාත්තා.
- චතුරිකා සිරිසේනගේ ජනාධිපති තාත්තා කෘතියෙනි, පිටුව 457
සටහන: ආචාර්ය මීවණපළානේ ජයරත්න