Fukushima_අසාර්ථක_මෙහෙයුමක්???

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Fukushima_අසාර්ථක_මෙහෙයුමක්???

    මේ මට දකින්න ලැබුණු ඉතා වැදගත් නමුත් දීර්ඝ ලිපියක මුල් බාගය.
    සිංහලට පරිවර්තනය කළේ ෆුකුෂිමා වල ඇත්ත තත්වය සිංහල පාඨකයාටත් දැනගන්න...

    Original : http://www.bbc.co.uk/news/science-environment-12773350

    පරිවර්තනයේ අඩු ලුහුඬුකම් වෙතොත් සමා වෙන්න

    හෙලිකොප්ටර් මගින් ජලය ඉසීම අසාර්තක ඇයි?

    ෆුකුෂිමා බලාගාරයට මුහුදු ජලය ඉසීමට හෙලිකොප්ටර් යොදාගැනීමේ උත්සාහය අඩ සියවසක් තරම් වූ න්යෂ්ඨික බල උත්පාදන ඉතිහාසයේ මෙවැනි අවස්ථාවකදී මින් පෙර කිසිවිටෙක යොදා නොගත් තරම් වූ ක්රමයකි.

    එහෙත් සිද්ධිය වූ ප්රදේශයෙන් ලැබෙන විඩියෝ දත්ත වලට අනුව මේ උපක්රමය අසාර්ථක බව පෙනී යයි.

    ප්රතික්රීයක වලට ඉහලින් හෙලිකොප්ටර යම් ආකාරයකට ගමන් කරන බව පෙනී ගියත් ඒවාට ඉහල අහසේ නොරැඳෙමින් ඉක්මනින් ඉවත් වන බව පෙනේ. ඒ විකිරණ වලට හසු වෙතැයි බිය නිසා විය හැක.

    පසුව "ටෝකියෝ විද්යුත් බල ආයතනයෙන්" (Tokyo Electric Power Company :Tepco “ටෙප්කෝ”) පැවැත්වූ මාධ්ය සාකච්ඡාවකදී ඔවුන් හෙලි කළේ ගුවනින් හෙලූ ජලයෙන් බිඳක් හෝ නිවැරදි ඉලක්කයට පතිත වුණි දැයි පැවසීමට ඔවුන් අසමත් බව ය.

    සිද්ධිය වූ භූමියෙන් ශක්තිමත් තොරතුරු නොලබමින් මේ පිළිබඳව යම් අදහසක් ලබාගැනීමට ඉතිරිව ඇත්තේ ටොන් 60ක මුහුදු ජල කඳ බලාගාරයෙ තුන් වන ප්රතික්රීයකයට පතිත කිරීමේ මෙහෙයුමේ විඩියෝ පට පමණි.

    ජල කඳෙන් කොතරම් ප්රමානයක් ඉලක්කයට පතිත වන්නේ ද, කොතරම් ප්රමාණයක් ඉලක්කයෙන් ඉවතට විසිරී යන්නේ දැයි ඔබම එම විඩියෝ පට නරඹා දැක ගන්න.



    මේ පිළිබඳ වූ බොහෝ වාර්තා ජල කඳ ප්රතික්රීයක සිසිල් කිරීමට යොදා ගන්නා බවක් පැවසුවද සත්ය මෙහෙයුමේ ඉලක්කය බලාගාරයේ සිසිලන තටාකයට ජලය පතිත කිරීමයි. දින තුනකට පමණ මත්තෙන් විනාශ වී ගිය වහලයට පහලින් මේ තටාක පිහිටා ඇත.

    ප්රතික්රීයක පවතින්නේ ඉතා දැඩි, තදින් මුද්රා වන පරිදි සකසා ඇති ආවරණ තුල ය. අංක 3 දරන ප්රතික්රීයකයේ බාහිර ආවරණයේ සුළු පැල්මක් ඇති වී තිබීමට යම් ඉඩක් ඇතත් එය මුලුමනින්ම ආවරණය වී පවතින බව පෙනෙන්නට ඇත. එබැවින් ගුවනින් පතිත කරන ජලයෙන් සුළු හෝ බලපෑමක් නොවනු ඇත.

    පූර්ව වාර්තා සඳහන් කරන්නේ අංක 4 දරන ප්රතික්රීයකයේ සිසිලන තටාකය ද ඉලක්ක ගත බවයි. භූ චලනය සිදු වන අවස්ථාවේ 4, 5 අහ 6 දරන ප්රතික්රීයක කලින් සැලසුම් කර තිබුණු පරිදි නඩත්තු කටයුතු සඳහා අක්රිය කර තිබුණෙනන් සිව් වැන්නේ තුන් වන ප්රතික්රීයකයට වඩා ඉන්ධන දඬු අන්තර්ගත බව සිතිය හැක. නඩත්තු කතයුතු වල එක් පියවරකදී සියලුම ඉන්ඳන ඉවත් කිරීම සිදු වේ.

    ටෙප්කෝ ආයතනය පවසන්නේ ඔවුන් 3 වන ප්රතික්රීයකය මුලින් ඉලක්ක කළේ එයින් හුමාලය පිට වීම සිදු වූ නිසා බවයි. එහෙත් එම හුමාලය තටාකයෙන් නිකුත් වූයේ ද, එසේත් නැත්නම් සිකුරාදා සුනාමි තත්වයෙන් පසු යොදාගත් හදිසි අවස්ථාවකදී භාවිතය සඳහා වූ විදුලි බලය විසඳි වූ මොහොතේ සිට සිසිලන ගැටළුවට මුහුණ දුන් ප්රතික්රීයකයෙන් නිකුත් වූයේදැයි යන්න අවිනිශ්චිත ය.


    ආයතනය අවධාරණය කරන්නේ ප්රාදේශීය වේලවෙන් 1000 ට පමණ 4 වන ගොඩනැගිල්ලේ විකිරණ මට්ටම මෙන් සිව් ගුණයක විකිරණ මට්ටමක් 3 වන ගොඩනැගිල්ලේ තිබුණු බවයි.

    කෙසේ වුවත් සිව් වන ගොඩනැගිල්ලේ තටාකයේ තවමත් පැහැදිලිවම ගැටළුකාරී තත්වයක් පවතියි.

    ජපානයට උපදෙස් දෙන විශේෂඥයන් 11 දෙනෙකුගෙන් සමන්විත ඇමෙරිකානු න්යෂ්ඨික නියාමන කොම්සම බදාදා පැවසුවේ තටාකය සම්පූර්ණයෙන් වියැලී ඇති බවයි. ටෙප්කෝ ආයතනය මේ විශේෂඥ මතය ද අභියෝගයට ලක් කර ඇත.

    දිනෙන් දින මෙම තටාක වලින් මැනගත් උෂ්නත්ව පාඨාංක සඳහන් කරමින් අන්තර්ජාතික පරමාණුක ශක්ති ඒජන්සිය කෙටි නිල පුවත් නිවේදනයක් නිකුත් කර ඇත.

    අඟහරුවාදා සහ බදාදා දෙදින තුල 4 වන ගොඩනැගිල්ලේ තටාකයෙහි උෂ්නත්වය ලෙස සටහන් වන සෙල්සියස් 84 ක උෂ්නත්වය සාමාන්ය අගයන් ඉක්මවා ඇති අතර එය 5 සහ 6 වන ගොඩනැගිලි වල තටාක වලට වඩා සෙල්සියස් 25 කින් පමණ ඉහල අගයකි.

    බ්රහස්පතින්දා දින 4 වන ගොඩනැගිල්ලේ තටාක වල උෂ්නත්ව දත්ත නොලැබී ඇති බව "දත්ත නැත" යනුවෙන් එම වාර්තාවේ සඳහන් ය.
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    වියලි ධාවනය

    ප්රතික්රීයක වල දඬු වල හිස ජල මට්ටමේ සිට මීටර 5ක් (අඩි 16ක් ) ගැඹුරින් පැවතිය යුතුව ඇත.

    දඬු වටා ප්රමාණවත් තරම් ජලය නොමැති වීමෙන් ඒවාගේ උෂ්නත්වය ඉහල යන්නේ විකිරනශීලී මූලද්රව්ය නිකුත් වීමේ අවධානම ද ඉහල දමමිනි. සිදු වූ හයිඩ්රජන් නිකුත් වීම අණුව පෙනෙන්නට ඇත්තේ ඇතැම් දඬු වටා ඇති ආරක්ෂක පටල වලට දැනටමත් හානි සිදු වී ඇති බව ය. මෙය බොහෝ දුරට ගින්නෙන් සිදු වන්නට ඇත.

    "අප සැක කරන පරිදි දඬු වලට හානි සිදු වී ඇත්නම් ගින්න නිසා ඉහලට ගමන් කරන විකිරණ නියුක්ලයිඩ නිපදවී තිබෙන්නට පුළුවන්" මැන්චෙස්ටර් විශ්වවිද්යාලයේ ඩාල්ටන් න්යශ්ඨික අධ්යයනායතනයේ අධ්යක්ෂ ඇන්ඩෘ ශෙරී පවසයි.

    "ප්රමාණවත් ජලය නොමැති වීමෙන් ක්ෂණිකව බලාපොරොත්තු විය හැක්කේ ගින්න සහ හයිඩ්රජන් උත්පාදනය දිගින් දිගටම සිදු වණු ඇති බවයි. එනිසා උද්ගත වී ඇත්තේ ඉතා අස්ථායී තත්වයක්."

    ජලය හිඟ වීම නිසා අවහිරයකින් තොරව විකිරණය වන ගැමා කිරණ වලට කම්කරුවන් ආවරණය වීමේ අවදානම ද තීව්ර කර ඇත.

    වඩාත් අපූර්ව කරුණ නම්, ටෙප්කෝ ආයතනය "නැවතත් අවධි තත්වයකට එලඹීමේ හැකියාව තවමත් නිශ්ශූන්යයි" යනුවෙන් අනතුරු අඟවා තිබීමයි.

    එනම් ටෙප්කෝ ආයතනය දකින පරිදි සිසිලන තටාකයේ ප්රමාණවත් තරම් විඛණ්ඩ යුරේනියම් අන්තර්ගතව තිබී අවධි ස්කන්ධයක් ඇති කිරීමේ හැකියාවක් තිබී ඇත.

    වෙනත් වචන වලින් පවසන්නේ නම්, විකිරණශීලී ද්රව්ය අන්තර්ගත කළ හැකි වන පරිදි නිපදවා ඇති ගොඩනැගිල්ලෙන් පිටත ඇති තටාකයක් තුල දී න්යශ්ඨික විඛණ්ඩ දාම ප්රතික්රියාවක් ආරම්භ විය හැකිව තිබී ඇත.

    එසේනම් 4 වන ගොඩනැගිල්ලේ තටාකය තුල කොපමණ ද්රව්ය ප්රමාණයක් තිබිය හැකි ද?

    මේ පිළිබඳ ඉඟියක් පසුගිය නොවැම්බරයේ පැවැත්වුණු ටෙප්කෝ ආයතනයේ අර්පණයක් (presentation එකක්) මගින් ලබාගත හැක.

    එමගින් තහවුරු වන්නේ සිසිලන තටාකය "re-rack" කර ඇති බවයි. එනම්, ඔවුන් මූල සැලැස්මෙන් ඉඩ දී තිබුණ ප්රමාණයට වඩා වැඩියෙන් ඉන්ධන දඬු සිසිලන තටාකය තුල ගබඩා කරමින් සිට ඇත.

    අවධි අවස්ථාවට එලඹීමේ හැකියාව පිළිබඳ අමතර අවධානයක් යොමු කිරීමට සිදු විය හැකි වුවත් මෙම "re-rack" කිරීම නිතර සිදු නොවන්නක් හෝ, දඬු අතර ප්රමාණවත් ලෙස ඉඩ තබා ඇත්නම් අවදානම් සහගත වූ දෙයක්ද නොවෙයි. අවධි අවස්ථාවට එලඹීම වැලැක්වීමට ඝන බෝරෝන් තහඩු යොදා ගෙන හෝ ජලයට බෝරික් අම්ලය එක් කිරීම සිදු කළ හැක. එමගින් දාම ප්රතික්රියාවක් නොකඩවා සිදු වීමට අවශ්ය නියුට්රෝන උරාගැනේ.

    උක්ත අර්පණය පෙන්වූ කරුණක් නම් බලාගාරයේ ගබඩා පහසුකම් වලින් 84% ක් පුරා ශක්තිහීන ඉන්ධන දඬු බහුලව ගබඩා කර තිබී ඇති බවයි.

    වියලි ගබඩා සම්පූර්ණයෙන් පිරී පැවති අතර ප්රතික්රීයක වලින් දුරස්ව පැවති උපරිම දඬු 6,840 ක් ගබඩා කළ හැකි තටාකයක් තුල දඬු 6,291 ක් ම ගබඩා කර තිබී ඇත.

    තව දුරටත් දඬු 3,450 ක් ප්රතික්රීයක ගොඩනැගිලි 6 හි තටාක වලට බෙදා හැර තිබී ඇත.

    ඒවා බෙදා හැර තිබුණු ආකාරය දැනගත හැකි ක්රමයක් නැත.

    එසේ වුවත් එමගින් ඇඟවෙන්නේ 4, 5 සහ 6 දරන ගොඩනැගිලි වල තටාක භූ චලනය සිදු වූ මොහොතේ තදින් පිරී පවතින්නට ඇති බවයි. ශක්තිහීන දඬු මේ නඩත්තු කටයුතු සඳහා වසා දැමුණු ප්රතික්රීයක වලින් ඉවත් කළ ඒවා වන්නට ඇත.

    නැවත අවධි අවස්ථාවට එලඹීම සැබවින්ම සිදු වූයේ නම් එමගින් වඩා තීව්ර සහ අනවරත ලෙස විකිරණශීලී ද්රව්ය නිකුත් විය හැකිව තිබිණි. එවැන්නක් න්යශ්ඨික පිපිරීමක් නොවුණත් එවැන්නකින් විකිරණශීලී ද්රව්ය නිකුත් වීම වැලැක්වීමට කිසිඳු ආවරණයක් නොමැත.

    නැවත අවධි අවස්ථාවට එලඹීම සැබවින්ම සිදු වූයේ නම් එමගින් වඩා තීව්ර සහ අනවරත ලෙස විකිරණශීලී ද්රව්ය නිකුත් විය හැකිව තිබිණි. එවැන්නක් න්යශ්ඨික පිපිරීමක් නොවුණත් එවැන්නකින් විකිරණශීලී ද්රව්ය නිකුත් වීම වැලැක්වීමට කිසිඳු ආවරණයක් නොමැත.

    බලධරයන් මෙම තටාක නැවත පිරවීමට උත්සුක වූවත් එහි ඇති තේරුම් ගැනීමට අපහසු කරුණ නම් බෝරික් අම්ලය රහිත ජලය පිරවීමෙන් තටාකයේ දාම ප්රතික්රියාවක් හට ගැනීමට ඇති අවදානම ඉහල යෑම නොසලකා හැරීමයි.

    නැවත අවධි අවස්ථාවකට එලඹීමේ හැකියාව පිළිබඳ විමසීම තරමක් අසාමාන්ය කරුණකි. එහෙත් එය සත්ය වශයෙන්ම විය නොහැකි දෙයක් නම් ආයතනය තුලින්ම එවැනි අදහස් ගලා එන්නේ ඇයි?
     
    • Like
    Reactions: namila007 and **cut