අපි මාලිමාවට ජන්දේ දුන්නේ මෙව්වා බලන්න නෙමේ පරයෝ.. @Bitter Truthමේ මාසේ ඉඳන් FDවලට හම්බෙන පොලියට WHT 10% කළානේ මචන්ලා. ඉතින් ඒ අනුහසින් අම්මගේ FD එකේ පොලියත් තව අඩු වෙලා තියෙනවා. ඒත් මාසික ආදායම 150,000ට වැඩි උන්ගෙන් තමා ඔය අමතර 5%ක WHT එක කපනවා කිව්වේ. ඉතින් අපේ අම්මට එහෙම ආදායමක් නෑ. ඔය හම්බෙන පොලිය විතරයි. ඉතින් ඕක ආයේ 5%කට විතරක් කැපෙන විදිහට හදාගන්නේ කොහොමද? Inland revenue එකට ස්ටේට්මන්ට් එකක් දීලා ලිපියක් යවන්න ඕනද? නැත්තම් බැංකුවෙන් වැඩේ කරගත්තහැකිද උන්ගේ ෆෝම් පුරවලා? කරගත්තු උන් ඇතිනේ ඒකයි අහන්න හිතුනේ. අපෙන් මෙහෙම කපලා හරි කමක් නෑ අස්වැසුම තවත් පවුල් ලක්ෂ 4කට දෙනවලුනේ. ඒ ඇති.