funny katha

fly with me

Member
Mar 9, 2010
1,297
87
0
කරුණාරත්න සර්




මේක පහලගමේ කතාවක්.කතාවක් කිව්වට කතාවක් නෙවේ හිනා යන්නැති සූටි මඩක්.පහලගමේ එවුන් නං කියන්නේ සර්ගෙන් ගුටි කාපු එවුන් තරහට හදපු කතාවක් කියලා.ඒ උනාට සමහර කට්ටිය නම් මේක ඇත්ත කියලත් කියනවා.
.

.
කරුණාරත්න සර් ටවුමේ ඉස්කෝලෙක වැඩ කරාට ගම පහලගම( ඔව් ,කක්කුටු හංදියෙන් හැරිල යන්න ඕන ).සර් ගෙ ගෙදර තියෙන්නේ හන්දියේ ඉඳන් කිලෝමීටරයක් විතර ඇතුලට වෙන්න.මේ ටික පයින් තමා එන්නේ.ඇවිල්ලා බස් එකේ ඉස්කෝලෙට එනවා.සමහර දවස් වලට මෝට සයිකල් වල පුට් සයිකල් වල හන්දියට එන කෙනෙක් සෙට් උනොත් සර්ව හන්දියට දාගෙන එනවා.
ඔහොම එක දවසක් සර් හන්දියට එනකොට බයික් කාරයෙක් සෙට් උනා.පොර සර්ව හන්දියට එක්කගෙන ආවා.සර්ව බස් හොල්ට් එකෙන් බස්සලා පොර මෙහෙම කිවා.
"සර් මට ඉන්න බැ මුත්‍රා බරක් හැදිලා.ඒ මදිවට මේ මෝටසයිකලේ ස්ටැන්ඩ් එකත් කැඩිලා.විනාඩියකට මේක අල්ලගන්නවද.බැරි වෙලාවත් බස් එක ආවොත් ඔය කොහාටහරි හේත්තු කරලා සර් යන්න.". එහෙම කියලා පොර කැලේ(කැලේ කිව්වෙ පොඩි ගොල්ලක් ) පැත්තට දිව්වා.
විනාඩිය ගියා තාම පොර නෑ.මෙන්න බස් එක ආවා.
"යනකට්ටිය නගින්න.ඉක්මන් කරලා නගින්න.ඉක්මන් කරන්න" කොන්දා කෑ ගහනවා.සර් බයිසිකලේ හේත්තු කරන්න තැනක් හොයනවා.ලඟපාත බයිසිකලේ හේත්තු කරන්න පුලුවන් තරමේ කනුවක් බිත්ති කෑක්කල් තියා පොඩි පැලයක් වත් නැ .එකපාරටම කරුනාරත්න සර්ට ගණදෙවි නුවන පහල උනා.
නවත්තල තිබ්බ බස් එකට බයිසිකලේ හේත්තු කරලා සර් බස් එකට නැග්ගා.
................
 

fly with me

Member
Mar 9, 2010
1,297
87
0
චමීරයා කොම්පියුටරයක් අරන්.

Posted by Kassa May 8, 2010, under හිනා යන්නෑ | 15 Comments

ලියනඩ දෙවල් පුරෝලා.ඒ උනාට කම්මැලියි.වැස්ස.හෝ ගාලා වැස්ස.
පායනකන් කියලා නිදාගත්තා.නැගිටිනකොට ආයේ වැස්ස.මොනවා උනත් ප්‍රතිපත්ති වෙනස් කරන්න හොඳ නෑ.පායනකන් නිදියනවා කිව්වනම් පායනකන්ම නිදියන්න ඕන හිංදා ආයේ නිදා ගත්තා.
.

.
චමීරයා කොම්පියුටරයක් අරන්.උදේ ඉඳන් ඒකේ වැඩ.ආයේ බෝක්කුව පැත්තෙවත් එන්නේ නැ.චමීරය නැති වෙලාවට ඉන්දිකයා තමා එතන වැඩබලන කොම්පියුටාර්ධිපති.ගේම් ගැහිල්ල නැගලා යනවා.IGI තමා ගහන්නේ.චමීරයට දැන් ගේම කටපාඩම්.
චමීරයා වෙන එකෙක්ට වත් තනියම ගහන්න දෙන්නේ නෑ."ඔතනින් යනකොට දෙන්නෙක් ඉස්සහරට එනවා.ඔලුවටම තියල දාපන්...නැමිලා පලයන් ඔතනින්, එලාම් වැදුනොත් කේස්..." උපදෙස් ගොඩායි.
මම හන්දැවරුවක් අල්ලලා ගියා චමීරයගෙ ගෙදර(උගෙ නෙවේ උගේ නැන්දගෙ ගෙදර.උගෙ ගෙදර විස්තරේ මම කලින් කිව්වේ ). මම යනකොට සෑහෙන තදට වහිනවා.ඊටත් වඩා අකුණු ගහනවා.චමීරය නෙවේ අකුණු ගැහිල්ල තුට්ටුවකට ගනන් ගන්නේ.
"මේ අකුණු ගහනවා.ඔය ගේම් ගැහිල්ල නවත්තපන්.වැදුනොත් අපි දෙන්නම උම්බලකඩ තමා"මම කිව්වා.
"උඹ බය වෙන්න එපා.අකුනු ගහන්නේ නැ."චමීරය කිවා.
"ඒ මොකෝ"
"මම අයිඩින්ටිය එලියෙන් තියල තියෙන්නේ".
ඌ කියන විදියට මිනිස්සුන්ට අකුනු ගහන්නේ කරුමෙට.කරුමේ පල දෙන්න හරි එකා හරි වෙලාවට දෙය්යො අඳුනගන්නේ ජාතික හැඳුනුම්පත බලලා.
.
මේ මොකුත් හින්දා නෙවේ මේ පොස්ට් එකට "චමීරයා කොම්පුටෙරයක් අරන් " කියලා දැම්මේ. ඒ උගේ කොම්පියුටරේ තිබ්බ ෆෝල්ඩරයක් දැකලා.නන්දන්යගේ ගොවා කතාව වගේ තමා.මේ ෆොල්ඩර් structure එක්ත් චමීරයගෙ කොම්පියුටරෙන් ඇර වෙන කොහෙන් වත් හම්බේයි කියලා හිතන්න බෑ.මේකයි ෆොල්ඩර් එක.
.

.
"රට ගෑණු " කොහොමද ෆොල්ඩරේ නම!
***ඔය screenshot එක ඇත්තටම චමීරයගේ කොම්පියුටෙරෙන් ගත්ත එකක් නෙවේ.මම හැදුවා.ඕකගේ එකේන් screenshot ගහලා මම අතේ අරන් එන්නැයි.(මේ ලෝකෙ ඉන්දිකය ඇර වෙන කිසිම පන තියන එකෙක් චමීරයගෙ කොම්පියුටරේට පෙන් එකක් තියා අත්වත් තියන්නේ නැ.එකේ තියේන්නේ මිනිස්සුන්ටත් බෝවෙන ජාතියේ වයිරස්.)
.
 

fly with me

Member
Mar 9, 2010
1,297
87
0
හොලමන් කතාව

Posted by Kassa April 30, 2010, under Featured, ඉස්කෝලෙ, විහිළු නෙවේ | 24 Comments

පෙරවදන:
මේක විහිලු කතාවක් නෙවේ.හොල්මන් කතාවක්.ඉස්සර අහපු හොලමන් කතා වලට වඩා වෙනස්(බස් එකෙ පිටිපස්සේ සීට් එකෙ ඉඳන් තම්ගේ ලමය පනපිටින් කන ගෑනු කෙනාගෙ කතාව වගේ එව්වා).මම හොලමන් කතා විස්වාස කරන්නෙ නෑ.ඒ උනාට මේ කතාව කිව්වේ මගෙ යාලුවෙක්.ඌ ඔය බොරුවට අපි වගේ කියව කියව ඉන්න ජාතියේ එක්කුත් නෙවේ. උට බොරු කියන්න ඔනකමක් නෑ.ඌ මේ සීන් එකේ හිටපු එකෙක්.
ඌ මේ කතාව කියනකොට සමහර තැන වල මම කින්ඩියට වගේ හිනා වුනා."උඹ විසවාස කරන්නැත්නම් නිකන් හිටපන් , එක වචනයක් වත් උඹට බොරු කියලා මොකටද බං" කියලා ඌ කිව්වා.
මේක අහල ටිකක් කල්.මම මේ කියන කතාවෙ නම් ගම් කියන්නේ මත මතක විදියට.එව්වගේ වැරදීම් තිබ්බොත් සමාවෙන්න(කොහොමත් මේ කතාව අහ්නවෙලවෙ නම් ගම් මතක තියාගන්නවට වඩා කට ඇරගෙන කතාව අහගෙනයි හිටියේ ).
.
....
.
කතාව:
.
මේක උනේ මීගමුව පැත්තේ කොල්ලො 4 දෙනෙක්ට (නම් ගම් හරියටම කියන් නැත්තේ මුන් තාම ඉන්න නිසා ). මේ කොල්ලො 4 දෙනා එක ලඟ ගෙවල්වල ඉන්න යාලුවෝ 4 දෙනෙක්.මුන් හතර දෙනා ට්‍රිප් එකක් සෙට් කර ගත්තා යන්න.තනියම නෙවේ.යාලුවෙලා ඉන්න කෙල්ලොත් එක්ක.ට්‍රිප යන්න සෙට් කර ගත්තේ කතරගමට. ට්‍රිප් එකට දිනේකුත් දාගෙන යන්න ඔක්කොම ලෑස්ති කරගත්තා.කොල්ලො හතරයි කෙල්ලො තුන්දෙනයි.වෑන් එක්ක එක්ක යන්නේ.වෑන් එක drive කරන කොල්ලගේ කෙල්ලට එන්න විදියක් නෑ ගෙදරින් පොඩ්ඩක් තදයි.
කතාව කිව්වේ drive කරපු එකා.අපි උට දැනට "සමීර" කියලා කියමු.
කට්ටිය කතාකරගත්ත දවසෙ හරියටම උදෙන්ම ගමන පිටත් උනා.පලවෙනි දවසේ රෑ වෙනකොට කතරගමට ගියා.කතරගම එදා රෑ නැවතුනා.නැවතිලා පහුවදා උදෙන්ම ආපහු එන්න ආවා නුවරෙ එලිය පැත්තේන්.එන්න එනකොට උන්ට පරන යාලුවෙක් සෙට් උනා කතරගමින්.ඌ කිව්වා නුවර එලියේ යන්න ඕන නෑ උස්සන්ගොඩ කියලා මරු ප්ලේස් එකක් තියනවා ,එහෙ ගිහිල්ලා රෑ උන්ගේ කලුතර ගෙදර නවතින්න පුලුවන් කියලා.කෙල්ලෝ තුන්දෙනා එහෙන් මෙහෙන් බර බරේ දැම්මත් බෝතල් දෙක්කුත් දාගෙන කට්ටියම උස්සන්ගොඩ ගියා.
උස්සන් ගොඩට යන්න ඕනෙ ප්‍රධාන පාරෙන් හැරිලලු.යනකොට පොඩි කැලයක් වගෙ පහු කරගෙන යන්න යන්නත් තියනවලු.යන අතරමඟ හෝටල් කීපයකුත් තියනවලු.("ලු" දාල කිව්වේ මම එහෙ ගිහිල්ල නෑ.මම කිව්වේ ඌ කියපු මට මතක විදියට.ඔය උඩ තියෙන පින්තූරෙ තියෙන්නෙ උස්සන්ගොඩ. මූද අයිනේ තියන පොට් එකක් ).
මුන් උස්සන්ගොඩ මුහුද අයිනටම ගියා.ගිහිල්ල සෙට් වුනා (බෝතල් තියනවනම් කෙල්ලො මොකටද? ).සමීරය drive කරන්නත් තියන නිසා වැඩිය බිව්වේ නෑ.
කොහොම කොහොම හරි පාටිය හවස් වෙනකන්ම ඇදුනා.ඒ අස්සේ එක ජෝඩුවක් වලි.මේ ඔක්කොම් ඉවරවෙනකොට කලුවර වැටිලත් එක්ක. ගොඩක් රෑ වෙනකන් ඉඳලා තෙරුමක් නැති හින්දා කට්ටිය එන්න ආපහු වෑන් එකට ආවා.වෑන් එකට නැඟලා එන්න හදන්කොට දැනගත්තේ ඒකෙ ලයිට් වැඩ කරන්නේ නෑ.ආපහු කට්ටියම බැහැලා ආපහු ලයිට් හදාගන්න ට්‍රයි කලා ඒත් බැරි උනා. දැන් පට්ට කරුවලයි.තමන් ලඟ ඉන්න එකා පේන්නෙ නැති ගානයි. ආපහු කට්ටිය නග්ගගෙන එන්න හදනකොට සමීරයට ලේ ගඳක් ආවා.මුට හිතුනා බෝතල් කට්ටකට හරි එකෙක් වත් කකුලක් වත් කපාගෙනද දන්නැ කියලා.වාහනේ ලයිටුත් නෑ.ආපහු ඔක්කොම කට්ටිය බස්සවලා ෆෝන් එකේ ටෝච් එකෙන් හැම එකාම චෙක් කරලා බැලුවා.මොකුත් තුවාල නැ.දැන් නම් කෙල්ලො ටික හොඳටම බයවෙලා ඉන්නෙ.එක එක විකාර කියවනවා.සමීරය හොල්මන් අවතාර තියා මෙලෝ යකෙකුට බය නැති ජාතියේ එකෙක්.ඒත් උටත් මේ වෙන සීන් වැඩිය ඇල්ලුවේ නෑ.ලයිට් නැතුව හරි හිමීට හිමීට මහපාරට දාගමු කියලා ආපහු එන්න කට්ටියම වාහනේට නැග්ගා.
සමීරයා වාහනේට නඟිනකොට එක කොල්ලෙක් ලඟට ඇවිල්ල කනට කරල කිවා"මගෙන් ඇයි කියලා අහන්න එපා.මොනවා උනත් වාහනේ නවත්තන්න එපා දිගටම පලයන් කියලා".වාහනේ හිමීට හිමිට මඟක් ප්‍රධාන පාර පැත්තට එද්දි ආපහු ලයිට් වැඩ කරන්න ගත්තා.කට්ටිය බයටත් එක්ක ඇතුලේ ලයිටුත් දාගෙන හිටියේ.සමීරයට ඇතුලේ තියන කන්නාඩියෙන් පිටිපස්සේ උන්ව පේනවා.කෙල්ලො තුන්දෙනා පිටිපස්සෙම සීට් එකේ.කොල්ලො හතරදෙනා(ට්‍රිප් එක ආපු තුන් දෙනයි කතරගමින් සෙට් වෙච්ච එකයි ) ඊට ඉස්සරහා සීට් එකේ ඉන්නවා.
එකපාරටම එක කොල්ලෙක් උඩ ගිහිල්ලා වාහනේ වහලේ වදිලා වැටෙනවා සමීරයා කන්නාඩියෙන් දැක්කා.ඌ අනිත් එවුන් තුන් දෙනා ඌව අල්ලගත්තා.ඒ උනාට ඌ යකා වගේ දඟලනවා.කටින් සෙම දානවා.එතන හිටපු එකෙක් උට පාරවල් දෙකක් දුන්නා.ඌ ඊට පස්සේ සෙට්ල් උනා.
ඌ යන්තං ගොඩ දාගත්ත විතරයි ඌ ලඟ හිටපු අනිත් එකත් දඟලන්න ගත්තා.ඌත් කටින් සෙම දානවා.කෑ ගහනවා.ඒ මදිවට පිටිපස්සේ සීට් එකෙ හිටපු කෙල්ලො බයේ මර ලතෝනි දෙනවා.සමීරයා මොකා උනත් මොලේ තියන එකා.ඌ දිගටම වාහනේ එලෙව්වා.ඌ හිතුවා බැරිවෙලාවත් ඊලඟට සමීරයම වෙවුලන්න ගත්තොත් එහෙම මල ජංජාලයක් වෙනවා කියලා.සමීරයා උපරිම වෙගෙන් වාහනේ මහ පාරට දාලා හොස්පිටල් එකක් හම්බෙනකන් ගියා.දැන් සෑහෙන්න රෑ වෙලා.හොස්පිටක් එකට යනකොටත් අරූ තාම යකා නටනවා.දඟලනවා හූ කියනවා.
හොස්පිටල් එකට ගිහිල්ල මූව ඇඳකින් තිබ්බා.තාම කැ ගහනවා.දඟලනවා. හූ කියනවා. මුට සේලයින් දුන්නා. මූ පිස්සෙක් වගේ අතට ගහල තිබ්බ සේලයින් කට්ට ඇදල අරන් වීසි කරා.ඇඳලග බිත්තියෙත් එක්ක වීසි වෙච්ච ලේ බිංදු.
 

fly with me

Member
Mar 9, 2010
1,297
87
0
continue



ඉස්පිරිතාලේ හිටපු ඇටෙන්ඩන් කනෙක් කිව්වා මෙයාට බේත් දීල හරියන්නේ නෑ ලඟ පන්සලක කට්ටඩි හාමුදුර කෙනෙක් ඉන්නවා එයාව ගෙන්නන්න කියලා.සමීරය ඉක්මනට වෑන් එක අරන් පන්සල හොයගෙන ගියා.මහ රෑම පන්සලත් හොයාගෙන හාමුදුරුවන්ට විස්තරෙත් කියලා ඉස්පිරිතාලෙට එක්කගන ආවා.ඊට පස්සේ හාමුදුරුවො අසනීප වෙලා හිටපු එකාට මතුරල නූලක් බැන්දා.
ටික වෙලාවකින් ඌ සන්සුන් උනා.එ උනාට සිහිය තාම මදි.වතුර ටිකක් පොවල පැයක් විතර හියාම උට හොඳටම හොඳ උනා.ඉස්සරලම දඟලපු එකාට කිසි ගානක් නෑ.උට හොඳටම හොඳයි.
හාමුදුරුවො විස්තරේ ඇහුවා මොකද උනේ කියලා.ඊට පස්සේ වෑන් එකෙ ගියපු ඔක්කොටම නූල් බැන්දා.බැඳලා කිව්වා දවස් 7ක් යන්න කලින් සාත්තුවක් කරගන්න එහෙම නැත්තම් නූල බැඳපු එකෙන් වැඩක් නෑ කියලා.ඔය ඔක්කොම ඉවරවෙනකොට පාන්දර වෙලා.ඊට පස්සේ කලුතර එකාවත් ගෙදරින් බස්සගෙන කට්ටියම ගෙදර ආවා.
ඇවිල්ලා දවස් දෙක තුනක් යනකොට කට්ටියටම සීන් එක වැඩි ගානක් නෑ.ආපහු ඔහෙ හිටිය වගෙ ඉන්නවා.ඔහොම ඉඳලා හරියටම සතියක් යනකොට ආපහු අර අසනීප වෙච්ච එකා ආපහු හූ තියාගෙන මර ලතෝනි දෙන්න ගත්තා.හොඳ වෙලාවට උගෙ ගෙදර හිටියේ ඌ විතරයි.පවුලෙ කට්ටිය ඉන්නේ ඉතාලි.කොල්ලො සෙට් එක ඌව ගෙදර තියලා කට්ටඩියෙක් ගෙන්නුවා.කට්ටඩියට විස්තරේ කිව්වා.
කට්ටඩියා කිව්ව යකෙක් වැහිලා ඉන්නේ , කුකුලෙක් බිල්ලට දීලා ශාන්ති කර්මයක් කරන්න ඔන කියලා.ඔන ඔක්කොම බඩු ලෑස්ති කරලා වටේ පිටේ අයට හොරෙන් කොල්ලො ටික විතරක් ශාන්තිකර්මෙ සෙට් කලා.
කට්ටඩියා පහන් තියලා මතුරනකොට අරූ හූ තියනවා.ඊට පස්සෙ කට්ටඩියා කොල්ලගේ කොන්ඩෙන් අල්ලලා දෙක තුනක් ගැහුවා.
"තෝ කවුද?"කට්ටඩියා ඇහුවා.
"කලු යකා."
"තෝ මොකද මේ නරයගෙ ඇඟට රිංගල ඉන්නේ " කට්ටඩියා මුට ගගහා අහනවා.
"මුන් මගේ අඩවියේ හිටියේ"
"තොට මේ නරයගෙ අඟෙන් යන්න මොනවද ඔන"
"බිල්ලක් දීපිය" කොල්ල කෑ ගහනවා.
"සැවුල් බිල්ලක් දුන්නොත් තෝ යනවද"
"බැ.."
"මම තෝව සැවුල් බිල්ලත් නැතුව එලවන්නද නත්නම් සැවුල් බිල්ල අරන් යනවද?"
"සැවුල් බිල්ල් දීපිය"
"සැවුල් බිල්ල ගත්තට පස්සේ මේ නරයගේ සරීරෙට රින්ගන්නැ කියලා සත්ත කරපිය"
"සත්තයි"
කට්ටඩියා එයා දන්න දේවල් වලින්කොහොම හරි කුකුල් බිල්ලට යකා එලවන්න වැඩේ ගොඩ දා ගත්තා.කුකුලා කොල්ලගේ අතට දුන්නා.ඊට පස්සේ සීන් එක සමීරයගෙම වචන වලින් කියනවනම් මෙහෙමයි.
"මචන් පොඩිකාලෙ ඉඳන් තම්න් එක්ක එකට හිටපු එකෙක් තමන්ගෙ ඇස් ඉස්සරහ පනපිටින් ඉන්න කුකුලෙක් අත්දෙකට අරන් උගේ බෙල්ල හපද්දි මොකද හිතෙන්නේ කියපන්.ඌ කුකුලගේ බෙල්ල අඹරලා ලේ එනකන් හැපුව බං .කට වටේ ලේ ගෑවිලා එව්වගෙ පොඩි පිහාටු කෑලි ඇලිලා.පිස්සු හැදෙනව බං."
කුකුල මැරෙනකන්ම අරූ කුකුලගේ බෙල්ල හපලා.කුකුලා මැරෙනකොට කොල්ලත් කලන්තේ දාල වැටුනා.සිහිය ආවට පස්සෙ උට හොඳයි.ඒ උනාට උට කිසිම දෙයක් මතක නෑ.
.
පසුවදන:
සමීරය පස්සේ අනික් කොල්ලගෙන් අහල තිබ්බා උස්සන්ගොඩ ඉඳල එන්න හදද්දි මොනව උනත් වාහනේ නතර කරන්න එපා කිව්වේ ඇයි කියලා.ඌ කියල තිබ්බේ කොච්චර කරුවලේ උනත් ඌ දැක්කලු කොට කලු මිනිහෙක් උට එන්න කියල අතවනනවා.
මේ සිද්දියට ලක් වෙච්ච සෙට් එකෙන් සමීරය ඇරෙන්න අනිත් උන් ඔක්කොම කතෝලික.උන් ඔක්කොම අවුරුදු 28 වඩා බාලයි.ඔය ඔක්කොම සෙට් එක පිටින් (සමීරයත් එක්ක ) ගිය මාසේ ඉතාලි ගියා. අය නිවාඩුවකට වාගේ එන්න හිතුනොත් ඇරෙන්න ලංකාවට එන එකක් නෑ කියලාතමා කිව්වේ.
ආයේ සැරයක් මම මේ කියන්නේ මේක් ඇහුවට පස්සේ මටත් පොඩ්ඩක් විරිත්තිලා හිටියේ.මොකද මම් දන්නවා සමීරය කයිවාරුකාරයෙක් නෙවේ කියලා.ඌ මේක කාටවත් කියන්න එප කියලත් කිව්වා.ඒ උනාට ඉතාලි ගියාට පස්සේ මේක ලිව්වට කමක් නැද්ද කියලා අහපුවාම ඔනනම් ලියපන් කියලා කිව්වා.ඒකයි ලිව්වේ
 

