Free data_රනිල් free WiFi part 2

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඩේටාවලට නිදහස ලබා දෙමින් තරුණ පරපුරේ ඔන්ලයින් විප්ලවය සිදු කළ හැකි එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බවත්, තරුණ පරපුර ඉල්ලා සිටින, සික්ස් ජී (6G) ඩිජිටල් සමාජය නිර්මාණය කළ හැකි එකම අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

    ඊයේ (11) දින ආනමඩුව, ගම්පහ, කඩවත, පූගොඩ, මීගමුව, දෙහිවල සහ ලූණාව ප්‍රදේශයන්හි පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.

    "2015 ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව අපට වරම ලබාදුන්නේ බිය සැක නැති කර නිදහස් සමාජයක් ඇති කිරීමටයි. ඒ සඳහා අප ක්‍රියා කළා. අපි බය නැති කළා. අපි නිදහස ඇති කර දුන්නා. පැහැර ගෙන යෑම් අපි නතර කළා. සුදු වෑන්වලට තිබුණ බිය අප නතර කළා. රාජ්‍ය සේවයේ, පොලිසියේ, අධිකරණයේ ස්වාධීනත්වය අප ඇති කළා.

    නිදහස් අධ්‍යාපනය,නිදහස් සෞඛ්‍ය අප ලබාදී තිබෙනවා. ඒත් අද කියන නිදහසට වඩා වැඩි නිදහසක් මේ රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටිනවා. ඩේටා ලබාගැනීමට ඇති නිදහස තරුණ තරුණියන් අද ඉල්ලා සිටිනවා. එමෙන්ම මේ සමාජ ක්‍රමයට විරුද්ධව ලියන්න, කියන්න, හිතන්න, නිර්මාණ කරන්න නිදහස ඉල්ලනවා.

    ඉලක්කම් හයක වැටුපක් ලැබෙන රැකියාවක් ලබා ගන්නා හීනය සැබෑ කරගන්න නිදහස ඉල්ලනවා. ජීවිතේ හැම තීරණයක්ම, හැම සේවාවක්ම ඔන්ලයින් කරගන්න නිදහස ඉල්ලනවා. මේ එකක්වත් ලබාදෙන්න බැරි දේශපාලනඥයන් අපට එපා කියා තරුණ තරුණියන් කියනවා.රටේ ඇති නැති පරතරය වගේම පරම්පරා පරතරයත් හැමදාම තිබුණ බව සිහිපත් කළ යුතුයි.

    නමුත් අද තිබෙන පරම්පරා පරතරය එදාට වඩා වෙනස්. ඒ පරතරය අද වනවිට වැඩිවී තිබෙනවා. අද අපේ පරම්පරාව ඇනලොග් – තරුණ පරම්පරාව ඩිජිටල්. අද දේශපාලනඥයන් ඇනලොක් - තරුණ තරුණියන් ඩිජිටල්. ඒ නිසා තරුණ තරුණියන් හිතන වේගයටයන්න අපේ රටට නොහැකිවී තිබෙනවා.

    අප ඒ ගමන ඇරඹිය යුතුයි. ඇනලොග් කියන්නේ ප්‍රමාදයි. ඩිජිටල් කියන්නේ වේගවත්, ඇනලොග් කියන්නේ දුර්වලයි – ඩිජිටල් කියන්නේ ප්‍රබලයි. ඇනලොක් සීමිතයි – ඩිජිටල් අසීමිතයි.

    අද ලෝකයේ තිබෙන්නේ ෆෝ ජී (4G) තාක්‍ෂණය මෙන් ලබන අවුරුද්දේ ෆයිව් ජී (5G) වෙනවා. සික්ස් ජීත් (6G) දැන් ලෑස්තියි. ඒත් අපි තාමත් ඇනලොග්‘. තරුණ පරපු දෙන අභියෝගය භාරගන්න අප ලෑස්තියි. ඩේටාවලට නිදහස දෙන්න අප ලෑස්තියි. ඔන්ලයින් විප්ලවය ඇති කරන්න අප ලෑස්තියි. මෙලෙස තරුණ පරපුර බලාපොරොත්තුවන අසීමිත ඩිජිටල් නිදහස වෙනුවෙන් නොවැම්බර් 16 වැනිදායින් පසු දේශපාලනයේ ඩිජිටල් වෙනසක් කොට වේගවත් ගමනක් යන්න ලෑස්තියි.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1573558489822.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆ්‍රී වයි පයි මොකට ද මම දැන් ඉනටර්නෙට් ආවෙත් වහලෙට උඩින් තියෙන ගුගල් බැලුන් එකෙන්.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    ෆ්‍රී වයි පයි මොකට ද මම දැන් ඉනටර්නෙට් ආවෙත් වහලෙට උඩින් තියෙන ගුගල් බැලුන් එකෙන්.

    indian kaarayek me magen lagadith ahuwa bn google baloon cene eka denawa kiwwa minister kaaraya thaama innawada kiyala :rofl: