Full face Helmets

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,832
    10,359
    113
    ෆුල් ෆේස් හෙල්මට් වලට ඇමති සගලගෙන් විසඳු&#3512

    සම්පුර්ණ හිස් ආවරණ
    (Full face Helmets) සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති ගැටලු පිලිබදව නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා 06 වැනිදා පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ජාවක් පවත්වා ඇත.


    මෙහිදී ෆුල් පෙස් හෙල්මන්ට් ගැටලුව ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ විසඳාගත යුතු බව ඔහු පවසා ඇත. "ප්‍රමිතිය", "ආරක්ෂාව" සහ "රටේ පවත්නා නීතිය" යන කරුණු මූලික කරගනිමින් මෙම ගැටලුව විසදීම සදහා අවශ්‍ය මූලික පසුබිම සකස්කරගත යුතු බව ඔහු පවසා ඇත.ෆුල් පෙස් හෝ සාමාන්‍ය හෙල්මට් හෝ පැළඳිය හැක්කේ යතුරු පැදිය ධාවනය කරන අවස්ථාවේ පමණක් බවත් ඉන් පරිබාහිරව කාර්යාල, බැංකු හෝ වෙනත් ස්ථානවලට පිවිසීමේදී හෝ පෙළපාලි ආදියේදී නොපැළදියයුතු බවද මෙහිදී අවධාරණය කරනු ලැබීය.


    මෙම සාකච්ජාවට අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ සහ මාර්ග ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන් පිරිසක්ද එක්ව ඇත.
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    OiETLY.gif