FINGER PRINT එකට වැඩ කරන ඉබ්බා | FINGER PRINT MASTER LOCK

Bike Pissa

Junior member
  • Sep 28, 2018
    27
    31
    13
    Finger-print-lock.jpg



    ඉබ්බා ලොක් එක කියනකොට අපිට අනිවාර්යෙන් මතක් වෙන්නේ ඉතින් යතුරකින් ලොක් එක අරින ලොකු ඉබ්බෙක්. ඒත් අද අපි මේ කථා කරන ඉබ්බ නම් ටිකක් වෙනස්. ඒ වෙනස තමයි මේ ඉබ්බගේ ලොක් එක අරින්න තියෙන්නෙ Finger Print එකෙන්.

    Master lock කියන Smart Lock හදන්න Famous Company එකක් තමයි මේ Smart ඉබ්බගේ නිර්මාණකරුවන් වෙන්නේ.

    Workshop වලට , කඩවල් වලට තමයි ඔවුන් මේ ඉබ්බා නිර්දේශ කරල තිබෙන්නේ. මෙම ලොක් එකට 10 දෙනෙකුගේ Finger Print save කර ගත හැකියි.

    හදිසියේවත් Finger Print එක support කරේ නැත්තන් අපිට Backup code එකක් දීල තියන්නත් පුළුවන් මේ lock එක ඇරගන්න.

    CR2 බැටරියකින් ක්‍රියාත්මක වන මෙහි බැටරි ආයු කාලය අවුරුද්දක් පමණ වන අතර බැටරි බැස ඇති විට අලුත් බැටරියකට පහසුවෙන්ම මාරු කරගත හැක.

    දැන් ඔබට පොඩි ප්‍රශ්ණයක් ඇති හදිසියේවත් බැටරි බැහැල තිබුනොත් කොහොමද ලොක් එක ඇරගන්නේ කියලා. බය වෙන්න දෙයක් නෑ බැටරිය බහින අවස්ථාවකට ලං වී ඇති විට User lock එක unlock කරන තෙක්ම Temporary ලෙස ධාරිතාවය save කරගන්න මේ ලොක් එකට පුළුවන්.

    ඕනෑම ආකරයක අව්වෙන් , වැස්සෙන් ආරක්ෂා විය හැකි පරිදි මෙහි පිට කවරය සැකසී තිබෙනවා.

    අවුරුදු දෙකක warranty එකකුත් මේ lock එකට ලැබෙනවා. ඔන්න ඉතින් යතුරු එහෙ මෙහෙ අමතක කරන අයට නම් Smart Lock මේ හොඳ Product එකක්.

    Source Link : Webtec Sri Lanka