2018 දී ඊලෝන් මස්ක් ලෝන්ච් කරපු Tesla Roadster එකේ 5D ඔප්ටිකල් ස්ටෝරේජ් එකේ තිබුණ දේවල් අතරේ Foundation නවල් සීරීස් එකේ කොපි එකක් තිබිලා තියෙනවා.
සයන්ස් ෆික්ශන් සහ ෆැන්ටසිය නවල් වලට පිරිනැමෙන ස්පෙශල් Hugo සම්මානයක් වන "Best All-Time Series" සම්මානය දිනාගන්න Foundation නවල් ට්‍රිලොජිය සමත් වෙලා තියෙනවා සහ මේ ගෞරවය හිමිකරගන්න සමත්වුන ලෝකේ පළවෙනි නවල් ට්‍රිලොජිය වෙන්නෙත් Foundation.
Dune නවල් සීරීස් එක නිර්මාණය වෙන්න වගේම Star Wars ෆ්‍රැන්චයිස් එක නිර්මාණය වෙන්නත් Inspired වෙලා තියෙන්නේ Foundation නවල් සීරීස් එකෙන්
ආයූබෝවන්.. වනක්කම්.. අස්වලාම් වලෙක්කුම්.. වෙල්කම් ටු රිවිව් හූ කෙයාස් කියන්න කලින් ඔය ෆැක්ට් දෙක කිව්වේ ඇයි කියලා දන්නවද? මිනිස්සු වෙච්ච අපිට මොනාහරි දෙයක් කරන්න හේතුවක් ඕනි. ඒ හේතුව ස්පෙශල් වෙන්න වෙන්න අපි අනිවාර්යයෙන් ඒ දේ බදාගෙන කරනවා. සරලව කිව්වොත් එහෙම ලංකාව ඇතුලේ මෙලෝ හයිප් එකක් නැති, වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ හයිප් තියෙන ටිකටම පෝස්ට්, වීඩියෝස් කෙලින ගීක් කමියුනිටි එකකට මේ වගේ දෙයක් දෙන්න නම් අනිවාර්යයෙන් අර වගේ ෆැක්ට්ස් ටිකක් මුලින්ම කියන්න ඕනි. කොහොමහරි කරලා අන්න ඒ වගේ පට්ට හයිප් එකක් හැදෙන්න ඕනි සීරීස් එකක් අද (2021 සැප්තැම්බර් 24) AppleTV+ එකෙන් රිලීස් වෙනවා. ට්‍රේලර්ස් එහෙම බලපු අය දන්නවා ඇති මෙකේ එසේ මෙසේ සීරීස් එකක් නෙමෙයි කියලා.. රයිට්.. දැන් දිගටම කියවන් යන්න.. ඔය ආරම්භය විතරයි.. එහෙනම්... මේ සීරීස් එක හැදෙන්න බේස්ඩ් වුන, සයන්ස් ෆික්ශන් ඉතිහාසය වෙනස් කරපු Foundation නවල් සීරීස් එකේ පසුබිම් කතාව ගැනයි මේ කතා කරන් යමු
ෆවුන්ඩේශන් පටන් ගත්ත විදිය
සයන්ස් ෆික්ශන් ඉතිහාසය වෙනස් කරපු Foundation නවල්ස් නිර්මාණය කරපු නිර්මාතෘ තමයි අයිසෙක් ඇසිමොව් (Issac Asimov) කියන්නේ.
මෙතුමා රුසියාවේ ඉපදිලා පසු කාලීනව ඇමෙරිකාවට ආව කෙනෙක්. ෆවුන්ඩේශන් ට්‍රිලොජිය නිසා තමයි අයිසෙක්ව මුලු ලෝකෙම දැනගන්නේ. හැබැයි අයිසෙක් කියන්නේ බයෝ කෙමෙස්ට්‍රි වලින් PhD එකක් තියෙන බොස්ටන් සරසවියේ හිටිය මහාචාර්යවරයෙක්. පේනවා නේද.. තමගේ පැශන් එක ෆලෝ කරන් යන්න තමන් කවුද කියන එක අදාල වෙන්නෙම නෑ කියලා. ඒ වගේම අවුරුදු ගානක් මහන්සි වෙලා ඉගෙන ගන්නේ අවසානයේ රස්සාවක් කරන්න විතරක්ම නෙමෙයි කියලා.. අයිසෙක් මහත්තයව හදුවන්වන්නේ "Master of Science Fiction" කියලා. එතනින්ම හිතාගන්න කොච්චර විශන් එකක් තිබ්බ මනුස්සයෙක් ද කියලා.
1942 මැයි මාසේ ඉදන් 1950 ජනවාරි වෙනකම් අයිසෙක් මහත්තයා Astounding මැගසීන් එකට කෙටි කතා 8ක් නිර්මාණය කරනවා. මේ කෙටි කතා අටේ තිබුන කතාව හදන්න මූලික අදහස (ප්‍රවේශ අදහස) අරන් තිබුනේ එඩ්වර්ඩ් ගිබ්සන් රචනා කල කොටස් හයකින් සමන්විත The History of the Decline and Fall of the Roman Empire කියන පොතෙන්.
මේ පොතේ තියෙන්නේ 15 වන සියවසේ රෝමානු අධිරාජ්‍යයේ ආරම්භයේ ඉදන් අවසානය වෙනකම් බටහිර මානව ශිෂ්ඨාචාරය ගැන. ඒකෙන් අපිට තේරුම් ගන්න පුලුවන් Game of Thrones එකේ වගේ පට්ට පොලිටිකල් ස්ටෝරි එකකුත් මේකේ ඇති කියලා. අයිසෙක් මහත්තයා මේ කතාවේ මූලික අඩිතාලම නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ බටහිර පිලඩෙල්ෆියා වල නේවල් යාඩ් එකේ (නැව් තටාකාංගණය) වැඩ කරන කාලේ එයාගේ එපාට්මන්ට් එකේදී. ඔන්න දැන් කියන්න යන්නේ ටිකක් බරපතල කන්සෙපෙට් එක්ක. බොහොම කල්පනාවෙන් කියවන් යන්න
ක්ලියෝඩයිනමික්ස් (Cliodynamics) ගැන අහලා තියෙනවද? සරලව කිව්වොත් ක්ලියෝඩයිනමික්ස් වලින් කරන්න ඉතිහාසයට විද්‍යානුකූලව සලකන එක.
මෙහෙමයි... මේ කන්සෙපෙට් එකට විෂයන් ගොඩක් එකතු වෙනවා. සම්ප්‍රදායන් වල විකාශයන, අර්ථික ඉතිහාසය (ක්ලියෝමෙට්‍රික්ස්) සහ මැක්‍රොසෝසියොලොජි (සමජා විද්‍යාව ගැන විශාල පරාසයකින් කතාකරන විෂයක්) කියන විෂයන්ගේ එකතුවක් ඇසුරෙන් තමා ක්ලියෝඩයිනමික්ස් හැදෙන්නේ. තවත් සරල කලොත් ඉතිහාසයේ වුන සිදුවීම් ඇනලයිස් කරලා ඒවට ගණිතමය සූත්‍ර නිර්මාණය කරන එක තමා මේකෙන් කරන්නේ. මේ සබ්ජෙක්ට් එක ඇසුරෙන් ලෝකේ අධිරාජ්‍යන්ගේ පිබිදීම සහ බිදවැටීම, ජනගහනයේ වෙනස්වීම සහ විවිධ ආගම් වල පිබිදීම සහ බිදවැටීම ගැන තියරීස් නිර්මාණය කරනවා. ඒ වගේම මේ තියරීස් ගණිතමය ආකෘති වලට (මැතමැටිකල් මොඩල්ස්) පරිවර්තනය කරනවා. අවසානයේ මේවාගෙන් එන ප්‍රෙඩික්ශන්ස් (අනාවැකි) සහ දැනට තියෙන දත්ත (ඇක්චුවල් ඩේටා) එක්ක කම්පෙයා කරනවා. මේ සේරම එක්ක විශාල ඩේටාබේස් එකක් නිර්මාණය කරලා ඒ මාර්ගයෙන් ඉතිහාස විකාශනය ඇනලයිස් කරන එක තමා ක්ලියෝඩයිනමික්ස් කියන්නේ.
දැන් මං මේ හැල්ල කිව්වේ මේක මේ ලිපියේ ඉස්සරහට ඕනි වෙන නිසා. උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවානම් ක්ලියෝඩයිනමික්ස් ගැන තව ටික හොයන්න. විකිපීඩියා සහ යූටියුබ් එකේ ඕනි තරම් විස්තර තියෙනවා. හැමදාම කියනවා වගේ දැනුම හොයන් යන මනුස්සයට් බිම වැටිලා තියෙන කොළ කෑල්ල පවා ඇති. පේස්බුක් එකෙයි, වට්සැප් ගෲප් අස්සේ කාලෙ කන වෙලාවේ ඉන්ටර්නෙට් එකෙන් මේ වගේ ප්‍රයෝජනයක් හරි ගන්න.
අපි ඔය කතා කරපු ක්ලියෝඩයිනමික්ස් කන්සෙපෙට් එකම ටිකක් ඇඩ්වාන්ස් කරලා අරන් තියෙනවා මේ ෆවුන්ඩේශන් එකේ කතාවට. කතාව ඇතුලේ මේ කන්සෙපෙට් එකට කියන්නේ සයිකොහිස්ට්‍රි (Psychohistory) කියලා. මේ කන්සෙපෙට් එක තේරුනේ නැත්තම් ඔයාලට මේ කතාවේ වෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න බෑ. ඒකයි මං කලින්ම කිව්වේ අවදානෙන් මේ ගැන කියවන්න කියලා. සයිකොහිස්ට්‍රි කියන්නේ අයිසෙක් මහත්තයගෙ ෆවුන්ඩේශන් කතාවේ තියෙන ෆික්ශනල් සබ්ජෙක්ට් එකක්. මේකෙදි කරන්නේ අර උඩ කිව්ව විදියටම ඇනලයිස් කරලා ගන්න ඩේටා වලින් අනාගතයේ වෙන දේවල් පුරෝකතනය (ප්‍රෙඩික්ට්) කරන එක.


