Folder Context Menu එකට Copy to, Move to Function එක Add කරමු

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    Folder Context Menu එකට Copy to, Move to Function එක Add කරමු

    හැමදාමත් වැදගත් දෙයක් අපේ යහලුවන්ට දෙන අපි අදත්, ඔන්න ඔයාලට වැදගත් දෙයක් කියාදෙන්නයි යනනෙ.

    ඔය පල්ලෙ තියන රෑප වල ව‍ගේ Folder එකක් Right Click කරල එක ඔයාලට අවශ්‍ය Path එකකට Copy කර ගන්න හරි Move කර ගන්න හරි පුලුවන් විදිහට Registry Editor එක වෙනස් කරගන්න විදිහයි මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ.



    1.) දැන් ඔයා පල්ලෙ තියන රෑපෙ විදිහට Start Menu>>Run ඔපන් කරල regedit ලෙස Type කරල Ok බොත්තම ඔබල Registry Editor එක ඔපන් කරගන්න.










    2.) දැන් ඔයා Registry Editor එක ඔපන් කරගන තියෙන්නෙ. දැන් ඔයා Registry Editor එකේ මෙම Path එකට යන්න HKEY_CLASSES-ROOT\Allfilesystemobjects\shellex\ContextMenuHandlers\


    3.) අපි දැන් Folder එකක Context Menu එකට Copy to Function එක Add කරමු. දැන් ඔයා පල්ලෙ තියන රෑපෙ විදිහට ContextMenuHandlers කියල තියන Key එක මත Right click කරල New Key එකක් සාදාගන්න. ඒ හදපු Key එකේ name එකට {C2FBB630-2971-11D1-A18C-00C04FD75D13} කියල දෙන්න. දැන් Folder එකක Right click කලාම Copy to Function එක ඔයාට දකින්න පුලුවන්.



    4.) දැන් අපිට තියෙනනෙ Moveto Function එක Add කරගන්නයි. ඔයා කලින් කරපු විදිහටම ContextMenuHandlers කියල තියන Key එක මත Right click කරල New Key එකක් සාදාගන්න. ඒ හදපු Key එකේ name එකට {C2FBB631-2971-11D1-A18C-00C04FD75D13} කියල දෙන්න. දැන් Folder එකක Right click කලාම Move to Function එක ඔයාට දකින්න පුලුවන්.


    උපුටා ගත්තේ මෙතනින්......http://2011-sinhalaya.blogspot.com/2011/11/blog-post_8494.html

    ( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )