Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Breakout and Stop Zone (BSZ)

    මේක එච්චර ලොකු පාඩමක් නෙවෙයි. ඒ උනාට ගොඩක් වටිනවා. පදමට එන්න කලින් කල්පනා කරලා බලමුකෝ retail trader කොහොමද හිතන්නේ කියල. support line එක ලගදි buy කරනවා. resistance line එක ලගදි sell කරනවා. දැන් අපි support resistance අදුරගන්නේ කොහොමද? support එකක් හැදෙන්නේ එකම price එකට low එකකට වඩා වැඩියෙන් ආවම. resistance එකක් හැදෙන්නේ එකම price එකකට high එකකට වඩා ආවම. ඒ කියන්නේ පහල පෙන්නලා තියෙන විදියට. මේක තමයි හැමදාම retail trader කරන වැඩේ.
    Z2ocUqE.png

    ඉතින් දැන් resistance එක ලග ගොඩක් sell orders තියෙනවා. ඒවාට කට්ටිය stop loss එහෙම දාල තියෙන්නේ (sell වල stop loss කියන්නේ buy orders කියල අමතක කරන්න එපා!)support line එක ලග buy orders තියෙනවා. ඒ වගේම ඒවගේ stop loss ඔක්කොම sell orders විදියට තියෙනවා. sell කරන කෙනෙක් ට වැඩියෙන් ලාබයක් එන්නේ වැඩි අගයක ඉදල විකුනනවානම්. ගන්න කෙනෙක්ට ලාබ වෙන්නේ අඩුවෙන් හම්බවෙනවානම්. ඉතින් IT (institutional traders) ල කරන්නේ resistance line එක ආසන්නයේදී price එකට buy කරනවා. එතකොට වෙන්නේ price එක ඉහල යන එක. මේකට ගොඩක් buy කරන්න ඕනේ නැ. පොඩ්ඩක් කලානම් ඇති. ඒ කියන්නේ retail traders ලගේ stop loss ටික trigger වෙනකන් විතරයි(stop loss කියන්නේ buy orders තමයි resistance එක ආසන්නයේ) දැන් stop loss trigger උනාම price එක තව ඉහල යනවා. අන්න දැන් තමයි IT ලගේ ඇත්තම sell orders ටික trigger වෙන්නේ. දැන් අපහු price එක පහලට එනවා වේගෙන්. ඉතින් අපේ කස්ටිය හිතනවා resistance එක break උනාම price එක ඉහලටම යනවා කියල. හැබැයි එහෙම නොවෙන්නේ මම කියපු විදියට IT ල වැඩේට සහභාගී උනාම. ඔය සිද්දියේ අනිත් පැත්ත තමයි support line එක ළග වෙන්නේ. එක පැහැදිලි කරන්න ඕනේ නැ මම හිතන්නේ. අන්න ඒ සිද්දියම තමයි @Finding_Nemo ටත් උනේ. පොඩ්ඩක් chart එකේ වම පැත්ත බැලුවනම් පෙනේවි. දැනටම price එක support එකක් හදල තියෙන්නේ low එකක් එක්ක. අයෙත් ඒ ආසන්නයේ buy order එකක් දාන එක භයානකයි. අනිවාර්යෙන් low දෙකට පහලින් FL එකක් තියෙනවනම් එතනට price එක ගිහින් bounce වෙනවා. මම මේ article එක ලියන අතට තුරේ එක උනා. :D පහල පෙන්නලා තියෙන්නේ example එකක්.
    vYA9k6E.png

    මේ ඉහල තියෙන image එකේ රතු පාට කඩ ඉරෙන් පෙන්නලා තියෙන්නේ සාමාන්යෙන් resistance එකේදී sell කරන්න බලන් ඉන්න retail trader කෙනෙක් දාන stoploss. කොළ පාට කඩ ඉරෙන් දාල තියෙන්නේ IT උන්දැලා දාන stoploss.අපිත් එයාලා දාන තැනම තමයි දාන්න ඕන.
    පහල මම දාල තියෙනවා ඇත්තටම chart වල BSZ level කීපයක්.

    මේ තියෙන්නේ USDCHF
    8eaMxAL.png


    මේක GBPUSD.. මේකේ නම් buy එක උනා මම article එක ලියනකොට. හැබැයි මගේ trade එක trigger උනේ නැ. image එකේ නම් FL එක පෙන්නේ නැ. එක තියෙන්නේ chart එකේ වම පැත්තට වෙන්න. weekly chart එකේ ලොකුවට FL එක පේනවා. එකේ MPL එකට තමයි react කරලා තියෙන්නේ
    KxAZk7s.png

    @Finding_Nemo, පොඩි අවවාදයක්!.. ඔයා analyze කරද්දී higher time frame(HTF) එකේ ඉදන් පහලට එන්න. HTF වල FL වල power එක වැඩි LTF වලට වඩා. ඔයාගේ trade එක fail උනේ ඔයා trade කලේ BSZ level එකේදී. BSZ level එකකදී trade කරන්න හොද නැ.

    Note: මම අන්තිමට දාල තියෙන GBPUSD chart එකේ මම mark නොකරපු තව BSZ එකක් තියෙනවා. පුලුවන්නම් හොයල කියන්න. එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. ඔක්කොම හොයල කියන්න බලන්න
     
    Last edited:

    Finding_Nemo

    Member
    Nov 30, 2018
    10
    1
    0
    Bsz trade USDCHF. FL eka eeye rathriye hit wela prens

    :yes: මට හිතෙන්නෙ 99526 හිට් වෙලා ආයෙ උඩට යයි. 529දි බයි එකක් දැම්මා.
    ඔයාගෙ අදහසත් කියන්න සහෝදරයා. කවුරු මොනා කිව්වත් කාට වැරදුණත් කමක් නෑ.
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    :yes: මට හිතෙන්නෙ 99526 හිට් වෙලා ආයෙ උඩට යයි. 529දි බයි එකක් දැම්මා.
    ඔයාගෙ අදහසත් කියන්න සහෝදරයා. කවුරු මොනා කිව්වත් කාට වැරදුණත් කමක් නෑ.

    Oya buy eka dapu thanath bounce wenawa price eka. Mata hithenawa price eka 99270 tharam pahalata yai kiyala
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ehema nowenna mokakda karanna ona?

    SL nothiya inna ekada? loku ganak SL tiyana ekada?

    2 ma neweida?

    trick eka mokakda kiyala dannawanam, react karana FL ekata yatin SL tibbama hodatama athi. SL nothiya inna eka karanna hodama nathi wedak!

    monawada me tricks?

    mata meke chart eka mokakda kiyala danne nathiwa kiyanna ba machan hariyatma. 2017 dapu comment ekak ne. e welawe dakapu deyak wenna ona
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    trick eka mokakda kiyala dannawanam, react karana FL ekata yatin SL tibbama hodatama athi. SL nothiya inna eka karanna hodama nathi wedak!



    mata meke chart eka mokakda kiyala danne nathiwa kiyanna ba machan hariyatma. 2017 dapu comment ekak ne. e welawe dakapu deyak wenna ona

    e wage tricks monawada tiyenne?

    ketiyen pahadili karanna barida pics dala

    tama thread eka kiyawan yana gaman.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    QM, DM, BSZ, iQM කියන හැම එකම tricks තමයි. මම ලිපි වල දාලා තියෙන්නෙ එවා. images එක්කම.
     

    mmgdinuka

    Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    Thanks machan godak dewal igena gaththa. api aththatama meken deyak igena gannawa ubata pin sidda wenna.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Thanks machan godak dewal igena gaththa. api aththatama meken deyak igena gannawa ubata pin sidda wenna.

    practise karanna ona article wala thiyena ewa.. naththam machan owa pawichchi karala trade karanna ba. chart eka open karala 1min history download karaganna 1980 withara parana ewa. eeta passe, parana chart okkoma analyze kara kara balanna. FL koheda thiyenne, ewata keeparak price eka awilla giya da, awilla FL eka break unata passe price eka aye yanne kohetada.. nikan ma article eka girawa daala hariyanneth na
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    AUDJPY 81.28 BsZ level ekak hadala thiyenne, price eka 81.28 ta wadaa pahalata gihin udata ewei
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    මෙ සතියට හරියන්න අපි analysis දෙක තුනක් කරමු ද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    Fibonacci gana danna ba machan. therumak na. Fibonacci kiyanne boruwak. Engulfs kiyanne candlesticks engulfs newei. aththatama flag limit engulf wena eka. engulf gana karanna thawa godak dewal karanna ona. engulf kiyanne "reaction" yatathe thiyena padamak. api thawam karanne "Past" gana. eeta passe "approach" gana karanna ona. anthimata thamai "Reaction" karanne.

    Me okkoma gana karala iwarada machan dan?
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Ok එහෙනම් ඔන්න EURUSD analysis එක දැම්මා. කට්ටියට පුළුවන් තමන්ගේම analysis දාන්න. හැබැයි මේ thread එකේ concept වලින්. fib level, trends, bolinger, candle stick pattern.. blah blah වගේ indicator වලින් analysis දාන්න එපා.

    මේකට අමතරව තව දෙක තුනක් අදම දාන්නම්. මම දැනට price එක තියෙන මට්ටමට උඩින් තියෙන හොදයි හිතෙන SR flip level එකක් ගත්තා. එක break වෙලා හැදුන FL එක තමයි FL1 කියන්නේ. එක break වෙලා FL2 හැදෙනවා. හැබැයි මේ FL එක දැනටම touch වෙලා තියෙන්නේ chart එකේ දකුණට ගිහින් බලන්න. පොඩි වාසියකට තියෙන්නේ MPL එක touch වෙලා නෑ. ඉතින් අපි risk management පාඩමේ විදියට trade කරන්න පුළුවන්. price එක bounce උන ගමන් sl එක පහලට ගෙන්න.

    1.1461 කියන්නෙත් හොද bounce price එකක්. මොකද එතන තියෙනවා පොඩි bsz trick එකක්. කට්ටියට බැලුවොත් තේරෙයි. තේරුනේ නැත්තම් මම දාන්නම්. මෙන්න analysis එකේ image එක.
    ifyQ0CQ.png


    MPL එකට spread එක අඩු කලාම එන තැනට sell limit එකක් දාමු. මම නම් 0.02 ලොට් තමයි දාන්නේ. එකකින් sl එක cover කරගන්නවා. අනිත් එක ඔහේ දුවන්න දෙනවා. දෙකම sl hit උනොත් ඉතින් කරන්න දෙයක් නැ. trade එක හොදටම sure engulf එකක් වෙනවා පේනවනම්. නැත්තම් ඉතින් කනා ෂොට් තමයි.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    මේක තව chart එකක් USDCHF.

    SR FLIP එක break වෙලා FL4 හැදෙනවා. එක break වෙලා FL5 හැදෙනවා.
    FL5 වල MPL තවම hit වෙලා නැ. එකත් buy කරන්න හොද තැනක්. හැබැයි ඒ MPL එක පොඩ්ඩක් consume වෙලා තියෙන්නේ; spike එකක් තියෙනවා MPL එක පටන් ගන්න තැනම.
    FL3 කියන්නේ කවදාවත් touch උනේ නැති orders තියෙන තැනක්. එතනත් buy කරන්න හොද තැනක්. හැබැයි price එක එතනට එන්න කල් යාවි.

    NRBtTU7.png
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    EURUSD chart eke 1.1375 - 1.1365 අතර වැඩිය ඇහැට පෙන්නෙ නැති SR flip එකක් තියෙනවා. බලන්න හොයගන්න පුලුවන් ඩ කියල. එතන හොදයි buy කරන්න