Full Face Helmet -

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු ඇමති බැසිල් රාජපක්ෂව දිවයිනට ගෙන්වීම සඳහා අධිකරණයේ සහය පතන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. දිවිනැගුම දෙපාර්තමේන්තුවට අදාළව සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිසිය එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පසුගියදා ප්‍රකාශයක් ලබා ගත්තා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියෝග මත අදාළ මුදල් ලබාදුන් බවයි.

    මේ අතර, ෆුල්ෆේස් හෙල්මට් හෙවත් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන හිස්වැසුම් භාවිත කිරීම අපේ‍්‍රල් 2 වනදා සිට තහනම් කිරීමට තීරණය කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා.


    Source:-
    http://www.hirunews.lk/sinhala/106241/බැසිල්-ලංකාවට