Fiver CEO Micha ගෙ ඊමෙල් එක

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    Fiver CEO Micha ගෙ ඊමෙල් එක කියවල බැලුව. ඒකෙ එක තැනක මෙහෙම කියනව.

    "මෙච්චර කල් කරපු ලේසි වැඩ ආයෙ අපිට කරන්න වෙන්නෙ නෑ මෙච්චර කල් කරපු අමාරු වැඩ තමා ඉස්සරහට ලේසි වැඩ වෙන්නෙ. මෙච්චර කල් කරන්න බෑ කියල හිතන් හිටපු වැඩ තමා දැන් අමාරු වැඩ වෙන්නෙ. "

    නිකන් කල්පනා කරල බලන්න ඕකම නෙවෙයිද කියල මෙච්චර ක්ල ආව හැම තාක්ෂණයකින්ම කරල තියෙන්නෙ කියල. අපි කලින් කරපු අමාරු වැඩ දැන් ලේසි වැඩ වෙලා. කරන්න බෑ කියල හිතන් හිටපු වැඩ අමාරු වැඩ වෙලා. ආයෙ ඉතින් ඔතන ඉස්සරහට එනව කරන්න බෑ කියල හිතන් ඉන්න වැඩ ටිකකුත්.

    මෙතන වෙලා තියෙන එකම දේ තමා කලින් වගේ අපිට ලෑස්ති වෙන්න වෙලාව මදි වෙලා තියෙනව මේ AI තාක්ෂණය ආව වේගෙත් එක්ක. ඒ ඇරුනම මේකත් ඔය අනික් ආව තාක්ෂණයක් වගේම අපේ වැඩ පහසු කරන්න ආව තාක්ෂණයක්.

    මෙතන බය වෙන්න ඕනි කාරණා දෙක වෙන්නෙ තමා තමන්ගෙ Language Skills ( communication, including listening, speaking, reading, and writing ) නිතරම AI Tools වලට බාර දීල ඒ හැකියාවන් තමන් ලගින් අයින් කරගන්නව කියන එකයි AI Tools පාවිච්චි නොකරම ඉදල ඒව පාවිච්චි කරන අය අපිව ඉක්මනටම Replace කරයි කියන එකයි විතරයි. AI Tools බැලන්ස් එකේ පාවිච්චි කරන විදියක් අපිට හොයාගන්න වෙනව, එහෙම බැරි උනොත් එක්කො අපිට ඉස්සරහට යන්න Brain Gym වලට යන්න වෙනව එහෙමත් නැත්තන් රැකියා විරහිතව ඉන්න වෙනව.

    ref -
    https://x.com/michakaufman/status/1909610844008161380
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,140
    1
    100,891
    113
    34
    Kalutara
    උඹ ඔව්වත් කියවනවද? එහෙනම් අර සිරි ලංකාව ටාගට් කරලා කරන වෙබිනාර් එකටත් යනව ඇති. සඳරුවනිද කවුද කරන්නෙ
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    මොනවා හරි පොඩි දෙයක් ඉගෙනගෙන ඒකෙන් ම ජිවත් වෙනවා කියන කාලය ඉවරයි.
    ඔය පොඩි දේ කියන එක ඒක කියන කාලේ තියෙන තාක්ෂණයට සාපේක්ෂ නැද්ද?