Fiverr (5 කොටස) - Orders නැත්තං හේතු 2යි

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1 කොටස: Enter වෙන විදිහ
    2 කොටස: අලුත් අයගෙ ප්‍රශ්න වලට පිළිතුරු
    3 කොටස: Gig එක උඩට ගැනීම
    4 කොටස: Gig එක උඩට ගැනීම තවදුරටත්
    5 කොටස: පළවෙනි ඕඩරයට පෙර

    5-ii කොටස 👇

    Orders නැති වෙන්න හේතු 2යි
    1. Gig එක යට ගිහින්
    2. Gig එකේ පෙනුම මදි

    1) Gig එක search results වල කොතනද තියෙන්නෙ කියන එක ඔයාටම search කරලා බලන්න පුලුවන්. ඒ වගේම My business > Gigs වලට ගියාම තියෙන impressions (gig එක කීදෙනෙක් දැක්කාද කියන එක) අනුවත් අපේ gig එක තියෙන තැන ගැන අදහසක් ගන්න පුලුවන්. Gig එක යට ගිහින් නම්, Impressions අඩුයි නම් Gig එක SEO කරලා උඩට ගන්න ඕනෙ.
    ඉතිං පොඩි වෙලාවක් අරන් keyword research එකක් කරලා හොඳ keywords ටිකක් හොයාගන්න විදිහ සහ ඒ keywords දාන්න ඕනෙ තැන් ගැන කලින් අපි කතා කළා. එක දවසින් Gig එක උඩට එන්නැති වෙයි. සතියක් වගේ තියලා බලන්න. ඒ වගේම විවිධ ක්‍රම වලින් try කරන්න. (දැනට orders එන හෝ උඩ තියෙන Gig එකක් නම් වෙනස්කම් කරන්නැතුව ඉන්න එක තමයි හොඳ.)

    එහෙනම් ආයෙ "මට orders නෑ" කියන්න එපා. "මගෙ Gig එක යට ගිහින්" කියන්න. (Gig එක යට ගිහින් නම් ඒක උඩට ගන්න try කරන්න)

    .
    2) Gig එක දැක්කට මදි දැකලා අහක බලන් යනවා නම්. ඒ හින්දා දැකපු කෙනාගෙ හිත එතන නවතින විදිහෙ Gig image එකක් හදන්න ඕනෙ. අපි මුලදිත් කතා කළා වගේ Search results වල අපේ Gig එක දැකපු කෙනෙක් ඒක උඩ click කරන්න බලපාන්නෙ මෙන්න මේ කරුණු ටික විතරයි.
    • Gig image
    • Title
    • Rating
    • Price
    • Seller level
    • Clients

    ඔතනින් Clients සහ Seller level එක අලුත් අයට නෑ. (ඒක ප්‍රශ්නයක් කරගන්න එපා)
    • Price එක දාන එක ඉතිං ගේමක් නෑනෙ.
    • Rating එක විදිහට 5 stars review එකක් දාගන්න පුලුවන් කලින් ත්‍රෙඩ් එකේ විදිහට. (Something is better than nothing නෙ)
    • ගැම්මට Title එකක් දාන්නත් පුලුවන්.
    • අලුත් කෙනෙක් වුණාට Gig image එක සුපිරියටම හදන්න පුලුවන්නෙ.
    ඉතිං Gig එකට clicks ගන්න බැරිද? My business > Gigs වලට ගියාම තියෙන Clicks යටතේ බලාගන්න පුලුවන් Gig එකට clicks කොච්චර ඇවිත් තියෙනවද කියලා. Impressions තිබිලත් Clicks නෑ කියන්නෙ Gig එක ඒ අයට පෙනෙන විදිහේ ගැටළුවක් තමයි තියෙන්නෙ.
    ඉතිං Impressions තියෙන කෙනෙක් නම් “මට orders නෑ” කියන්න එපා. “මගෙ Gig එකේ look එක හරි නෑ” කියන්න. (ඒ පෙනුම හරියට හදාගන්න)

    (හොඳ Gig image එකක් තිබිය යුතු විදිහ ගැන Fiverr එකෙන්ම දාපු article එකක් මේක. මේකත් බලන්න. https://www.fiverr.com/support/arti...ler_dashboard&source=seller_dashboard_banners ඊට අමතරව ඔතන තියෙන අනිත් articles වලත් පට්ටම වැදගත් කරුණු තියෙනවා)

    * කෙනෙක් Gig එක click කරපුවාම එයාට Description එක කියවන්න ලැබෙනවා. ඔය Description එකෙන් (සහ sample images වලින්) එයාව යන්න නොදී රඳවාගන්න ඕනෙ. (@හෙළයෙක් අදහසක් දීලා තිබුණා Description එක හදාගන්න ChatGPT පාවිච්චි කරන්න කියලා)

    Rating එක 5.0⭐ නැත්තං?
    5.0⭐ නෑ කියන්නෙ ඉතිං ඉස්සර කරපු සුළු වැරදි නිසා චරිතය නසාගෙන කියන එක තමයි. හැබැයි හැමෝම ඕක බලන්නෑ. “දැන් කාලෙ ඕවා බලන්නෑ” කියලා කියන අයත් ඉන්නවා. ඒ හින්දා ඉතිං හිත ඇදිලා යන රූපයක් තියෙනවා නම් rating එක ටිකක් අඩු වුණත් ඇදගෙන යන්න පුලුවන්. 🤷

    අතන Cients කියන්නෙ මොකද්ද?
    අපි කලින් Fiverr එක හරහා මෙන්න මේ Clients ලාට සේවාව ලබාදීලා තියෙනවා කියලා අනිත් buyers ලාට පෙන්නන්න පුලුවන් ඕකෙන්. ඔයා ඔය දේට qualified නම් Fiverr එකෙන් notification එකක් එවනවා. (Dashboard එකටත් දානවා)

    Orders නැත්තං හේතු 2යි
    1. Gig එක යට ගිහින්
    2. Gig එකේ පෙනුම මදි
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bro mata hodata order apu gig eka Dan orders ennema na . review hodata tiyenawa
    2022.november to now no orders 😢😢
    අලුත් gigs උඩ එනකොට කලින් උඩ තිබුණ gigs යට යනවා. Reviews 20ට වැඩිය තියෙනවා නම් promoted දාගන්න එකත් සාර්ථකයි.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Update

    01) ChatGT
    දැන් AI වලින් හදපු descriptions අහු වෙන සීන් එකක් තියෙනවා. Google translate එකේ සිංහලෙන් ගහලා, english වලට translate කරලා, grammarly එකෙන් ව්‍යාකරණ (grammer) ටික හදලා දාන්න.

    02) Clients
    සමහර වෙලාවට Fiverr එකේ teams වලින්ම සමහර වැඩ වලට orders එන අවස්ථා තියෙනවා. අන්න ඒ වෙලාවට තමයි clients වල Fiverr කියලා දාන්න පුලුවන් වෙන්නෙ.

    03) Fiverr warnings
    * පළවෙනි warning එක:- TOS (Terms Of Service) උල්ලංඝනය කිරීමක් වුණොත් warning එකක් එවනවා (එදා ඉඳන් ඉතිං අර හපපු බල්ලාව දවස් ගාණක් පරිස්සම් කරනවා වගේ පරිස්සම් වෙන්න ඕනෙ)
    * දෙවනි warning එක:- ⁣දෙවනි සැරේටත් warning එකක් ආවොත් Fiverr account එක තාවකාලිකව restrict කරනවා (මාස 2කට විතර restrict කරනවා කියලා තමයි කියන්නෙ)
    * තුන්වෙනි warning එක:- ඇත්තටම තුන්වෙනි එකක් නෑ කියලා තමයි කියන්නෙ. ඒ කියන්නෙ Fiverr account එක permanently disabled.
    මේ warning වලින් එන ප්‍රශ්න, restrictions, disable කරන ඒවා customer support එකට කියලාවත් හදාගන්න පුලුවන් දේවල් නෙවේ කියන එකත් මතක තියාගන්න ඕනෙ.
     
    Last edited: