Breakout and Stop Zone (BSZ)
මේක එච්චර ලොකු පාඩමක් නෙවෙයි. ඒ උනාට ගොඩක් වටිනවා. පදමට එන්න කලින් කල්පනා කරලා බලමුකෝ retail trader කොහොමද හිතන්නේ කියල. support line එක ලගදි buy කරනවා. resistance line එක ලගදි sell කරනවා. දැන් අපි support resistance අදුරගන්නේ කොහොමද? support එකක් හැදෙන්නේ එකම price එකට low එකකට වඩා වැඩියෙන් ආවම. resistance එකක් හැදෙන්නේ එකම price එකකට high එකකට වඩා ආවම. ඒ කියන්නේ පහල පෙන්නලා තියෙන විදියට. මේක තමයි හැමදාම retail trader කරන වැඩේ.
ඉතින් දැන් resistance එක ලග ගොඩක් sell orders තියෙනවා. ඒවාට කට්ටිය stop loss එහෙම දාල තියෙන්නේ (sell වල stop loss කියන්නේ buy orders කියල අමතක කරන්න එපා!)support line එක ලග buy orders තියෙනවා. ඒ වගේම ඒවගේ stop loss ඔක්කොම sell orders විදියට තියෙනවා. sell කරන කෙනෙක් ට වැඩියෙන් ලාබයක් එන්නේ වැඩි අගයක ඉදල විකුනනවානම්. ගන්න කෙනෙක්ට ලාබ වෙන්නේ අඩුවෙන් හම්බවෙනවානම්. ඉතින් IT (institutional traders) ල කරන්නේ resistance line එක ආසන්නයේදී price එකට buy කරනවා. එතකොට වෙන්නේ price එක ඉහල යන එක. මේකට ගොඩක් buy කරන්න ඕනේ නැ. පොඩ්ඩක් කලානම් ඇති. ඒ කියන්නේ retail traders ලගේ stop loss ටික trigger වෙනකන් විතරයි(stop loss කියන්නේ buy orders තමයි resistance එක ආසන්නයේ) දැන් stop loss trigger උනාම price එක තව ඉහල යනවා. අන්න දැන් තමයි IT ලගේ ඇත්තම sell orders ටික trigger වෙන්නේ. දැන් අපහු price එක පහලට එනවා වේගෙන්. ඉතින් අපේ කස්ටිය හිතනවා resistance එක break උනාම price එක ඉහලටම යනවා කියල. හැබැයි එහෙම නොවෙන්නේ මම කියපු විදියට IT ල වැඩේට සහභාගී උනාම. ඔය සිද්දියේ අනිත් පැත්ත තමයි support line එක ළග වෙන්නේ. එක පැහැදිලි කරන්න ඕනේ නැ මම හිතන්නේ. අන්න ඒ සිද්දියම තමයි @Finding_Nemo ටත් උනේ. පොඩ්ඩක් chart එකේ වම පැත්ත බැලුවනම් පෙනේවි. දැනටම price එක support එකක් හදල තියෙන්නේ low එකක් එක්ක. අයෙත් ඒ ආසන්නයේ buy order එකක් දාන එක භයානකයි. අනිවාර්යෙන් low දෙකට පහලින් FL එකක් තියෙනවනම් එතනට price එක ගිහින් bounce වෙනවා. මම මේ article එක ලියන අතට තුරේ එක උනා.
පහල පෙන්නලා තියෙන්නේ example එකක්.
මේ ඉහල තියෙන image එකේ රතු පාට කඩ ඉරෙන් පෙන්නලා තියෙන්නේ සාමාන්යෙන් resistance එකේදී sell කරන්න බලන් ඉන්න retail trader කෙනෙක් දාන stoploss. කොළ පාට කඩ ඉරෙන් දාල තියෙන්නේ IT උන්දැලා දාන stoploss.අපිත් එයාලා දාන තැනම තමයි දාන්න ඕන.
පහල මම දාල තියෙනවා ඇත්තටම chart වල BSZ level කීපයක්.
මේ තියෙන්නේ USDCHF
මේක GBPUSD.. මේකේ නම් buy එක උනා මම article එක ලියනකොට. හැබැයි මගේ trade එක trigger උනේ නැ. image එකේ නම් FL එක පෙන්නේ නැ. එක තියෙන්නේ chart එකේ වම පැත්තට වෙන්න. weekly chart එකේ ලොකුවට FL එක පේනවා. එකේ MPL එකට තමයි react කරලා තියෙන්නේ
@Finding_Nemo, පොඩි අවවාදයක්!.. ඔයා analyze කරද්දී higher time frame(HTF) එකේ ඉදන් පහලට එන්න. HTF වල FL වල power එක වැඩි LTF වලට වඩා. ඔයාගේ trade එක fail උනේ ඔයා trade කලේ BSZ level එකේදී. BSZ level එකකදී trade කරන්න හොද නැ.
Note: මම අන්තිමට දාල තියෙන GBPUSD chart එකේ මම mark නොකරපු තව BSZ එකක් තියෙනවා. පුලුවන්නම් හොයල කියන්න. එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. ඔක්කොම හොයල කියන්න බලන්න
Last edited:
මට හිතෙන්නෙ 99526 හිට් වෙලා ආයෙ උඩට යයි. 529දි බයි එකක් දැම්මා.
