~ Friday Night පාටි Mixtape ~

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    හොරෙන් ඩවුන්ලෝඩ් කරගෙන යන උන්ව දිවියම කාපිය :dull::oo::growl:




    දිවියෙක් ඔකඳ වනෝද්‍යානයේදී කම්කරුවකු ඩැහැගෙන යයි
    (නවරත්න සමරතුංග)

    ඔකඳ ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටි කම්කරුවෙකු අද (18) දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් කම්කරුවෙකු රෝහල් ගත කර ඇති බව පානම පොලිසිය පවසයි.

    පස්දෙනෙකුගෙන් සමන්විත කම්කරුවන් පිරිසක් ට‍්‍රැක්ටරයකින් බොරළු පස් ප‍්‍රවාහනය කර ඇති අතර දිවා ආහාරය ගැනීමෙන් පසුව ඔවුන් තුරු සෙවන සහිත ස්ථානයක ගිමන් හරිමින් සිටියදී දිවියෙකු කඩාපැන එක් අයෙක් ඩැහැගෙන ගොස් ඇති බව කියති.

    එවිට දිවියාගේ ප‍්‍රහාරයට ලක්වූ අනෙක් කම්කරුවා දිවා ගලවාගෙන ඇත.

    ඔකඳ ජාතික වනෝද්‍යානය භාර නිලධාරියෙකු පැවසුවේ මේ දින වල එහි අභ්‍යන්තර මාර්ග සංවර්ධනය කිරීම සඳහා කොන්ත‍්‍රාත්කරුවන් කටයුතු කරමින් සිටින අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවයි.

    දිවි ගලවාගත් පුද්ගලයා පොතුවිල මූලික රෝහලට ඇතුල් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අක්කරපත්තුව රෝහලට මාරුකර යවා ඇත.

    (ඡායාරූපය - අජිත්ලාල් ශාන්ත උදය)