Feature Phones, Smart Phones සහ Kai OS කායි මෙහෙයුම් පද්ධතිය.

vectorizer

Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Feature Phones, Smart Phones සහ Kai OS කායි මෙහෙයුම් පද්ධතිය.

    Smart Phone එකක් නැතිව ජීවත් වෙන්න බැරි තරමටම ජංගම දුරකථන අපට සමීප වෙලා. සමහර වැඩිහිටියන් හැර බොහොම කිහිප දෙනෙක් තමයි තමන් ගේ අතේ ජංගම දුරකථනයක් වත් නැතිව අපට දකින්න ලැබෙන්නේ. වර්තමාන සමාජයේ බොහොම දෙනෙක් හැම වෙලාවකම වගේ ජාලගත වෙලා එහෙමත් නැත්නම් connected තත්වයක තමයි දකින්න ලැබෙන්නේ. ඒ බොහොමයත් තමන්ගේ වැඩ පහසුවෙන් කරගන්න පුලුවන් කම නිසාත් අතේ දුරින් තියන නිසා රස්තියාදුව අවම වෙන නිසාත් වගේ බොහෝමයක් කාරණා නිසා.

    url


    මේ ජංගම දුරකථන වලින් ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා අපට අවශ්‍ය සේවාවන් සහ කාර්යයන් ඉතා පහසුවෙන් ඉටු කරගන්න පුලුවන්. Smart Phone කාණ්ඩයට වැටෙන බොහොමයක් දුරකතන වලින් මේ දේ ඉටුවෙනවා. ඔයාලට මතකද ජංගම දුරකථන හදුන්වල දුන්න කාලේ ආපු ගඩොල් බාග සයිස් දුරකථන ටිකෙන් ටික ප්‍රමාණයෙන් අඩු වෙලා සිහින් වෙලා ගිහින් Smart Phone හදුන්වාදීමෙන් පස්සේ ආයෙත් විශාල වෙන්න ගත්තා. දැනට සාමාන්‍යයෙන් smart phone එකක් අගල් 6 වගේ තිර ප්‍රමාණයකින් සමන්විත වෙනවා.

    Mobile-handheld-phone-examples-through-all-the-generations.png


    කාලය ගතවීමත් එක්ක smart phone වලට කලින් ආපු feature phones වල වෙලදපොල ඉල්ලුම ශීඝ්‍රයෙන් පහලට බැස්සා. Feature phone කිවිවම පැහැදිලි නැත්නම් Nokia 3310 කිව්වම හැමෝම දන්නවා මොනව ගැනද මේ කථා කරන්නේ කියලා. Feature phones පොඩියි, එක අතකින් පරිහරණය කරන්න බොහොම පහසුයි, අවශ්‍ය මූලික දුරකථන පහසුකම්, පණිවුඩ පහසුකම් ඇතුලත්. එක ආරෝපණයකින් බැටරිය සතියක් වත් පරිහරණය කරන්න පුලුවන්. මේවා මුලින් ආවේ කලු සුදු අගල් එකහමාරේ දෙකේ තිර එක්ක. පස්සේ ඒක වර්ණ දෙකක් වුණා. බොහොම ටික කාලයක් ඇතුලත වර්ණ තිරයක්, කැමරාවක් එක්කම මේ දුරකථන බොහොම ජනප්‍රිය වුනා. එත් ඒ smart phones එන්න කලින්. Smart phone ආගමනයත් එක්ක මතකයෙන් ඈත් වුණු මේ දුරකතන දැන් ආයෙත් කරලියට ඇවිත්.....
    හැබැයි තරග කරන්න නම් නෙමෙයි....

    f1d868663a6fdd90507eae107a225266c1aff1d9.jpg


    වර්තමානය වෙද්දී feature phone බොහොම දෙනෙක් ගෙන් ඈත් වෙන්න හේතුව මේ දුරකථන වර්තමානයට ගැලපෙන අයුරින් සකසා නොතිබීමයි. මේක වුනේ බොහොමයක් feature phone වල OS එක එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය හරිහැටි සකසා නොතිබීමයි. Feature phone හදුන්වා දුන් කාලේ ආපු නොකියා මෙහෙයුම් පද්ධතිය, symbian OS එක, බොහොමයක්ම අපේ වැඩ පහසු කරත් කාලයත් එක්ක අභාවයට ගියා. ඒ කාලේ තිබුණු advanced phone වල තිබුනු blackberry OS, Windows mobile, Palm OS, Meego, WebOS දැන් ආගිය අතක් නෑ. ඒ සියල්ලට ඉහලින් දැන් Applo iOS සහ Android OS සියල්ල ආක්‍රමණය කරල බව හැමෝම දන්නවා.

    os.jpg


    ඒ කොහොම වුණත් feature phone වෙලදපොල නැති වුනේ නැහැ. තවමත් Chinese mobile makers ල පවා feature phone නිපදවනවා. ඒ දවස් වල අතිශය ජනප්‍රිය වෙච්චි Nokia සමාගම HMD Global නම් Chinese සමාගමක් මිලයට ගත්තා. ඒ හරහා ඔවුන් වැඩි දියුණු කල Android OS එකක් සහිත Nokia smart phone විශාල ප්‍රමාණයකුත් සමගාමීව අතීතයේ අතිශය ජනප්‍රිය වුනු feature phones කිහිපයක් වර්තමාන වෙලදපොලට සහ තාක්ෂණයට ගැලපෙන අන්දමට ප්‍රති නිමැවුමක් (remake) කරලා නිකුත් කලා. Nokia 3310 හොද උදාහරණයක්. පහුගිය අවුරුද්දේ මුල, ඒ කිව්වේ 2018 ජනවාරි නිකුත් කල Nokia 8810 4g (remake) දුරකථනය එක්ක ආපු මෙහෙයුම් පද්ධිතය මේ අතරින් විශේෂයි. ඒ තමයිි Kai OS එක.

    gsmarena_001.jpg


    Kai OS කියන්නේ අන්තර්ජාලය මත පදනම් වුණු මෙහෙයුම් පද්ධතියක්. නිපදවල තියෙන්නේ Linux Kernel එක මත. Open source web browser based OS විදියට develop වුනු Firefox OS එක Mozilla ආයතනය 2016 මේ ව්‍යාපෘතිය නතර කලා. Google විසින් 2017 දී විශාල මුදලක් ගෙවල මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනවා 2017 දී.

    Kai OS වල මූලිකම විශේෂාංග තමයි 4G LTE සදහා සහය පල කිරීම, GPS සහ WiFi පහසු කම්, HTML 5 Support, අඩු මතකය සහ අඩු බැටරි භාවිතය. මේ සියල්ල feature phones සදහා වීම සුවිශේෂයි. ඊටත් අමතරව රැහැන්රහිත යාවත්කාලීන කිරීම්, WiFi Hotspot, application market එකක් වෙනමම තියනවා. මේ මගින් අලුත් යෙදුම් බාගත කරන්නත් යාවත් කාලීන කරන්නත් පහසුයි. මේ නිසා යතුරුපුවරුවක් තියෙන ජංගම දුරකථනයකටත් smart phone වලින් කර ගන්න වැඩ වලට සමාන කාර්යයක් කරගන්න පුලුවන් වෙනවා. මේ මෙහෙයුම් පද්ධතියට google Assistant ඇතුලත් කර තිබීමත් එය ඉතාමත් හොදින්ම ක්‍රියා කිරීමත් හරිම සුවිශේෂයි. මීට අමතරව google maps පවා හොදින් වැඩ කරනවා. නමුත් කුඩා තිරයක් තියන feature phone එකකට ලොකු වාසියක් නෙමෙයි මේ වගේ features. Google contacts පවා sync කරගන්න පුලුවන්.

    https://www.kaiostech.com/

    දැනට Kai OS භාවිතා කරන දුරකථන කිහිපයක්

    • Alcatel Go Flip 2
    • Cat B35
    • Doro 7050 and 7060
    • JioPhone (Reliance Jio)
    • JioPhone 2 (Reliance Jio)
    • MaxCom 241 and 281
    • Nokia 8110 (HMD Global)

    ඉතින් අපි මේ කියවන්නේ ආපහු අතීතයට යෑමක් ද,

    මෙහෙයුම් පද්ධතිය කොයිතරම් පහසු වුණත් ස්පර්ශක තිරයක් නැතිව ජංගම දුරකථනයක් භාවිතා කරන එක පහසු වැඩක් නොවෙයි දැන් කාලේ. ඒ කොහොම වුණත් feature phone sales වල වර්ධනයක් වෙලා තියනවා පහුගිය අවුරුද්දෙ. මේකට හේතුව විධියට අති විශේෂ දෙයක් නැති වුනත් විශාල තිරවලට දවස තිස්සේම ඇබ්බැහි වෙලා සිටීමෙන් ඈත් වෙන්න, තමාට අත්‍යවශ්‍යම කාරණා සදහා පමණක් දුරකථනය භාවිතා කිරීම, අතට දැනෙන යතුරු පුවරුවක් භාවිතා කිරීමට ඇති කැමැත්ත, nostalgia වට ඇති කැමැත්ත දක්වන්න පුලුවන්.

    Smart Phone දහස් ගාණක් මැද්දේ feature phone එකක් භාවිතා කරද්දී එන feeling එකට බොහොමයක් දෙනෙක් කැමැති වෙන හැඩක් තමයි දැනට පේන්න තියෙන්නේ.

    ඒත් අඩු තිර විභේදනයක් තියන ප්‍රමාණයෙන් පොඩි තිරයක වැඩ කරන එක අපහසුවක් නේද?

    ඔබ මේ ගැන හිතන්නේ මොනවද? feature phone එකක් ගන්න හිතෙනවද නැත්තනම් මේක බොරු මාකටින් trend එකක්ද? එහෙමත් නැත්නම් ඇත්තටම feature phone එකක් හොදටම ඇතිද?
    :confused::oo:

     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,583
    113
    වටිනා පෝස්ට් එකක්. මම නම් හිතෙන්නෙ feature phones භාවිතාවෙන් ඉවත් නොවී දිගටම තියෙයි කියල.

    Rep added
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    වටිනා පෝස්ට් එකක්. මම නම් හිතෙන්නෙ feature phones භාවිතාවෙන් ඉවත් නොවී දිගටම තියෙයි කියල.

    Rep added

    Thank you :love: