Floating Market අසල අතහැර දැමූ දුම්රිය පාලම

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Floating Market අසල අතහැර දැමූ දුම්රිය පාලම

    පිටකොටුවේ ඇවිදින ඔබට එහි මෑතක ඉදිකරන ලද පාවෙන වෙළදපොල (floating market) අසල අතහැර දැමූ දුම්රිය පාලමක් දැකගත හැකිය. වසර සියයකටත් එහා ගිය ඉතිහාසයක් මේ කුඩා දුම්රිය පාලමට තිබෙන නමුත් බොහෝ දෙනා මේ පාලම ගැන නොදනිති. එක්කෝ එතරම් අවධානයක් යොමුකරන්නේ නැත.


    මේ පාලමේ ඉතිහාසය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉතිහාසයටත් වඩා පැරණිය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය 1911-17 අතර කාලය තුල සාදන ලද අතර එය විවෘත වූයේ 1917 මාර්තු 04 වෙනිදාය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය හදා ඇත්තේ බේරේ වැවේ විශාල පෙදෙසක් ගොඩකරනු ලැබීමෙන් පසු ඒ මතය.අද දකින මේ කොටුව දුම්රිය ස්ථානය හදන්නට පෙරද ‘කොටුව“ නමින් හදුන්වන ලද වෙනත් දුම්රිය ස්ථානයක් තිබුණි. එය තිබුණේ පිටකොටුවේ ඕල්කට් මාවත අද්දර දැන් මැනිං මාර්කට් එක තිබෙන ඉඩමේ කොටසකය. මරදානේ පාලම යටින් කොටුව පැත්තට යන දුම්රිය මාර්ගය එදා තිබුණ විශාල බේරේ වැව හමුවත්ම දකුණට හැරී එහි ඉවුර දිගේ ගොස් ඕල්කට් මාවතට සමාන්තරව දිව යන සේ එදා සකස්කර තිබුණී. මුහුදුබඩ දුම්රිය මාර්ගය ලෙස එදා හැදින්වූයේ එයයි. ඒ දුම්රිය මාර්ගය දිවගියේ අද තිබෙන කොටුව දුම්රිය පලේ ඉදිරිපසිනි. හරියටම කිවහොත් දැන් තිබෙන කොටුව දුම්රිය පලේ වාහන නවතන රථගාල මතිනි. මා මේ කියන දුම්රිය පාලම ඒ පැරණි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හමුවූ පළමුවෙනි පාලම ය.


    අද තිබෙන කොටුව දුම්රිය ස්ථානය හැදීමෙන් පසුව ඒ පැරණි දුම්රිය මාර්ගය භාවිතයෙන් ඉවත් කර ඒ වෙනුවට ගොඩකරන ලද බේරේ වැවෙහි කොටසක් මත නව දුම්රිය මාර්ගයක් සෑදූහ. මේ කියන පාලමෙන් එහාට (කොටුව දෙසට) තිබූ පැරණි දුම්රිය මාර්ගයේ කොටසක් ඉවත් කර එහි ‘කොළඹ දොඹකර අංගනය“ (colombo crane yard) සකස්කරන ලදී. විවෘත වැගන් වල කොළඹින් පිටතට ගෙනයන අතින් පැටවිය නොහැකි තරමේ බරින් යුත් බඩු එකල පැටවූයේ වාෂ්ප දොඹකර මගින් colombo crane yard එක තුල දීය. 1970 දශකයේ අග භාගය තෙක් මේ පාලම මතින් වැටීතිබූ දුම්රිය මාර්ගයෙන් colombo crane yard එක වෙත දුම්රිය යාම ඊම විය.


    විවෘත ආර්ථිකයේ ආගමනයත් සමග දුම්රිය භාණ්ඩ ප්‍රවාහනයෙන් ඉවත්වූ අතර කොළඹ දොඹකර අංගනය වසා දමන ලදී. :(:(:(

    ඒ සදහා මේ පාලම මතින් ඉදිකර තිබූ සියවසකට එහා ඉතිහාසයක් ඇති පැරණි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අවසන් කොටසද ඒ හා සමගම ගැලවී ගියේය. :(:(:(

    එදා දුම්රියට අයත්ව තිබූ කොළඹ දොඹකර අංගනය (colombo crane yard) අද බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පල බවට පරිවර්තනය වී තිබේ.
    (ෆ්ලෝටින් මාකට් හි ඡායාරූපයේ කොළ පැහැ කවයෙන් දැක්වෙන්නේ ඉපැරණි දුම්රිය පාලමයි. සිතියම් දෙක 1909 සහ 1960 වර්ෂයන්ට අයත්ය. ඒවායේ පාලම ඇති තැන රතු තිත මගින් දක්වා ඇත.)


    17349588_280632515707478_5858606786603236709_o.jpg


    17390845_280632629040800_8634479993074792676_o.jpg


    Credits goes to my very good friend "Mr. Nalin Abenayaka" :cool:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඕක කොච්චර දැක තිබ්බත් අදනේ සිද්දිය දන්නේ... මේච්චර ලොකු කතාවක් ඕක පිටිස්සේ තියෙනව කියලා කවුද දන්නේ...
    +12