Fitness කියන්නේ....

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
උපුටා ගන්නා ලාද්දකි...

GYM යන ,Fit වෙන්න හදන , Bodybuilding කරන අය අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක්..

කායික යෝග්‍යතාවය පිළිබඳ අපි සාකච්ඡා කලේ සම්මානනීය කායික යෝග්‍යතා උපදේශකවරයකු වන දනුෂ්ක කසුන්ජිත් සමගය .එම සමමුඛ සාකච්ඡාව පහතින් දැක්ව්.

ප්‍රශ්නය - gym යන ව්‍යායාම කරන සෑම කෙනාගේම අරමුණ FIT වෙන්නයි. ඇත්තටම Fit වෙනවා කියන්නේ මොකටද?

පිළිතුර - ඔව්,Physical Fitness එහෙම නැත්තම් කායික යෝග්‍යතාවය කියන වචනයේ තේරුම අපි වටහා ගමු.Physical Fitness කියන්නේ සරලව කිව්වොත් ‘එදිනෙදා වැඩකටයුතු හා විවේකී කිරියාකාරම් වඩා පලදායි තාවයෙන් කාර්යක්ෂම සිදු කිරීමට ශරීරයට ඇති හැකියාව නිරෝගීව සහ හදිසි අවස්තාවන් වලට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාවයි.’

ප්‍රශ්නය - එතකොට body building කියන්නේ Fitness වලට අයිති දෙයක් නෙමයිද?

පිළිතුර - body building කියන්නේ Fitness වල එක් කොටසක් තමයි.

ප්‍රශ්නය - සමාජයේ මතයක් තමයි හොදට Fitness හදා ගන්න නම් body building කරන්න ඕන කියල ? ඒක ඇත්තද?

පිළිතුර - ඕක මටත් ඇහිලා තියනවා.ඕක තමයි ගොඩක් අයට වැරදුන තැන.කරුණු හරියට නොදැන තමයි ඔහොම කියන්නේ. body building කියන්නේ Muscle hypertrophy.ඒ කියන්නේ මාංශපේශි වර්ධනය කරන එකට.ඒකත් fitness වල එක්තරා කොටසක් තමයි.නමුත් ඊට වඩා කොටස් රැසක් Fitness වල තියනවා.

ප්‍රශ්නය - එහෙනම් fitness වල කොටස් මොනවද?

පිළිතුර - මෙහෙමයි,fitness ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදන්න පුළුවන්. ඒවා තමයි


සෞඛ්‍ය සම්බන්ධ අංග
කුසලතාවන්ට සම්බන්ධ අංග
සෞඛ්‍යයට අදාළ අංග
හදවතෙහි,පෙනහළු වල දරා ගැනීම.
මාංශපේශි වල ශක්තිය
මාංශපේශි වල දරා ගැනීම·
නම්‍යතාවය
ශරිර සංයුතිය
කුසලතාවයන්ට අදාළ අංග
වේගය
බලය
උලගිතාවය
සමායෝජනය
සමබරතාවය·
ප්‍රතිචාර දැක්විමේ වේගය

මේ කොටස් වල එකතුවට තමයි Physical fitness කියන්නේ,එතකොට body building කලාව වර්ධනය වෙන්නේ කොටස් දෙකක් විතරයි.ඒ තමයි,

1. මාංශපේශී වල වර්ධනය
2. ශරීර සංයුතිය (ඒ කියන්නේ මේදය අඩු වෙලා මාංශපේශී වැඩි වෙන එකට)

දැන් තේරෙනවානේ fitness වැඩි කරගන්න කියල body building විතරක් කරලා හරියන්නේ නැහැ කියල ,තව තියෙනවා fit වෙන්න වර්ධනය කරගත යුතු දේවල්.

ප්‍රශ්නය - ඔබ කියන්නේ body building කරලා වැඩක් නෑ කියලද?

පිළිතුර - නෑ. නෑ එහෙම දෙයක් මම කියන්නේ නැහැ .ඒත් fit කෙනෙක් කියන්නේ මාංශපේශි විශාල උනු කෙනෙක්ට විතරයි කියල හිතන එක වැරදියි කියලයයි මම අදහස් කළේ.මම උදාහරණ කිහිපයක් කියන්නම් .body building කරන අයගෙන් සමහරෙක් ඉන්නවා හොඳට ඇඟ හදන් ඉන්නවා .ඒත් පඩි පෙළක් නැග ගන්න බෑ හති දානවා .විනාඩියක් දෙකක් දුවාගන්න බෑ මහන්සියි.cricket ගහද්දී over එකක් ball කලොත් අත් රිදෙනවා.එක විදියකට වාඩි වෙලා බණක් පිරිතක් අහන්න බෑ අමාරුයි.එහෙම අය දැකල නැද්ද?දැකලා තියනවනේ.ඉතින් ඕකටද fit කියන්නේ? ඒ හින්දා එවැනි මිත්‍යා මත වලින් ඈත් වෙලා සියලු fitness components වර්ධනය කර ගත්තොත් තමයි ඇත්තටම fit වෙන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබ කියන්නේ body building හොද නෑ කියලද?

පිළිතුර - නෑ කොහෙත්ම නෑ. body building කිරීමේ කිසි වරදක් නෑ.අපේ අය එක කරන ආකාරයි වැරදි ,අපේ අය කරන්නේ Weight training විතරයි. cardio,Flexibility Training,Endurance Training කරන්නෙම නෑ.ඉතින් වර්ධනය වෙන්නේ එක් ගුණාංගයක් විතරයි.අනිත් ඒවා වර්ධනය වෙන්නේ නෑ.ඕකයි ප්‍රශ්නය.

ප්‍රශ්නය - අපි body building ගැන වෙනම දවසක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.පැහැදිලියි, අපි fitness කියල හිතන් හිටපු එක වැරදියි කියලා.කොහොමද fit පුද්ගලයෙක් හදුනාගන්නේ?

පිළිතුර - මම කලින් කිව්ව විදියට fitness components වර්ධනය කරගත් අයට fit පුද්ගලයින් කියල කියන්න පුළුවන් .විශාල මාංශපේශී නැති උනත් ඔවුන් fit පුද්ගලයන් තමයි .බලන්න.මැරතන් කරන,පා පැදි පදින ක්‍රීඩකයකු දිහා,ඔවුන් ක්‍රීඩා දක්ෂතා වර්ධනය කරගැනීමට නම් Skill Related components වර්ධනය කිරීම අතිශය වැදගත්.

ප්‍රශ්නය - ලෙඩ රෝග වලින් ආරක්ෂා වී සෞක්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමට නම් ව්‍යායාම වැදගත් නේද?

පිළිතුර - අනිවාර්යයෙන්ම, විශේෂයෙන් බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීමට සහ රෝග වැළදුන අයට ඉක්මන් සුවය ලබා ගැනීමට ව්‍යායාම කිරීම ඉතා වැදගත්.දියවැඩියාව,හදවත් රෝග,අධි රුධිර පීඩනය,කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග වලින් ජනතාව පීඩා විදිනවා.අද දිනකට 650 ක් දෙනා මියයනවා බෝ නොවන රෝග මුල් කරගෙන,එම රෝග වලට ප්‍රතිකාර කිරීමට රජයට විශාල මුදලක් වෙන් කරන්න සිදුවෙලා තියනවා.ඉතින් හිත ගන්න පුලුවන්ද ව්‍යායාම වල වැදගත් කම.

ප්‍රශ්නය - ඇත්තද Weight training කරාම උස යන්නේ නෑ කියන කතාව?

පිළිතුර - (සිනාසෙමින්) ඕක මගෙන් ගොඩක් අය අහල තියනවා.Leg press,Squats කරන්න බයයි,උස යන්නේ නැති වෙයි කියල,එක මිත්‍යා විශ්වාසයක්.අපේ දරුවන් ව්‍යායාම වලට යොමු කරන්න බයයි වර්ධනය බාල වෙයි කියලා. ඒත් ඔයා දන්නවද?දියුණු රටවල දරුවන් වයස අවුරුදු 10 – 11 ඉදන් තමයි ව්‍යායාම වලට යොමු කරන්නේ.ඔවුන් බර ඔසවනවා.අපි හිතනවා වගේ ලොකු weight දාලා හෙන අමාරුවන්නෙමෙයි.ඒ වයසට ගැලපෙන බරක් යොදා ගෙන තමයි ඒ දරුවෝ ව්‍යායාම කරන්නේ.ඉතින් අවුරුදු කිහිපයක් ගියාම එයාලගේ fitness ගොඩක් වර්ධනය වෙලා.අපේ දරුවෝ වයස අවුරුදු 16-17 ව්‍යායාම කරන්න පටන් ගන්න කොට ඔවුන් අපිට වඩා ගොඩක් දුර ගිහින්.එහෙමයි ඒ ගොල්ලෝ ලෝක ශුරයෝ,ඔලිම්පික් ශුරයෝ වෙන්නේ.ඔයාගේ ප්‍රශ්නයට අයෙමත් අවොත් උස යන එක ජාන මය කාරණාවක්. Weight training කලා කියල උස වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නත් නැහැ.නමුත් අපි අධික බර යොදා ව්‍යායාම කරවන්නේ නැහැ මොකද ඒ ඔවුන්ගේ අස්ථි වර්ධනය වන කාලය නිසා,වැඩි ආතතියක් ලබා දීම සුදුසු නැති නිසා,ඒත් ව්‍යායාම කිරීමට කිසි ගැටළුවක් නැහැ.

ප්‍රශ්නය - හරි,මොකද අපේ තරුණයෝ cardio කරන්න මැලි කමක් දක්වන්නේ?

පිළිතුර - ඕකත් ලොකු ප්‍රශ්නයක්,අද වන විට අපේ ගොඩක් තරුණයෝ body building කරන්න බොහොම කැමත්තක් දක්වනවා.ඒකට කරන්නේ Weight training නේ.ඉතිං එයාල හිතන්නේ cardio කරන එකෙන් වැඩක් නැහැ කියල.cardio කරාම muscles අඩු වෙනවා කියලා.ඒක වැරදි අදහසක්.

ප්‍රශ්නය - එහෙනම් මොකක්ද ඇත්ත? body building වලට cardio වල ඇති වැදගත් කම ගැන කතා කලොත්?

පිළිතුර - මෙහෙමයි.අධික ලෙස endurance training කරන පුද්ගලයෙකුගේ muscle building වලට බලපෑමක් වෙනවා.එකනේ මැරතන් ක්‍රීඩකයෝ කෙට්ටු,ඒක එයාලගේ ක්‍රීඩාවට අවශ්‍ය දෙයක්.නමුත් සාමාන්‍ය අයට නැහැ. body building කිරන අයට කොහොමද cardio වැදගත් වෙන්නේ කියල මම කියන්නම්,

මාංශපේශී damage වුනාම ඉක්මනට ඒවා යථාතත්වයට පත් කරනවා.
fat ප්‍රමාණය අඩු කරලා මාංශපේශී වර්ධනය කරනවා.
ඉන්සියුලින් සංවේදීතාව වර්ධනය කර විම නිසා වැඩි පෝෂණ ප්‍රමාණයක් මාංශපේශී වලට උරා ගැනීමට හැකිවනවා.
ශරීරයේ Bulking අවධියට හා cutting අවධියේ මාංශපේශී පවත්වා ගැනීමට උදව් වනවා.
warm up හා cool down සදහා උපකාරීවනවා.


ප්‍රශ්නය - අවසාන ප්‍රශ්නය අහන්නම්.fitness වැඩි කරගන්න මොනාද කරන්න ඕනේ?

පිළිතුර - ඒ සදහා මුලින්ම සුදුසුකම් තියන ව්‍යායාම උපදේශකවරයෙක් හමුවෙලා ඔබගේ අවශ්‍යතා කියන්න ඕන.ඔහු ඔබට උදව් කරාවි ඔබගේ ඉලක්කය කරා පහසුවෙන් ලගා වීමට.එහෙම නැතිව ඔබට හිතෙන දේවල් කලොත් නැත්නම් සුදුසු කම් නැති අයගෙන් වැරදි උපදෙස් අරගෙන ව්‍යායාම කලොත් ඔබ බලාපොරොත්තු වන උසස් ප්‍රතිථිල ලබා ගන්නට බැරි වේවි.

ප්‍රශ්නය - අවසාන වශයෙන් මොනවාද කියන්න තියෙන්නේ අපේ ජනතාවට?

පිළිතුර - ඔව්, අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මුලින්ම fitness ගෙන තියන මිත්‍යාව විශ්වාස හා වැරදි මත ඈත් වෙලා හැරියාකාරව fitness ගැන අවබෝධයක් ලබා ගන්න.ඉන් පසු සුදුසුකම්ලත් කායික යෝග්‍යතා උපදේශකවරයෙකු හට ඔබගේ අවශ්‍යතාවය කියලා ඔහුගේ අධීක්ෂණය යටතේඔබට පුලුවන් හොඳ fitness වලින් සපිරුණු පුද්ගලයෙකු බවට පත් වන්න,අවශ්‍ය ඔබගේ උනන්දුව පමණයි.

හොඳයි,බොහොම ස්තුතියි.ඔබගේ කාලය අප වෙනුවෙන් කැප කලාට.ඉදිරියේදී නැවතත් හමුවෙමු.

සාකච්ඡාව සිදු කලේ - කමල් චතුරංග

දනුෂ්ක කසුන්ජිත්

A.jpg


Award Winning Fitness Trainer


Dip.in Sport-strength & Conditioning
Dip.in Physical Fitness Trainer
cer in body building instructor
N.V.Q Level 4 Fitness Trainer
cer.In Fitness Trainer(SLF)
Cer.In sport Nutrition & Supplmentation
Grade A Physical Fitness Trainer (Min of Sport)
Cer.in First Aid(UK)

උපුටා ගන්නා ලාද්දකි...

http://fitnessinhalen.blogspot.com/2016/08/fitness_54.html

https://www.facebook.com/fitnessinhalen/?hc_ref=NEWSFEED&fref=nf
 
Last edited:

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සමහරෙක් ඉන්නවා හොඳට ඇඟ හදන් ඉන්නවා .ඒත් පඩි පෙළක් නැග ගන්න බෑ හති දානවා .විනාඩියක් දෙකක් දුවාගන්න බෑ මහන්සියි.cricket ගහද්දී over එකක් ball කලොත් අත් රිදෙනවා.එක විදියකට වාඩි වෙලා බණක් පිරිතක් අහන්න බෑ අමාරුයි.එහෙම අය දැකල නැද්ද?දැකලා තියනවනේ.ඉතින් ඕකටද fit කියන්නේ?

    සහතික ඇත්ත

     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    සමහරෙක් ඉන්නවා හොඳට ඇඟ හදන් ඉන්නවා .ඒත් පඩි පෙළක් නැග ගන්න බෑ හති දානවා .විනාඩියක් දෙකක් දුවාගන්න බෑ මහන්සියි.cricket ගහද්දී over එකක් ball කලොත් අත් රිදෙනවා.එක විදියකට වාඩි වෙලා බණක් පිරිතක් අහන්න බෑ අමාරුයි.එහෙම අය දැකල නැද්ද?දැකලා තියනවනේ.ඉතින් ඕකටද fit කියන්නේ?

    සහතික ඇත්ත




    :):):)