From Tv Series (2022)

Khonshu

Well-known member
  • Apr 28, 2022
    352
    458
    63
    Egypt
    From (2022)

    2c4c35731fbeeb10f040659799bd1c81.jpg


    වෙනස්ම concept එකක් තියෙන Horror tv series එකක් තමයි Epix ලා විසින් release කරන From (2022) කියන්නෙ.
    මේකේ දකින්න ලැබෙන concept එක ගැන කිව්වොත් එක්තරා නගරයක් තියෙනවා. ඒකට යම් විදියකින් කෙනෙක් ඇතුලු උනොත් ඒ කෙනාට ආයෙම කවදාවත් පිට වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒ කියන්නෙ මේ නගරයට ඇතුලුවෙන්න සහ පිටවෙන්න තියෙන පාර එකිනෙකට සම්බන්ධයි. කෙනෙක් පිටවෙන්න ගියොත් ආයෙම ඒ පාර හරහා නගරයටම එන්න සිද්ධවෙනවා. පාර හරහා හෝ වෙන ඕනම දිශාවකට ගියත් ඒ ප්‍රථිපලයම තමයි ලැබෙන්නෙ. ඉතින් මේ පුදුමාකාර නගරයෙ කොටුවෙන්න උන අවාසනාවන්ත මිනිස්සු හැම කෙනෙක්ටම එකම එක පොදු සාධකයක් බලපාලා තියෙනවා. ඒ තමයි ඒ හැමකෙනාම එක්තරා අවස්ථාවකදි පාර හරහා වැටිලා තියෙන ගසක් දැකලා තිබීම. ඉතින් මේ ගහ නිසා පාර අවහිරවීමෙන් ආයෙ හරවගෙන යද්දි ඒ හැමෝම එන්නෙ මම මේ කියපු නගරෙටයි.

    හැබැයි කතාවෙ ඊටවඩා භයානක ම පැත්ත හෙලිදරවු වෙන්නෙ මේ නගරයට හිරු බැසගියාම. නගරයම සම්පූර්ණයෙන්ම අඳුරෙන් වැසිලා ගියාම යක්ශයින් වැනි පිරිසක් වනාන්තරයෙන් මේ නගරය දිහාවට එනවා. මොවුන් මොනතරම් බිහිසුණු ද කිව්වොත් මෙයාලට මනුස්සයෙක් ව කෑලි කෑලිවලට ඉරන්න ගතවෙන්නෙ බොහොම සුලු වෙලාවයි. ඒවගේම මෙයාලා තමන්ගෙ ගොදුරුවලට වද දීලා මරන්න කැමති නිසා මෙයාලට ගොදුරු වෙන කෙනෙක්ට අත්වෙන භයානක ඉරණම ගැන අමුතුවෙන් කියන්න උවමනා නෑ.. මෙයාලා සාමාන්‍යයෙන් එන්නෙ මිනිසුන් වගේ වෙස්වලාගෙන. මෙයාලගෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි මේ නගරයෙ සියලුම පවුල් වලට ලබාදීලා තියෙන යම් අක්ශර වගයක් කොටන ලද ඵලකයක්. මේ ඵලකයක් නිවසෙ ඉදිරි දොර අසලින් එල්ලුවම අඳුරු වැටුනම අවට සැරිසරන යක්ශයින්ට නිවස ඇතුලට එන්න බැරිවෙනවා. ඔවුන්ට එහෙම එන්න පුලුවන් වෙන්නෙ නිවසේම ඉන්න කෙනෙක් ඔවුන්ට දොරක් හෝ ජනේලයක් ඇරලා ඇතුලුවෙන්න ඉඩදුන්නොත් පමණයි. ඉතින් මේ යක්ශයො නගරයෙ මිනිස්සුන්ගෙ මනසට බලපෑම් කරලා ඔවුන්ගේ ආදරණීයයින් වගේ දැනෙන්න සලස්වලා නිවෙස් තුලට ඇතුලුවෙන්න අවස්ථාව සලසගන්න උත්සාහ කරනවා. නමුත් තමන්ගෙ හිත ශක්තිමත් කරගෙන අර ඵලකය බිම වැටෙන්න නොදී තියාගෙන හිටියොත් නගරයේ වැසියන්ට අතුරු අන්තරාවකින් තොරව ඒ රාත්‍රිය ගෙවාදමන්න පුලුවන්.

    ඉතින් ඔන්න ඕක තමයි From එකේ මූලික කතාව. මේ නගරයෙ කොටුවෙලා ඉන්න රට වටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි පිරිසක් යක්ශයින්ගෙන් පණ බේරගෙන නගරයෙන් පිටවෙන ආකාරයක් සොයා යාම ගැන තමයි මේකේ කතාව දිගහැරෙන්නෙ. කොහොම නමුත් මේක Science fiction සහ Mythology දෙකේ සාර්ථක එකතුවක් කියන්න පුලුවන්. ඉතින් ටිකෙන් ටික මේ අද්භූත නගරයෙ රහස් එලිදරවු වෙන විදිය අපිට බලාගන්න පුලුවන්. මේ වෙද්දි කොටස් පහක් පමණ නිකුත් වෙලා තියෙනවා. තව කොටස් පහක් නිකුත්වීමට නියමිත මේ කතාමාලාව ඔයාලත් ට්‍රයි කරලා බලන්න වටින එකක් මේකෙ Product design එහෙමත් ඉතාම ගුණාත්මක විදියට නිර්මාණය කරලා තියෙනවා. වෙනස් විදියෙ Horror Tv series එකක් බලන්න කැමති අයට මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා ට්‍රයි කරලා බලන්න.

    from08-scaled.jpg
    epix-from-horror.png
    from-pic-e1637776950303.jpg
    featured_from_1-1170x585.jpg


    Download Telegram https://t.me/From_Series_2022
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,750
    1
    49,817
    113
    ප*යාගල
    sorry.com
    හොද ඇති නමුත් ප්නි‍රදාන චරිතය නිගේක් නිසා බලන්න හිතෙන්නේ නැ...
    Respected නිගෙක් ඌ.no woke shit. පලවෙන් එපිය බලපන්.ඊටපස්සෙ තීරණය කරා නම් හරි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ekath hodayi. vampire kathawak midnight mass eka wage.

    මේක බැලුව. මෙකත් එල...
    කොටස් දෙකක් විතර බැලුවා. මොකක් හරි හින්දා ඩිලීට් කරා පස්සේ ආපහු බලන්න ඕනා.
    බලපන් මරු කතාව මේක.