First floating restaurant in Sri Lanka

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    First floating restaurant in Sri Lanka

    ප්‍රථම පාවෙන අවන්හල විවෘත‍ වේ


    First_floating_restaurant.jpg


    First_floating_restaurant_2.jpg




    සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉදිකරන ලද පාවෙන අවන්හල කොළඹ, බේරේ වැවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (19) විවෘත කෙරිණි.
    සිනමන් ලේක් හෝටලයේ පූර්ණ අනුග්‍රහයෙන් ඉදිකළ මෙම පාවෙන අවහන්හල Pontoon North 8 නමින් හඳුන්වයි.
    මෙම අවන්හල ඉදිකිරීම සඳහා වැය වී ඇති මූලික පිරිවැය රුපියල් මිලියන 100කි. මෙම පාවෙන අවන්හල දිගින් අඩි 70ක් වන අතර පළල අඩි 30කි. මෙහි එකවර පුද්ගලයන් 100කට ආහාරපාන ගැනීමේ පහසුකම් ඇති අතර උත්සව අවස්ථා සඳහා ද මෙම අවන්හල යොදාගත හැකිය.

    මෙම අවස්ථාවට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජෝන් කීල්ස් සමාගමේ සභාපති සුසන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ
    .


    Floating_Restaurant_3.jpg



    FB
     
    Last edited: