Forex මුල සිට සරලව: CANDLESTICK PATTERNS: දෙවැනි පාඩම: ABANDONED BABY

movie_guy

Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    Forex මුල සිට සරලව: CANDLESTICK PATTERNS: දෙවැනි පාඩම: ABANDONED BABY

    ආයුබෝවන්!

    හොදයි දැන් දන්නවා Candle එකක් කියන්නේ මොකක්ද කියල. ඉතින් අද අපි බලමු Candlestick Pattern එකක් කියන්නේ මොකක්ද කියල. ඒ වගේම මේ Patterns අපෙ ගණුදෙනු වලට යොදාගන්න ආකාරය බලමු. ඉතින් මම කාරුණිකව ඉල්ලා සිටිනවා ඉදිරි පාඩම් ටිකක් සංකීර්ණ නිසා දෙතුන් වතාවක්වත් කියවන්න කියල.

    හොදයි එහෙනම් අපි අද අපෙ පළවෙනි Candlestick Pattern එක වන Bullish/Bearish Abandoned Baby ඉගෙනගනිමු. ඉතින් මෙම Pattern එක අපිට Reversal Pattern එකක් කියල හදුන්වන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේ සිග්නල් එකෙන් පසුව Trend (රටාව) මාරුවෙන්න පුළුවන්. ඇත්තටම සම්පුර්ණ Trend එකම මාරු නොවුනත් යම්කිසි මට්ටමකට මාරුවෙන්න පුළුවන්. හොදයි වටහාගැනීමේ පහසුව සඳහා අපි මෙය වෙන් වෙන් වශයෙන් කතාකරමු.

    1. Bullish Abandoned Baby
    2. Bearish Abandoned Baby

    මෙම සිග්නල් එක යොදාගෙන අපි Buy (Long) හෝ Sell (Short) ඕඩර් එකක් ගනිද්දී සිග්නල් එක Major Support/Resistance Level එකක තිබීම අත්‍යවශ්‍යයි


    Bullish Abandoned Baby

    cp_3_bullish_ab_1.jpg


    පින්තුරේ දෙස හොදින් බැලුව නේද? ඉහත පින්තුරේ ළා නිල් පැහැති කොටුවකින් පෙන්නල තියෙන්නේ Bullish Abandoned Baby අවස්ථාවක්. ඉතින් මෙහෙම කිව්වට කව්රුත් දන්නේ නැනේ අදුරගන්න හැටි. මේ සිග්නල් එකක් අදුරගන්න එක හරිම පහසුයි. Abandoned කිව්වම අපෙ මතකෙට කෙලින්ම එන්නේ අත්හරින ලද දෙයක් කියලනේ. ඔව ඇත්තටම එක තමයි මෙතනත් වෙන්නෙ. හොදයි ඉහත A,B,C බලන්නකෝ. ඔයාලට හොදින් පේනවා ඉහත සිග්නල් එක ඇවිත් තියෙන්නේ Major Support Level එකක කියල. ඒ වගේම මේ Candle වල Body එක දිහා බලන්න. ඉතින් අපිට පේනවා A close වුනු තැනයි B open වුනු තැනයි අතර පොඩි පරතරයක් (Gap) එකක් තියෙනවා. ඒ වගේම B close වුනු තැනයි C open වුනු තැනයි අතරත් පොඩි පරතරයක් තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපිට දැකගන්න පුළුවන් B තනිවෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවක් අපිට Bullish Abandoned Baby ලෙස ගන්න පුළුවන්. ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් B doji Candle එකක් වෙන්නම ඕනිද කියල. ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. නමුත් ඉහත මම කියපු ආකාරයට A,B,C පිහිටා තිබිය යුතුයි.

    හොදයි අපි දැන් බලමු මේ වගේ අවස්ථාවක අපි ගණුදෙනුවක් සිදුකරන ආකාරය. ඉහත මම පෙන්නල දීල තියෙනවා Buy Entry එක. ඉතින් පළවෙනි තහවුරුවෙන් (Bull Candle) පසුව අපිට Buy Entry එකක් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම TP (Take Profit) සහ SL (Stop Loss) ඉතත මම පෙන්නා දී තිබෙන ආකාරයට තියාගන්න පුළුවන්.

    Bearish Abandoned Baby

    cp_3_bearish_ab_2.jpg


    පින්තුරේ දෙස හොදින් බැලුව නේද? ඉහත පින්තුරේ තැඹිලි පැහැති කොටුවකින් පෙන්නල තියෙන්නේ Bearish Abandoned Baby අවස්ථාවක්. මේ සිග්නල් එකත් අදුරගන්න එක හරිම පහසුයි. හොදයි ඉහත A,B,C බලන්නකෝ. ඔයාලට හොදින් පේනවා ඉහත සිග්නල් එක ඇවිත් තියෙන්නේ Major Resistance Level එකක කියල. ඒ වගේම මේ Candle වල Body එක දිහා බලන්න. ඉතින් අපිට පේනවා A close වුනු තැනයි B open වුනු තැනයි අතර පොඩි පරතරයක් (Gap) එකක් තියෙනවා. ඒ වගේම B close වුනු තැනයි C open වුනු තැනයි අතරත් පොඩි පරතරයක් තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපිට දැකගන්න පුළුවන් මේකෙත් B තනිවෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවක් අපිට Bearish Abandoned Baby ලෙස ගන්න පුළුවන්.

    හොදයි අපි දැන් බලමු මේ වගේ අවස්ථාවක අපි ගණුදෙනුවක් සිදුකරන ආකාරය. ඉහත මම පෙන්නල දීල තියෙනවා Sell Entry එක. ඉතින් පළවෙනි තහවුරුවෙන් (Bear Candle) පසුව අපිට Sell Entry එකක් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම TP (Take Profit) සහ SL (Stop Loss) ඉතත මම පෙන්නා දී තිබෙන ආකාරයට තියාගන්න පුළුවන්.

    මීළඟ පාඩමින් නැවත හමුවෙමු. සුභ දවසක්.
     
    • Like
    Reactions: U-tag
    Jul 3, 2012
    1,394
    116
    0
    Ochchara owa kata padam karanna one na, support / ressistance level lagin Doji enawa kiyanne godak durata trend reversal ekak.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොද වැඩක්. පරණ thread ටිකත් link කරානම් ලේසියෙන් පරණ ඒවා බලන්න පුළුවන්.
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    niyamai bn.
    lakforex eke ehema loku talk denawa witharai. melo rahak na. basic tika witharai. elakiri eke forex gana tiyena okkoma thread tika kiyewwanan hoda knowlegde ekak ganna puluwan.
    tfs...