මේ Povest o Nastoyashchem Cheloveke නමින් හැදින්වෙන චිත්‍රපටය බාගත කිරීම සදහා ටොරෙන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් සොයා දෙන්න ...
"සැබෑ මිනිසෙකුගේ කතාවක්" නමින් රචිත ඒ පොතේ ෆිල්ම් එකයි මේ
"සැබෑ මිනිසෙකුගේ කතාවක්" නමින් රචිත ඒ පොතේ ෆිල්ම් එකයි මේ
“ඇලෙක්සෙයි ; එයාට නැති උනේ එක කකුලයි නෙව. අනික එයා පැදෙව්වේ පාර්මන් වර්ගයේ අහස්යාත්රාවක්. … එකත් අහස්යාත්රාවක්ද? …
කොමිසාර් : නමුත් තමුසේ සොවියෙට් පුරවැසියෙක් , රුසියන් කාරයෙක් “
ම විසින් කියවා ඇති පොත් අතරින් සදා සිත් බැඳගත් කතාපොත තමයි “බොරිස් පලෙවොයි” විසින් රචිත “සැබෑ මිනිසෙකුගේ කතාවක් ” පොත. රුසියානු පොතක් වන මෙය සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ “දැදිගම වී රුද්‍රිගු” විසින්. පොත ලියැවී ඇත්තේ ” ඇලෙක්සෙයි මරේස්යෙව්” කියන සැබෑ පුද්ගලයාගේ ජිවන කතාව මූලික කරගෙන. කතා පොතෙහි මොහුගේ නම මදක් වෙනස් කොට “ඇලෙක්සෙයි මෙරෙස්යෙව්” ලෙස භාවිතා වෙයි. ඇලෙක්සෙයි සෝවියට් අහස් නැවියෙක්, නිකන්ම අහස් නැවියෙක් නෙවෙයි බිගල්ස් වගේම සටන් අහස් නැවියෙක්. අහස් සටනකදී අහස්යානය කඩා වැටී සිදුවන අනතුරෙන් පස්සේ ඇලෙක්සෙයි ගේ කකුල් දෙකම ඔහුට අහිමි වෙනවා. නමුත් අවසානයේ සියලු දුක් කම්කටොලු මැද දෙවන ලෝක යුද්ධය අවසාන වීමට පෙර ඇලෙක්සෙයි නැවතත් අහස්යානා පදවනවා. අහස්යාන පදවනවා පමණක් නෙමෙයි ගුවන් සටන් කීපයකින්ම ජය ලබා ගන්නවා.


