Fidaa (2017) Did You watch this Movie

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Fidaa-2017 (1).jpg
    ලස්සනම ලස්සන ආදර කතාවක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර විසින් උඩින්ම ඔසවා තැබූ චිත්‍රපටයක්. වරක් නැරඹූ ප්‍රේක්ෂකයන් නැවත නැවත ගෙන්වා ගැනීමේ හැකියාව ඇති චිත්‍රපට අතරින් මුල් තැනක් හිමි කරගන්නට හැකියාව ලද චිත්‍රපටයක්. (තෙලංගානා ප්‍රාන්තයේ වැඩි පිරිසක් මේ චිත්‍රපටය 10 වතාවකට වඩා නරඹා ඇති බවටයි වාර්තා වෙන්නේ) ඒ වගේම අඩු වියදමින් කළ චිත්‍රපට අතරින් “බාහුබලී” ලෙසත් මෙම චිත්‍රපටය හඳුන්වනවා. IMDb දර්ශකයේ දැනට 7.9 ක අගයක් ලැබී තිබෙනවා. මුල ඉඳන් අවසන් වෙනකල් කිසිම කම්මැළි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. තෙළිඟු රසිකයෙක් නම් අනිවාර්යයෙන් බැලිය යුතු චිත්‍රපටයක්.

    ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Varun Tej (වරුන් ලෙස) සහ Sai Pallavi (භානුමතී ලෙස). මලයාලම් චිත්‍රපටි බලන අය දන්නවා සායි පල්ලවී කියන්නේ කවුද කියලා. අපූරු රංගන හැකියාවක් ඇති මේ සුරූපී නිළියගේ තෙළිගු සිනමා දිවියේ ආගමනය වෙන්නෙත් මෙම චිත්‍රපටයෙන්. අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ Shekhar Kammula. Dil Raju සහ Shirish නිෂ්පාදනයක්. මේ චිත්‍රපටය මෙතරම් ජනප්‍රිය වෙන්න සංගීතයත් බොහෝ සෙයින් බලපා තිබෙනවා. ලස්සන ගීත කිහිපයක්ම ඇතුලත් වෙන නිසා ඒවත් මගෑරගන්න එපා.

    කතාව දෙසට හැරුණොත්, වරුන් ජීවත් වෙන්නේ ඇමරිකාවේ. එයාගේ අයියා (රාජු) සහ මල්ලි(බුජ්ජි) එක්ක. භානුමතී නැත්නම් භානු ජීවත් වෙන්නේ ඉන්දියාවේ ලස්සන ගම්මානයක. පොඩි කාලෙදිම අම්මා නැති වුන නිසා තාත්තගේ උණුහුමේ හැදී වැඩුනු මෙයාගේ ලඟින්ම හිටියේ එයාගේ අක්කා රේණුකා. වරුන් එයාගේ අයියට මනමාළියක් හොයන අතරේ දැනගන්න ලැබෙනවා රේණුකා ගැන. අයියා ඉස්සෙල්ලා ගිහිල්ලා පස්සේ වරුන්ටත් කතා කරනවා රේණුකා ගැන අදහසක් ගන්න. ඒ එනකොට මෙයාව එක්කන් එන්න යන්නේ දඟකාර භානුමතී. එක්කන් යන අතරේ වරුන් කියන කතා භානුට එච්චර අල්ලන්නේ නෑ. එතනදී වරුන් ගැන පොඩි තරහක් ඇති කර ගන්නවා. ඊට පස්සේ වරුන්ට හරි හරි ඇබැද්දි වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා මේ දඟකාර කෙල්ලගේ වැඩ නිසා. ඔය විදිහට මේ දෙන්නාගේ කතාව ලස්සනට ගලා‍ගෙන යනවා.

    ආදර කතාවක් කිසිම බාධාවක් නැතුව කවදාවත් අවසන් වෙන්නේ නෑ නේද? එහෙනම් මේ ආදරයට ඇතිවන බාධාව මොකක්ද?
    මෙ ටික උපුටා ගැනීම බයිස්කෝප් එල්කේ
    බලලා නැත්තම් බලන්න 700mb ටොර්රෙන්ට් 1ක් link යට අති .
    https://torrentpk.com/torrent-detail/1461/fidaa-full-movie-download-torrent.html

    Sinhala Subtitle
    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/fidaa-2017-with-sinhala-subtitles/
     
    Last edited: