Fuel Prices are going UP Sinhaleese

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඉන්ධන මිල ඉහල දැමීමට අයි.ඕ.සී. සූදානමක්




ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට ලංකා අයිඕසී සමාගමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

සිදුවූ අලාභ හේතුවෙන් මේ තීරණය ගැනීමට සිදූවූ බවත් එම අලාභය දරගැනීමට නොහැකි නිසා මිල වැඩි කිරීම හැර තම සමාගමට වෙනත් විකල්පයක් නැති බවත් එහි නිලධාරීහු පැවසූහ.

මෙරට ජනතාවට ඇතිවන බලපෑම සැලකිල්ලට ගෙන මිල වැඩි කළ හැකි අවම සීමාවට පමණක් මිල වැඩි කරන බව ඔවුහු කීහ.

සමාගමට සිදුවන පාඩුව ඉතාමත් ඉහළ හෙයින් සමස්ත වශයෙන් අලාභ ඇතිවීම වැළැක්වීම සඳහා ඩීසල් සහ පෙට්‍රල් මිල අවම සීමාවකට ඉහළ දමන බව එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා කීවේය.

2015 ජනවාරි සහ 2016 සැප්තැම්බර් සිට ලංකා අයිඕසී සමාගමට සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩු සිදුවිය.

පසුගිය මාස කිහිපය තුළ ජාත්‍යන්තර වෙළෙඳපොලේ පෙට්‍රල් සහ ඩීසල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිණි.නමුත් විකුණුම් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවීය.වර්තමාන ජාත්‍යන්තර මිල අනුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 17 ක පාඩුවක් හා ඩීසල් ලීටරයකට රුපියල් 14ක පාඩුවක් විඳිමට තෙල් සමාගම්වලට සිදුවෙන බවට පවතින වාර්තා අනුව පෙනී යයි.

2016 ජූනි මාසයේදී හා 2016 අගොස්තු මාසයේදී ඩීසල් මත බදු වැඩි කිරීම හේතුවෙන් තෙල් සමාගම්වලට ඩීසල් සඳහා පැවති ධනාත්මක තත්ත්වය ද සොදාගෙන ගොස් තිබේ.රුපියලේ අගය අවප්‍රමාණ වීමද මෙයට හේතුවී ඇත්තේ එම සමාගම් තෙල් ඇමෙරිකානු ඩොලර්වලින් මිලදීගෙන දේශීය රුපියල්වලින් විකිණිම නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් තෙල් සමාගම් අවස්ථා රැසකදී බලධාරීන්ට බල කළද මේ වන තෙක් මිල සංශෝධනය නොවීය.නිලධාරීන් මේ සම්බන්ධයෙන් සංවේදී වූවද මේ වන තෙක් මිල වැඩි කිරීමට හෝ බදු අඩු කිරීමට හෝ කිසිදු තීරණයක් ගෙන නොමැති හේතුවෙන් එම සමාගම් අපහසුතාවට පත්වී තිබේ.
පවතින මිල නියම කෙරුණේ 2015 ජනවාරි මාසයේදී වන අතර ඉන්පසු මේ වන තෙක් මිල ගණන් සංශෝධනය නොකෙරිණ.
 

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    අහවල් ලබ්බකටද යකෝ පාඩු විදගෙන ලංකාවට තෙල් විකුණන්නෙ. ෂෙඩ් ටික වහල ඉන්දියාවට වෙලා හිටපල්ලකො
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    thats why we should have a strong economy and a strong currency! :) time to time world oil price will go up and down. we should have a stronger currency to pay for it
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අහවල් ලබ්බකටද යකෝ පාඩු විදගෙන ලංකාවට තෙල් විකුණන්නෙ. ෂෙඩ් ටික වහල ඉන්දියාවට වෙලා හිටපල්ලකො

    26.gif

    හික්... හිකිස්...
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    462
    171
    43
    අහවල් ලබ්බකටද යකෝ පාඩු විදගෙන ලංකාවට තෙල් විකුණන්නෙ. ෂෙඩ් ටික වහල ඉන්දියාවට වෙලා හිටපල්ලකො

    :yes: