Fiverr පටන් ගමු (1 කොටස)- අග සිට මුලට tutorial

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පෙරවදන:- මම fiverr පටන් අරං අවුරුදු 9කට වැඩියි. ඒ කාලෙ තිබුණ iplusblog එකෙන් තමයි මේ ගැන ඉගෙන ගත්තෙ. (දැන් ඒක නෑ) මේ පළවෙනි ත්‍රෙඩ් එක දාන්නෙ අලුතෙන්ම fiverr පටන් ගන්න අයට. ලබපු අත්දැකීම් එක්ක තව ත්‍රෙඩ් කීපයක් දාන්න තියෙනවා. මම full time මේක කරන කෙනෙක් නෙවේ. වැඩ ඉවර වෙලා හවස ගෙදර ඇවිත්, නාලා, කාලා, බණ අහලා, ඉතුරු වෙන වෙලාවෙ තමයි fiverr එකේ වැඩ කරන්නෙ. ඉතිං ඒ පැය කීපයට අදාළව මට සෑහීමකට පත් වෙන්න පුලුවන් ප්‍රමාණයේ ආදායමක් එනවා. ත්‍රෙඩ් එකේ අඩුපාඩු තියෙනවා නම් නිවැරදි කරන්න. ඔයාලගෙ අදහස් එහෙමත් එකතු කරන්න. ඒ අදහස් ටික upvote කරලා උඩට ගමු. 👍


    ඔන්න එහෙනම් පටන් ගන්න යන්නේ....

    (Seller= විකුණන්නා, Buyer= මිලදී ගන්නා)
    හිතන්න ඔයා ලොකු ව්‍යාපාරයක අයිතිකාරයෙක් කියලා. දැන් ඔයා අලුතෙන් තව ව්‍යාපාරයක් පටන් ගන්න යන්නෙ. ඒකට ලෝගෝ එකක් ඕනෙ. ඔයා www.fiverr.com එකට ගිහින් සර්ච් කරනවා logo design කියලා. එතකොට සර්ච් රිසල්ට්ස් වල එන ගිග්ස් වලින් හොඳ එක තෝරනවා.
    (දැන් පොඩ්ඩක් එහෙම සර්ච් කරලා බලන්නකො. ලෝගෝ ඩිසයින් නෙවේ ඕනෙ එකක් සර්ච් කරන්න, ඕනෙ එකක්.) සර්ච් රිසල්ට්ස් වලදි ඔයා දකිනවා එක් එක් ගිග් එකට අදාළව මේ දේවල් ටික....

    • ගිග් ඉමේජ් එක
    • ටයිට්ල් එක (I will……..)
    • සෙලර්ගෙ ලෙවල් එක
    • ගිග් එකේ රේටින් එක (අලුත්ම ගිග් එකක් හොඳද නරකද කියලා බලන අත්හදාබැලීම කරනවද? නැත්තං කලින් ඉඳන්ම හොදයි කියලා නිර්දේශ වුණ එකක් ගන්නවද?)
    • ගිග් එකේ මිල
    • සෙලර්ගෙ යූසර්නේම් එක

    ඔය ටික බලලා තමයි මුල්ම තෝරාගැනීම කරන්නෙ. මෙතනදි ගිග් කීපයක්ම තෝරගෙන එතනිනුත් ආපහු හොඳ එක තෝරනවා. (අලුතෙන් පටන් ගන්න බිස්නස් එකනේ....)
    දැන් ඔතනින් ගිග් කීපයක් ක්ලික් කරලා ඒවාගෙ ඇතුලෙ තියෙන මේ දේවල් බලනවා.

    • කලින් කරපු සාම්පල්
    • ඩිස්ක්‍රිප්ෂන් එක
    • මිල ගණන්
    • සෙලර්ගෙ විස්තර
    • FAQ එක
    • කලින් බයර්ස්ලා දාපු රීවිව්
    • ඔන්ලයින් ඉන්නවද කියන එක
    • Reply කරන්න සෙලර්ට ගතවෙන කාලය
    ඔය දේවල් අනුව තමන්ට වඩාත්ම හොඳයි කියලා තේරෙන එක තමයි ඕඩර් කරන්නෙ.

    ------------------------------

    දැන් එහෙනම් වැඩේට එන්ටර් වෙමු.
    මුලින්ම ෆයිවර් එකේ එහාට,මෙහාට, උඩට, පහළට ගිහින් බලන්න ඒකෙ කට්ටිය කරන ගිග්ස් මොන වගේ ඒවාද කියලා. කැටගරීස්, සබ් කැටගරීස් එහෙම හොදට එකින් එක බලන්න. ඔයාට කරන්න පුලුවන් මොනවද, අලුතෙන් හඳුන්වලා දෙන්න පුලුවන් මොනවද කියලා හොදට හිතලා බලන්න. වෙනස් විදිහවල් වලින් හිතන්න.


    Sign-up වීම සහ profile එක complete කිරීම

    යූසර්නේම් එක
    - මේක හැමෝටම පේනවා. ඉතිං තාම රෙජිස්ටර් වෙලා නැති කෙනෙක් නම් බයර්ස්ලාට මතක හිටින විදිහෙ, professional විදිහෙ එකක් හදන්න ට්‍රයි කරන්න. Superman123 වගේ ඒවා දාන්න එපා. SEO කරනවා නම් seo_expert වගේ එකක් ගැළපෙනවා. හැබැයි අනාගතේදී ග්‍රැෆික් ඩිසයන් කරන්නත් හිතාගෙන ඉන්නවා නම් seo_expert ගැළපෙන්නෑනෙ. ඒ හින්දා ටිකක් හිතලා දාන්න. (මේකෙන් ඕඩර්ස් වලට නම් ලොකු බලපෑමක් වෙන්නෑ. ඒ හින්දා කලින් රෙජිස්ටර් වුණ අය ප්‍රශ්නයක් කරගන්න එපා.

    ප්‍රොෆයිල් එක- හොඳ sellers ලාගෙ තියෙන විදිහ ටිකක් බලලා හොඳ විදිහට විස්තර දාන්න. Dear sir/madam වගේ ඒවා දාන්න එපා. කෙලින් කතා කරන්න. මූ නං හොඳයි කියලා හිතෙන විදිහට Experience ගැන එහෙම දාන්න. ඔයා කරන ගිග්ස් එක්ක ගැළපෙන විදිහට හදන්න.

    ප්‍රොෆයිල් පික්චර් එක- තමන්ගෙම ෆොටෝ එකම දාන්නත් පුලුවන්. (තමන්ගෙ මුහුණ පාවිච්චි කරලා හදපු vector/cartoon පෙනුමක් තියෙන එකක් වුණත් ප්‍රශ්නයක් නෑ ඉතිං.

    නොමිලේ දෙන course එක- ෆයිවර් එකෙන් කරන courses වලින් නොමිලේ කරන එකක් තියෙනවා. (වීඩියෝ ටික ඉවර වෙනකන් බලන්නයි, පොඩි ප්‍රශ්න කීපයකට උත්තර තෝරන්නයි තියෙන්නෙ.) ඒක කරන්න. ඒකෙ ගොඩක් වැදගත් දේවල් කියලා දෙනවා.


    ගිග් එකක් දාමු (Create GIG)
    දැන් ඉතිං බයර් කෙනෙකුට ඕඩර් කරන්න හිතෙන විදිහෙ ගිග් එකක් හදන්න ඕනෙ.

    ගිග් ඉමේජ් එක- දැක්කහම ක්ලික් කරන්න හිතෙන, හිත ඇදිලා යන විදිහට පාට , සර්ච් රිසල්ට්ස් වලදි අනිත් ඒවා අතරෙ කැපිලා පේන, ගිග් එකෙන් කරන දේ ඉමේජ් එකෙන් පෙන්නුම් කෙරෙන විදිහට මේක හදන්න. අකුරු ටිකක් ලොකුවට, අකුරු අඩුවෙන් දාලා හදන්න. (recommend කරපු size එකක් තියෙනවා. ඒ ප්‍රමාණයට හදන්න.)ගිග් ඉමේජ් 3ක් දාන්න පුලුවන්. කලින් කරපු ඒවාගෙ සාම්පල් එහෙම දාලා හදන්න.

    ටයිට්ල් එක- I will ………. කියලා පටන් ගන්නවා. බයර්ට තේරෙන්න ඕනෙ තමන් හොයන දේ තමයි මේ කියලා. හොඳ පැහැදිලි, විස්තරාත්මක ටයිට්ල් එකක් "කෙටියෙන්" දාන්න.

    කැටගරීස්, සබ් කැටගරීස්- වඩාත්ම ගැළපෙන එක දාන්න. ගැළපෙන එක හොයාගන්න බැරි නම් වෙන අය ඒ විදිහෙ ගිග් වලට දාලා තියෙන කැටගරීස් මොනවද කියලා බලලා අයිඩියා එකක් ගන්න.

    Keywords/tags- මේක ගොඩක් වැදගත්. මේකෙන් තමයි අපේ ගිග් එකට බයර්ට හොයලා දෙන්නෙ. බයර් කෙනෙක් සර්ච් කරන්නෙ මොන වචනද? අන්න ඒවා දාන්න ඕනෙ. වැඩිපුරම සර්ච් කරන වචන දැම්මොත් තමන්ගෙ ගිග් එක ඒ අයට පෙනෙන්න තියෙන අවස්ථාව වැඩියි. (මේ ගැන ඊළඟ ත්‍රෙඩ් එකකින් වැඩිදුරට කතා කරමු)


    ඩිස්ක්‍රිප්ෂන් එක- රචනාව වගේ දාන්නත් පුලුවන්. හැබැයි ඒකෙදි දිග විස්තර කියවන්න දානවට වඩා කෙටියෙන්, කෙලින්, අදාළ point එකටම කියන එක හොඳයි. රචනා කැමති නැත්තං කරුණු වශයෙන් දාන එකත් හොඳයි.හොඳ sellersලාගේ ගිග් ඩිස්ක්‍රිප්ෂන් ටිකක් බලන්න. කියවගෙන යන කොට බයර්ට හිතෙනවා නම් “මගෙ හිතේ තියෙන දේම මේකෙ දාලා තියෙනවා” කියලා, එතකොට එයා තුළ විශ්වාසයක් ඇති වෙනවා ගිග් එක ගැන.

    "අනේ මගෙ එක ඕඩර් කරන්නකෝ" කියන ශෛලියෙන් නෙවේ. ඔයා තමයි expert. ඒ හින්දා බයර් තුළ විශ්වාසයක් ඇති වෙන විදිහට, බය නැතුව ඕඩර් කරන්න හිතෙන විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක හදන්න.

    ඩිස්ක්‍රිප්ෂන් එකේ අන්තිමට Order now, Place your order වගේ එකක් අනිවාර්යයෙන්ම දාන්න. සමහර අයට ඕඩර් කරන්න හිතෙන්නෙ ඒ විදිහෙ පොඩි තල්ලුවක් දුන්නහම.

    ඉංග්‍රීසි ව්‍යාකරණ දන්නැත්තං grammarly එක දාගෙන ටයිප් කරන්න.


    ගිග් එකේ මිල- ඒ සේවාවම තියෙන අනිත් ගිග් වල මිල එක්ක ගැළපිලා යන විදිහට හදන්න. Packages 3ම දාන්න. (වැඩිපුරම විකිණෙන්නෙ මැද පැකේජ් එකලු. කොහොමත් මුල් ඕඩර් ටික කරගන්න පුලුවන් විදිහට මුලින්ම මිල දාන්න. කරගෙන යද්දි මිල ගණන් පස්සෙ වෙනස් කරගන්න පුලුවන්.)

    Requirements- වැඩේ පටන් ගන්න බයර් විසින් අපිට ලබා දිය යුතු තොරතුරු

    ඔය ටික දාලා gig එක publish කරන්න තියෙන්නෙ. ඊළඟ ත්‍රෙඩ් එකෙන් හමුවෙමු.

    * අලුත් අදහස්, හොඳ අදහස් තිබුණොත් upvote එකක් දීලා උඩට ගන්න.
     
    Last edited:

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    Job එකක් කරනවානෙ. ගෙදර එන කොට හවස් වෙනවා. ඒ හින්දා part time තමයි කරන්නෙ.


    Level කීයද?
    ------ Post added on Jan 8, 2023 at 11:20 PM
    Level කීයද? oder ekak wat natiwa Level ennna naha nada?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    oder ekak wat natiwa Level ennna naha nada?
    මං හිතුවෙ ඉස්සර order ආවා, දැන් නෑ කියලා.
    මං තව කරුණු තියෙන ත්‍රෙඩ් කීපයක් දානවා මේ ගැන. අනිත් අයත් දන්න දේවල් කියයි.
    මේ සැරේ ගොඩදාගන්න පුලුවන් වෙයි.
     
    • Love
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ithin joben ain wela full time krpnko hodata orders enwanm, jobata wada fiverr eken hoynwanm mn kiwwe
    Job එකේ ගාණට වඩා නම් ටිකක් අඩුවෙන් එන්නෙ. වෙලාව නැති හින්දා ඉතිං ලොකු orders කරන්නෙත් නෑ. Level 2 ඉන්නෙ. මේ දවස් වල Orders එනවා, ඒ වුණාට fiverr එකෙන් algorithm වෙනස් කළොත් කොහෙන් නවතියිද දන්නෑනෙ. ඒකයි.
    Job එකෙන් අයින් වෙලා කරන්න තරම් stable මට්ටමක් තාම නෑ. Job එක හම්බ වුණාට පස්සෙ ටික කාලයක් නවත්තලා ඉඳලා ආපහු පටන් ගත්තෙ. දැන් ආපහු නැගීගෙන එනවා.
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඔය මොක කලත් වැඩක් නෑ gig එක recommend එකට ගන්නේ නැතුව ලේසියට ඕඩර් එන්නේ නෑ ඉතින්
    මාසෙන් recommend එකේ උඩටම ගෙනල්ල ඕඩර් ගන්න වෙනම methods තියෙනවා. අනික level 2 එකක් ඕන වැඩේට