Fuel pumping scams

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,130
    113
    [/COLOR]

    Fuel pumping scams තියෙනවා කියලා හිතෙනවා.
    ටැංකියේ භාගෙට වඩා fuel තියෙන බව පෙන්නුවත් , ටැංකියේ භාගෙටත් වඩා ගහණ බව දකිනවා. උදාහරණයකට full ටැංකිය ලීටර් 40 නම් කට්ට ලීටර් 20 ක් පෙන්වද්දී පොම්පකරු කිසි ගේමක් නැතුව ලීටර් 26-30 ගහනවා. ඉතකොට මෙතන වංචාවක් වෙන බව තේරුනත් , සිද්ධිය හරියටම පැහැදිලි නෑ.
    දන්න කට්ටිය පොඩි විස්තරයක් දාන්න කරුනකරලා.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙනවා නම් ෂෙඩ් එකේ පැමිණිලි පොතක් තියෙනවා. එකේ ලියපන් මචන්. අනිවා පැමිණිල් පොත දෙන්න ඕනා කස්ටමර් කෙනෙක් ඉල්ලුවොත්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    ටැංකියේ පරිමාව ලීටර් හතළිහයි කිව්වොත් ඒක හතළිහකට වඩා වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම ටැංකියේ තියන අන්තිම තෙල් බින්දුව දක්වාම fuel pump එකෙන් ලබාගන්නෙත් නැහැ. මීටරයෙන් පෙන්වන E සහ F ආසන්න වශයෙන් නිවැරදි උනාට අතරමැද අගයන් නිවැරදි වෙන්න නම් ටැංකියේ හැඩය උඩ සිට පහලට එකම වර්ග ඵලයක් ඇති ( බිස්කට් ටින් එකක්, හෝ පෙට්ටියක් වැනි) එකක් වෙන්න ඕනෑ . එහෙම ටැංකි කිසිම වාහනයක නැහැ. ඒ නිසා 1/4, 1/2, 3/4 වශයෙන් සලකුණු පෙන්වන සමහර මීටර් වල ඒ සලකුණු අතර අසමාන දුරක් තියෙන්න පුළුවන්. සමහර මීටර් වල ඒ සලකුණු සමාන දුරකින් තිබුනාට එය guide එකක් වශයෙන් පාවිච්චි කරනවා මිසක් නියම මිනුමක් හැටියට පාවිච්චි නොකළ යුතුයි. වාහනයක් ටික දවසක් පාවිච්චි කරන කොට මේ සම්බන්ධයෙන් කල්පනාකාරී වෙනවා නම් දල අදහසක් ලබා ගන්න පුළුවන්. ලීටර් අසූ පහක ධාරිතාවයක් ඇතැයි පොතේ සඳහන් වන මගේ වාහනයක (Holden 4wd )තුන් කාලේ සිට ෆුල් දක්වා ලීටර් 10-15 මිසක් ඊට වඩා නැති බව මම දන්නවා. ෆුල් ගහලා පැයක් එලවනකොට තුන් කාලට බහිනවා. නමුත් එතැන් සිට කාල දක්වා පැය තුනහමාරකට වඩා එලවන්න පුළුවන්. ඒ වගේම කාලේ ඉඳලා ලයිට් එක පත්තු වෙන්නත් පැයක් යන්නේ නැහැ. ඒ කියන්නේ ටැංකියේ උඩ සහ යට කුඩා බවත්, මැද ලොකු බන්ඩියක් වගේ බවයි. මගේ honda civic එකේ led කොටු 20 ක් ෆුල් ලෙස පත්තු උනාට 4 පත්තු වෙලා බොහොම ටිකකින් තුනට, දෙකට බැහැලා warning indicator එක පත්තු වෙනවා. ඒ කියන්නේ ටැංකියේ පතුල ඉහලට සාපේක්ෂව පොඩියි . ලංකාවේ ෂෙඩ් වල හොර කරන එක සුලභ දෙයක්. නමුත් ඒ ගැන පැමිණිල්ලක් කරනවානම් සියලුම facts හරියටම දැනගෙන කරනවා මිසක් එහෙම නොකොළොත් ලැජ්ජා වෙන්න සිදු වේවි.
     
    • Like
    Reactions: Brandy2020

    Thanks Bro Rep+

    දැන් Full Tank ගහන්නේ නෑ. වෙනදට වඩා Saving එකක් තියෙනවා....
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Full gahannama epa
    Un auto off unaa passe hena ganaka gahanawa. Return wenawa ati fuel back to tank from another line.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ටැංකියේ පරිමාව ලීටර් හතළිහයි කිව්වොත් ඒක හතළිහකට වඩා වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම ටැංකියේ තියන අන්තිම තෙල් බින්දුව දක්වාම fuel pump එකෙන් ලබාගන්නෙත් නැහැ. මීටරයෙන් පෙන්වන E සහ F ආසන්න වශයෙන් නිවැරදි උනාට අතරමැද අගයන් නිවැරදි වෙන්න නම් ටැංකියේ හැඩය උඩ සිට පහලට එකම වර්ග ඵලයක් ඇති ( බිස්කට් ටින් එකක්, හෝ පෙට්ටියක් වැනි) එකක් වෙන්න ඕනෑ . එහෙම ටැංකි කිසිම වාහනයක නැහැ. ඒ නිසා 1/4, 1/2, 3/4 වශයෙන් සලකුණු පෙන්වන සමහර මීටර් වල ඒ සලකුණු අතර අසමාන දුරක් තියෙන්න පුළුවන්. සමහර මීටර් වල ඒ සලකුණු සමාන දුරකින් තිබුනාට එය guide එකක් වශයෙන් පාවිච්චි කරනවා මිසක් නියම මිනුමක් හැටියට පාවිච්චි නොකළ යුතුයි. වාහනයක් ටික දවසක් පාවිච්චි කරන කොට මේ සම්බන්ධයෙන් කල්පනාකාරී වෙනවා නම් දල අදහසක් ලබා ගන්න පුළුවන්. ලීටර් අසූ පහක ධාරිතාවයක් ඇතැයි පොතේ සඳහන් වන මගේ වාහනයක (Holden 4wd )තුන් කාලේ සිට ෆුල් දක්වා ලීටර් 10-15 මිසක් ඊට වඩා නැති බව මම දන්නවා. ෆුල් ගහලා පැයක් එලවනකොට තුන් කාලට බහිනවා. නමුත් එතැන් සිට කාල දක්වා පැය තුනහමාරකට වඩා එලවන්න පුළුවන්. ඒ වගේම කාලේ ඉඳලා ලයිට් එක පත්තු වෙන්නත් පැයක් යන්නේ නැහැ. ඒ කියන්නේ ටැංකියේ උඩ සහ යට කුඩා බවත්, මැද ලොකු බන්ඩියක් වගේ බවයි. මගේ honda civic එකේ led කොටු 20 ක් ෆුල් ලෙස පත්තු උනාට 4 පත්තු වෙලා බොහොම ටිකකින් තුනට, දෙකට බැහැලා warning indicator එක පත්තු වෙනවා. ඒ කියන්නේ ටැංකියේ පතුල ඉහලට සාපේක්ෂව පොඩියි . ලංකාවේ ෂෙඩ් වල හොර කරන එක සුලභ දෙයක්. නමුත් ඒ ගැන පැමිණිල්ලක් කරනවානම් සියලුම facts හරියටම දැනගෙන කරනවා මිසක් එහෙම නොකොළොත් ලැජ්ජා වෙන්න සිදු වේවි.

    පැහැදිලි උත්තරයක්.