Freesat Sri Lanka
ලොව දෙවන DVB-S2X ඩිජිටල් රුපවාහිනී ජාලය ලෙස සහ ශ්‍රිලංකාවේ ප්‍රථම 4K UHD විකාශන හැකියාව ඇති රුපවාහිනී ජාලය ලෙස Freesat Sri Lanka පළමු අදියරේ පරීක්ෂණ විකාශනය දැන් ඇරඹුණා. මේ සමග ඔබ සැවොම බලාපොරොත්තුව සිටි සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන නවතම සහ එකම ඩිජිටල් රුපවාහිනී අත්දැකීම දිවයින පුරා එකම ආවරණ කලාපයක් ලෙසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පූර්ණ අනුමැතියන් සහ අධීක්ෂණය යටතේ ආරම්ඹ වනවා.මෙම අදියරේ පරීක්ෂණ විකාශනය encrypt කර නොමැති බැවින් ඕනෑම DVB-S2X සහ HEVC set-top-box එකක් මගින් නැරඹිය හැකි අතර ඉදිරියේදී නැරඹීම සඳහා Freesat Encryption සහිත STB එකක් ලබා ගත යුතුවේ. HD සහ 4K UHD සඳහා එම හැකියාවන් ඇති STB එකක් බාවිතා කලයුතු අතර වඩාත් හොඳ තත්වයේ සංඥා ලබා ගැනීම සඳහා Freesat Certified ඇන්ටෙනාවක් සහ LNB එකක් ලබා ගැනීම යෝග්‍යවේ.
තවද මෙම අදියරේ පරීක්ෂණ විකාශනය පූර්ණ කාලීන නොවන අතර යාවත් කාලීනකිරීම් සඳහා කඩින්කඩ අතිහිටුවීමට සිදුවිය හැකි බව කරුණාවෙන් සලකන්න.
