From which Power Station do I Get My Electricity?

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    12313835_433099226884368_8201102742963108206_n.png


    ඔබ සත්‍යවශයෙන්ම, විදුලි බලාගාරයකට අල්ලපු-ගෙදර නිවසේ පදිංචිව ඇති නමුදු මෙම පැනයට පිළිතුරු දීම කළ හැකි නොවේ. එය, විශාල මෝයක් අසල මුහුදින් වතුර බාල්දියක් ගෙන කුමන ගංගාව මගින් එම බාල්දියේ ඇති ජලය ලැබී ඇත්දැයි සිතීමට සමානය.

    සියලුම විදුලි බලාගාර මගින් උත්පාදනය කර, බලශක්ති ජාලයක් ලෙස අප විසින් හඳුන් වනු ලබන එකිනෙකට සම්බන්ධිත දැළක් වැනි ව්‍යුහයකට විදුලිබලය යොමු කරනු ලැබෙයි. බලශක්ති ජාලයේ ( එසේ නම් කරනු ලබන) මෙම අන්තර්සම්බන්ධතාවන් අධික වෝල්ටීයතාවයකින් (ශ්‍රී ලංකාවේ කිවො 220 හෝ කිවො 132) යුත් සම්ප්‍රේෂණ මාර්ගයන්ගෙන් සමන්විත වේ. මේ සියලුම විදුලි බලාගාරයන් එමගින් එකිනෙකට සම්බන්ධ කෙරේ. ඔබ මාර්ගයේ ගමන් ගන්නා විට මාර්ග දෙපස ඔබ දකින උස් වානේ කුළුණු රැහැන් මෙම අන්තර්සම්බන්ධතාවන් වේ. මෙම ජාලයේ ඇතැම් ස්ථානයන්හි අප ජාල උප පොලවල් ලෙස හඳුන්වනු ලබන නිෂ්පන්දයන් (Nodes) ඇත. බලශක්ති ජාලයන්හි ඇති බලය එමගින් ලබා ගෙන, ඔබට භාවිතා කළ හැකි සහ ඔබේ නිවෙස් කරා බෙදා හැරිය හැකි, අඩු වෝල්ටීයතාවයකට පරිවර්තනය කරනු ලබයි. අධි වෝල්ටීයතාවයක සිට අඩු වොල්ටීයතාවක් දක්වා සිදු කෙරෙන මෙම පරිණාමනය ද පියවර කිහිපයකින් සිදු වෙයි. මේ ආකාරයෙන්, ජාල සම්බන්ධිත සියලු බලාගාරයන් එකිනෙක හා සම්බන්ධවී ඇති බැවින් කුමන බලාගාරයෙන් ඔබට විදුලිය ලැබී ඇත් ද යන්න නිශ්චිතව දැක්විය නොහැකිව ඇත.

    විශාල මෝයක් අසල මුහුදින් වතුර බාල්දියක් ගෙන කුමන ගංගාව මගින් බාල්දියේ ඇති එම ජලය ලැබී ඇත්දැයි අසන උදාහරණයේ මෙන්, ඔබ විදුලි බලාගාරයක් අසල වෙසෙන්නේ නම්, ඔබේ නිවසට ලැබෙන විදුලි බලයෙන් විශාල කොටසක් ඔබට ආසන්නතම විදුලි බලාගාරයෙන් ලැබෙනු ඇති බවට අපට පැවසිය හැකිය.

    From which Power Station do I Get My Electricity?

    It is not possible to answer this question, even though you are located next to a Power Station. It is somewhat similar to taking a bucket of water from the sea near an estuary and thinking from which river it came from.

    All Power Stations generate and feed power to an interconnected mesh like structure we referred to as a power Grid. Theses interconnections in the power Grid (and thus the name) are made out of High Voltage (220kilo Volts or 132 kilo Volts in Sri Lanka) transmission lines. They connect each and every power station in the country. Tall steel tower lines that you see on your wayside when you travel are these interconnection lines. At certain places within this grid, there are nodes we referred to as Grid Substations. They take power in the Power Grid, convert it to a lower voltage that you can use and distribute to your households. This transformation from a High Voltage to a Lower Voltage too takes place in a number of steps. Thus, as all grid connected power stations are interconnected with each other, it is not possible to pin point exactly from which power station you have got your electricity. However, as in the example of taking a bucket of water from the sea near a river estuary, if you are near a power plant, we can say that a major portion of the power flow to your household could be from the closest power plant.
     
    • Like
    Reactions: LazyLizard

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒකට මොකද කුජීතම වැඩේ කියන්නේ මුන්
    ලයිට් කපලා අපි කතා කරනවට ෆෝන් එක උස්සලා පැත්තකින් තියනවා............ :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,885
    31,664
    113
    ඔක්කොටම කලින් breakdown එකක් උනහම ප්‍රාදේශීය නඩත්තු ස්ථාන වල ඉන්න Security එකට කතා කරන්න දෙන එක නවත්තල. පැය 12 න් 12 ට මාරුවෙන් මාරුවට වැඩ කරන phone Operate කරන උන් දාන්න කියපං හැම ඩිපෝ එකකටම. හරියට service එකක් නොදී මගුලක් කියවන්න එපා යකෝ. ගිය අවුරුද්දෙ 27 දවසක රටේම CURRENT එක ගියෙ ඇයි. කැළණි තිස්සට උනේ මොකද? උත්තර නැහැ Utility Commission එක ඒකට කරනව කියපු පූර්ණ පරීක්ෂණයට මොකෝ උනේ. ඔක්කොටම කලින් ඕකෙ ඔය වැඩ නොකර අයිස් ගහන හැතිකරේ එලවන්න කියපං. පැය 24 ම මිනිස්සුන්ට service එක හරියට දෙන්න කියපං. එච්චරයි. :angry::angry::angry: