Fiverr (4 කොටස) - මම උඹ අපි හරියටම keywords දාන්න ඕනෙ ඇයි

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1 කොටස
    2 කොටස
    3 කොටස

    4 කොටස 👇
    GIG එකක keywords සම්බන්ධව කතා කරන්න තව දෙයක් තියෙනවා. ඒ තමයි URL එක. පළවෙනි ත්‍රෙඩ් එකේදි මට මේක කියන්න බැරි වුණා. අපේ GIG එක search results වල පෙන්නන්න, උඩට එන්න බලපාන තව දෙයක් තමයි GIG එකේ URL එක.

    “මුලින්ම දාන title එක” තමයි gig එකේ URL එක වෙන්නෙ. ඒ කියන්නෙ අපි කරන්න ඕනෙ මෙහෙම. මුලින්ම gig එක දාන කොට title එකේ “I will” කියලා ඊට පස්සෙ අපිට ඕනෙ keywords ටික දානවා.
    උදා- අපේ keywords ටික logo animation, youtube intro, outro කියලා හිතමුකො. එතකොට අපි දානවා I will logo animation youtube intro outro කියලා. ඔව් කිසිම ව්‍යාකරණ ගැළපීමක් නෑ තමයි. කමක් නෑ. ඔහොම දාපුවාම URL එක හැදෙනවා www,fiverr,com/username/logo-animation-youtube-intro-outro කියලා.

    ඔතනදි username එකත් keywords වලට අහු වෙනවා. (මේක මට පළවෙනි ත්‍රෙඩ් එකේදි කියන්න බැරි වුණා.) අලුතෙන් register වෙන අය username එකටත් තමන්ට ගැළපෙන keywords දාලා හදන එක හොඳයි.
    (ඒවා මම හිතලා කියපු දේවල් නෙවේ, fiverr එකෙන්ම කියන දේවල්)

    Title එකෙන් පස්සෙ description එක හදන කොට ඒකටත් ඔය keywords ඇතුළත් වෙන විදිහට හදන්න ඕනෙ. tags (keywords) හරියටම ගැළපෙන ඒවා දාන්න. ඔතනදි suggest වෙන ගැළපෙන keywords ත් description එකට දාන්න. හැබැයි description එක ලස්සනට වචන ගලාගෙන යන විදිහෙ (හෝ පිළිවෙලට කරුණු වශයෙන් පෙළගස්වපු) එකක් වෙන්නත් ඕනෙ.

    Gig image වල file names වලටත් ගැළපෙන keywords දාන්න.

    Price packages 3ම දාන්න. මුලදි අඩු ගාණකට කරන්න. හැබැයි අනිත් අයගෙ gigs වල price එක කොහොමද කියලත් බලන්න.
    ඔක්කොම සම්පූර්ණ කරලා Gig එක publish කළාට පස්සෙ fiverr එකේ කස්ටිය ඕක බලලා approve කරනවා. (approve කරලද, නැද්ද කියලා දැනගන්න පුලුවන් මෙතනින් https://www.fiverr.com/support_tickets/selling-on-fiverr/gigs/gig-not-found-when-searched )

    Approve කළාට පස්සෙ අපිට පුලුවන් ආපහු gig එක edit කරන තැනට ගිහින් gig එකේ title එක වෙනස් කරලා එතනට හිත් ඇදගන්නාසුලු title එකක් දාන්න. ඒ title එකත් හොඳ keywords සහිතව දාන්න. එකම වචනය title එකේ දෙපාරක් දාන්න එපා. කියන්න තියෙන ඔක්කොම කෙටියෙන් කියවෙන විදිහට title එක හදන්න.

    Gig එක search results වල මුල් පිටුවකට එන්න Fiverr එකේ algorithm එකත් ලොකුවට බලපානවා. මේ algorithm එක වැඩ කරන විදිහ කවුරුවත් හරියටම දන්නෑ කියලා තමයි කියන්නෙ.
    අපේ gig එක තියෙන තැන තීරණය වෙන්නෙ 100% ම keywords මත නම්, first page එකේ තියෙන gig එකක keywords ඒ විදිහටම අපේ gig එකට ගත්තොත් අපේ gig එක අනිවාර්යයෙන් first page එකට එන්න ඕනෙනෙ. නමුත් මේ algorithm එක අනුව තව කරුණු බලපානවා. ඒ අනුව අපි පළවෙනි ත්‍රෙඩ් එකේදි කියපු
    • Order completion
    • On-time delivery
    • Response time
    • Order response time
    • Rating
    වගේ දේවල් බලපානවා gig එක උඩට එන්න. ඒ හින්දා අපි orders වල වැඩ ටික කරන ගමන් මේ දේවල් ටික ඉහළ මට්ටමක තියාගන්න ඕනෙ. ඊට අමතරව social media වලින් එන clicks එහෙමත් බලපානවාලු.


    Social media වල share කිරීම
    Social media වල share කරන එකත් gig එකට orders එන්න හේතු වෙන්න පුලුවන්. එතනදි targeted audience එකකට තමයි අපි gig එක share කරන්න ඕනෙ. ඒ කියන්නෙ හන්දියෙ ත්‍රීවිල් පාක් එකේ ගුණේ මාමායි, පොල් කඩන සෝමෙ අයියයි, එහා ගෙදර අක්කාගෙ කොල්ලයි, බල්ලයි ඔක්කොම හිටියත් ඒ fb profile එකේ logo designing gig එකක් share කරලා වැඩක් නෑනෙ.

    Facebook එකේ ඕනෙ තරම් fake profile හදන්න දෙනවා. (මම ඒක දන්නෙ මම report කරපු fake profile වලටත් facebook එකෙන් මට එවලා තිබුණා “එයා භයානක විදිහට ඒක යොදවන්නෑනෙ. ඒ හින්දා කමක් නෑ” කියලා. 😂)
    Fiverr එකේ වැඩිපුරම ඉන්නෙ USA වල buyerලා. ඒ හින්දා USA ඉලක්ක කරගෙන facebook profile එකක් හදලා, USA වල අයවම add කරගන්න එක තමයි හොඳ. ඒ වගේම targeted audience එක හොයාගන්න ඕනෙ. උදාහරණයක් විදිහට සින්දු වල sounds improve කරනවා නම් ඒකට ගායකයො (නැත්තං ගායකයො වෙන්න හිතාගෙන ඉන්න අය/ reality show වලට ඉදිරිපත් වුණ අය etc.) හොයාගන්න පුලුවන් නම් ඒ අයට අපේ සේවාව අවශ්‍ය වෙන්න පුලුවන්. Book cover design කරනවා නම් ක්‍රීඩකයො දාගෙන හරියන්නෑ, ලේඛකයො හොයාගන්න ඕනෙ. Article writing කරනවා නම් article ලියාගන්න ඕනෙ අයව, Presentation design කරනවා නම් presentation හදාගන්න අවශ්‍ය අයව, programming කරනවා නම් programming වැඩ අවශ්‍ය වෙන විදිහෙ අයව හොයාගන්න ඕනෙ.

    ඒ හින්දා දැන් ඉඳන්ම Facebook profile එකක් හදාගෙන ටික ටික friendsලා හදාගන්න බලන්න. පස්සෙ කාලෙක තව වැඩ වලට වැදගත් වෙන්න පුලුවන්.

    ඊළඟ ත්‍රෙඩ් එකෙන් හමුවෙමු.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    USA fake profile වලට friendsලා add කරගන්න එක නම් ලේසි නෑ පුතේ. මෙහෙ උන්ට නම් කෑල්ලක් දාලා profile එකක් හදල හෙට ඉඳලා friend request accept කරන්න තියෙන්නේ. එහෙ උන්ට කොච්චර request දැම්මත් මලාට accept කරන්නේ නෑ
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,116
    1,614
    113
    USA fake profile වලට friendsලා add කරගන්න එක නම් ලේසි නෑ පුතේ. මෙහෙ උන්ට නම් කෑල්ලක් දාලා profile එකක් හදල හෙට ඉඳලා friend request accept කරන්න තියෙන්නේ. එහෙ උන්ට කොච්චර request දැම්මත් මලාට accept කරන්නේ නෑ
    meka nam atta. 100 dammoth 1 i
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113