ZLT S10 unlock කරමු නේද?(1.16.9)

lilman

Well-known member
  • May 10, 2009
    40,878
    54,364
    113
    Colombo
    මචන් උඹ අර පොරගෙන් ගනිපු එකේ version එක 1.17.4 ද ?

    ඔව්.හැබැයි අන්ලොක් කරල දෙන්නෙ.ඒත් බෑන්ඩ් ලොක් කරන්න වෙනමම ලොග් වෙන්න ඕනෙ.ඒක මේ ක්‍රමෙන් හදාගන්න බැලුවෙ.තවම බැරි උනා..
     
    • Like
    Reactions: hi.dushan

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඔව්.හැබැයි අන්ලොක් කරල දෙන්නෙ.ඒත් බෑන්ඩ් ලොක් කරන්න වෙනමම ලොග් වෙන්න ඕනෙ.ඒක මේ ක්‍රමෙන් හදාගන්න බැලුවෙ.තවම බැරි උනා..
    කාගෙන්ද ගත්තෙ? කීයක් උනාද unlocked එක?
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,122
    113
    Android
    ZLT S10 රවුටර් ඕන වර්ශන් එකක් unlock කරන විදිය කියන්න මේක දැම්මෙ. අන්ලොක් කරන අය හිටියත් මේක ගැන හොයල බලන්න හිතුනෙ අන්ලොක් කරන අය කරන වැඩ නිසා. pc එකට ලොග් වෙනව anydesk හරහ screen off කරන්නෙ නෑ කියල. ඕෆ් කරල අන්ලොක් කරන්නෙ. ඒ අන්ලොක් කරන්නෙ කොහොමද පිටරට තායි උන්ගෙ script run කරල. තව කීලොග්ගර් එකක් දාන්න වැඩි කාලයක් යන්නෙත් නෑ ඉන්ටර්නෙට් ඩේට වලට දැනෙන්නෙත් නෑ. ඔව්ව වැඩක් නෑ අන්ලොක් කරමු අපිම. youtube දන අයටත් දාගන්න පුලුවන් මෙතඩ් එක.

    රවුටර් version එකෙන් version එක ෆැක්ටරි ලොක් කරල එවන features වෙනස්. එවන එවන එක unlock කරනවනෙ. උනුත් කැමති නෑ ඉතිම් second වෙන්න. උනුත් අලුත් අලුත් වැඩ කෑලි දානව.

    මේකෙදි අපි firmware එකට අතවත් නොතිය unlock කරන්නෙ. එතකොට රවුටර් එකට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. default එන විදියමයි. පිටින් අරන් firmware ගහන්න පුලුවන්. ඒ firmware customize කරලද නැද්ද අපේ router එකට සෙට් වෙයිද කවුද දන්නෙ.

    [#] (ඇති බන් හෑල්ල unlock කරන්න ආවෙ.)

    ZLT S10 version 1.16.9 එක unlock කරන්නෙ. අනිත් version වලටත් පුලුවන් මේකම. ADB (android debugging bridge) හරහා කරන්නෙ.

    විශේෂයෙන් කියන්ට ඕන මේ අමාරු කාලෙ අපිට
    male to male usb cable එකක් හොයාගන්න වෙනව. කේබල් එකක් හදාගන්නවනම් මේ විදියට පාස්ස ගන්න දෙපැත්තම.

    eVqYEnSh.jpg


    Router එක ethernet connect කරගන්න. usb, ssh, dropbear, factory Disable එන්නෙ ඒව enable කරගන්න ඕනි.
    Administrator log වෙන්න. browser එකේ right click කරල developer tool ගිහින් network tools යන්න.
    goform_get_cmd_process මෙහෙම request යනව පේනවනෙ. request එකක් right click කරල edit resend කරන්න request එකක් යවන්න.
    උඩම පෙන්නයි ...goform_get_cmd_process මෙහෙම url එකක් ඒක change කරන්න ...goform_set_cmd_process කියල.
    යට command එකට මේක replace කරන්න usb port enable කරන්න. ඊට පස්සෙ request එක send කරන්න.
    Code:
    isTest=false&goformId=TZ_SET_USB_STATUS&usbPortEnable=1&usbDownloadEnable=1

    මේ command එකත් දාල request එක send කරන්න. telnet,adb,dropbear enable කරන්න මේ request එක යවන්නෙ.
    Code:
    isTest=false&goformId=TZ_CMD_SECURE_LOGIN&telnetdEnable=y&adbEnable=y&dropbearEnable=y

    හරි දැන්. ADB android debug bridge tool එක download කරන්න.extract කරල එ exe run කරන්න එපා double click කරල. cmd වලින් access ගන්නෙ.
    https://dl.google.com/android/repository/platform-tools-latest-windows.zip

    extract කරල CMD open කරන්න ඔය folder එක ඇතුලෙ.
    අර හදගත්තු usb cable එක ගන්න වැල් බඳින්න තියාගන්නෙ නැතිව. (කියන්න එපැයි ගන්න, මෝඩ යකෙක් මූ.)
    රවුටර් එකට usb ගහල PC එකට connect කරගන්න.

    USB\VID_19D2&PID_0579&REV_0100&MI_06
    https://www.driveridentifier.com/scan/zxic-mobile-boardband-driver/download/1380610963/252D0B19DA784DA5954A28A7F57F297C/USB\Class_FF&SubClass_42&Prot_01#google_vignette

    drivers ඕකෙන් දාල install කරගන්න. device manager වල රවුටර් එක අරන් ඇති.

    දැන් අර CMD එකක් open කරගත්ත නේද.
    ADB devices
    කියල type කරල enter කරන්න device එක පෙන්නයි.

    දැන් ඉතින් files අදින්න තියෙන්නෙ router එකේ. මෙහෙමයි අදින්නෙ. ඕන files ටික අදිමු, අනිත් files ඕන්නම් ඇදල බලන්න.

    මෙහෙම ගහන්න cmd එකේ. router එකේ etc_ro/default folder එක ඇදල default folder එකට දාල දෙන්න කියන්නෙ.
    Code:
    adb pull /etc_ro/default default

    default folder එක හැදිල ඇති. ඒක ඇතුලෙ configure file දෙක තියෙනව. ඔය folder එක backup කරගන්න.
    default_parameter_sys
    default_parameter_user

    ඔය file දෙක edit කරමු.
    default_parameter_sys මුලින් ගන්න මේක. මේ ලයින් ටික edit කරගන්න ඉස්සරහ තියෙන විදියට

    Code:
    need_support_pb=no                  need_support_pb=yes
    need_support_sms=no                 need_support_sms=yes
    tz_lock_band_state=yes              tz_lock_band_state=no
    tz_lock_plmn_state=yes              tz_lock_plmn_state=no
    tz_lock_plmn_list=XXXXX             tz_lock_plmn_list=
    tr069_app_enable=1                  tr069_app_enable=0
    allow_login_from_wan=yes            allow_login_from_wan=no
    tz_voice_support=0                  tz_voice_support=1

    default_parameter_user මේකත් edit කරමු

    Code:
    tz_web_page_hide=c37853fa0aea          tz_web_page_hide=2000000
    tz_web_user_hide=61fdf9ea9eef          tz_web_user_hide=10000000
    tz_language_select_hide=1              tz_language_select_hide=0
    tz_web_special_func=80                 tz_web_special_func=0

    router එකේ /yaffs එක ඇදල yaffs folder එකට අදිමු.
    Code:
    adb pull /yaffs yaffs

    Code:
    export tz_lock_plmn_state_s="yes"             export tz_lock_plmn_state_s="no"
    export tz_lock_plmn_list_s="XXXXX"            export tz_lock_plmn_list_s=""
    export tz_language_select_hide_u="1"          export tz_language_select_hide_u="0"
    export tz_web_page_hide_u="c37853fa0aea"      export tz_web_page_hide_u="2000000"
    export tz_web_user_hide_u="61fdf9ea9eef"      export tz_web_user_hide_u="10000000"

    හරි files තුනක් edit කලා. ඒ තුන රවුටර් එකට දාමු. තියෙන ෆයිල්ස් replace කරන්නෙ.
    ඔය command තුන cmd run කරන්න. තුනම replace වෙයි.

    Code:
    adb push yaffs/apply_config.conf /yaffs/apply_config.conf
    adb push default/default_parameter_sys /etc_ro/default/default_parameter_sys
    adb push default/default_parameter_user /etc_ro/default/default_parameter_user


    හරි රවුටර් එක unlock කළා ඔයා. restart එකක් දාන්න මුලින්. restart එක උනාම factory reset එකක් දාන්න කැමති නම්.

    පොස්ට් එක ලස්සන ලියන්න කම්මැලියි . නොතේරුන තැනක් තියේනම් පෝස්ට් එකක් දාන්න.

    අමතර දෙයක්:
    https://github.com/binarykore/SEI120G/blob/master/README.md

    image.png
    USB\VID_19D2&PID_0579&REV_0100&MI_06
    https://www.driveridentifier.com/scan/zxic-mobile-boardband-driver/download/1380610963/252D0B19DA784DA5954A28A7F57F297C/USB\Class_FF&SubClass_42&Prot_01#google_vignette

    methana download karanna thiyenne mahine eke nathi drivers automatic hyala download karawana ekakne....meyke pennanna eva install karala thiena evath kela wei... hari eka mokadda?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    USB\VID_19D2&PID_0579&REV_0100&MI_06
    https://www.driveridentifier.com/scan/zxic-mobile-boardband-driver/download/1380610963/252D0B19DA784DA5954A28A7F57F297C/USB\Class_FF&SubClass_42&Prot_01#google_vignette

    methana download karanna thiyenne mahine eke nathi drivers automatic hyala download karawana ekakne....meyke pennanna eva install karala thiena evath kela wei... hari eka mokadda?
    drivers install කරන්න. device එක අරන් නෑ.


    zxic mobile broadband උඩ right click කලා properties > Details.
    property කියන තැන hardware id දාන්න.
    මෙහෙම පෙන්නයි USB\VID_04A9&PID_1795
    "VID_04A9&PID_1795" මේක google කලා driver එක ගන්න.

    මන් දාපු drivers ගොඩක් දුරට සෙට් වෙන්න ඕනි.

    නොදන්න තැනකින් drivers අරන් දාද්දි download කල driver folder එක extract කරගන්න.
    ZXIC mobile broadband right click කලා. install drivers දුන්න. driver folder location දුන්න install
     
    • Like
    Reactions: kinkon

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    සුපිරියි බ්‍රෝ , මමත් mobile s10 එකක් අරගෙන කරන්න ඉන්නේ මේක බලාගෙන , මට airtel සිම් එකක් දාන්න s10 එකක් මේ විදියට හදාගන්න පුළුවන් වේවි නේද මචන්


    මෙන්න මේ ටික තව පොඩ්ඩක් කරන විදිහ පැහැදිලි කරලා කියනවද මචන්👇

    ඔය file දෙක edit කරමු.
    default_parameter_sys මුලින් ගන්න මේක. මේ ලයින් ටික edit කරගන්න ඉස්සරහ තියෙන විදියට
    wade karagaththada machan?