fly with me

Member
Mar 9, 2010
1,297
87
0
හරක් මස්

Posted by Kassa April 29, 2010, under Uncategorized, ගමේ කතා, හිනා යන්නෑ | 6 Comments

කතාවක් නෙවෙ.ඉස්සර බෝක්කුව උඩ ඉද්දි කියපු පල් හෑලි.
.

.
අපි කැම්පස් ගිහිල්ල දෙවෙනි අවුරුද්දෙ හොස්ටල් හම්බුනේ නැ.බොඩින් ගතවුනා(වනගත උනා වගේ තමා).කඩෙන් කන් එක පට්ට පාඩුයි.උයන්න ගත්තා.
"අපි නම් දැන් කඩෙන් කන්නේ නෑ".මම කිව්වා.
"ඇයි" චමීරය ඇහුවා.
"අපි බොඩිමේ උයනවා."මම කිව්වා.
"උඹලා ගෝවත් උයනවද?" නන්දනයා ඇහුවා.
මම තාම දන්නෙ නැ නන්දනයා එහෙම අහුවෙ ඇයි කියලා.මම කියල තියනව වගේ උට පිස්සු.මම ඕක උගෙන් අහපුවම ඌ කිව්වෙ නිකන් ඇහුවේ කියලා.එ උනාට කොල්ලෙක් බොඩිමක උයනවා කිව්වම කිසිම තෙරුමක් නැතුව "ගෝවත් උයනවද" කියලා අහන ජාතියෙ එකෙක් ජිවිතේට හම්බෙයි කියල හිතෙනවද?
චමීරයගෙ ඔව්ව නැ.සරල ප්‍රශ්න "දැන් එතකොට මස් මාලු උයන්න දන්න එකෙක් ඉන්නව්ද ඕකෙ"
"නෑ ඔයි. එව්ව කරනවනම් මැටි මුට්ටි එහෙම වෙනම ගන්න එපැයි.දැන් තියන ඔක්කොම ඇලුමීනියං."
"නැති එකම තමා හොඳ.නිකන් පව් පුරවගන්න වැඩ."නන්දනයා සුදනා වගේ කතාව.
චමීරට මලම පැන්නා"ඇයි දැන් තෝ මස් කන්නෙම නැද්ද?"
"කුකුල් මස් කනවා.හරක් මස් කන්නේ නැ"නන්දනයා කිව්වා.
"මොකෝ උඹ සත්තු වර්ග කරලද කන්නේ?" මම ඇහුවා.
"නැ නැ නන්දනයගේ පැත්තෙන් බලනකොට ඌ කියපු එක හරි" චමීරය කිංඩි හිනාවක් දාල කිව්වා.
"ඒ මොකො උබ එහෙම කියන්නේ" නන්දනය ඇහුවා.
"නෑ ඉතින්, මිනිස්සු මිනී මස් කන්නෑ හරක් හරක් මස් කන්නෑ. "
එහෙම කියලා හූවකුත් තියාගෙන චමීරය ගෙදර දිව්වා.
 

fly with me

Member
Mar 9, 2010
1,297
87
0
පොත් චොකලට් සිගරැට්

Posted by Kassa April 27, 2010, under Uncategorized, ඉස්කෝලෙ, හිනා යන්නෑ | 6 Comments

මම මෙක මෙ ලඟදි ඇහුවේ.සමහර කට්ටිය අහල ඇති.
.

.
නාසා ආයතයට් පොඩි පරීක්සනයක් කොරන්ට ඔන වෙලා තිබ්බා. හඳේ දිග කාලයක් ජීවත් උනාට පස්සෙ මිනිස්සුන්ගේ හැසිරීම මොන වගේ ද කියලා තමා බලන්න ඔනකම තිබ්බේ.
මේකට මිනිස්සු තුන් දෙනෙක්ව යොදාගන්න තීරණය කලා. තුන් දෙනාව තෝරගත්තේ worldwide ලොතරැයියකින්.
මොන කරුමෙකටද මන්දා ලොතරැයි තුනම ඇදුනේ ලංකාවේ තුන් දෙනෙක්ට.
දැන් කට්ටියම හඳට යන්න සෙට් වෙනවා.
හඳට උනත් ඔහේ නිකන් යවන් නෑ.කොන්දේසි තියනවා.හඳේ ඉද්දි කෑම බීම මොකුත් නෑ.පෝෂනීය ටැබ්ලට් එකක් දවසකට සැරයක් දෙනවා. එච්චරයි. මෙලෝ කොරන්ඩ දේකුත් නෑ.(මොකෝ හඳේ කෑලි ඉන්නව කියලැයි ටෝක් කරන්න )
ඒ හින්දා මානුෂික හැඟීම් සලකලා හැම කෙනාටම තමන් කැමති ඕනම දේකින් කිලෝ10 ගානේ අරන් යන්න චාන්ස් එකක් දුන්නා.
පලවෙනි එකා ශාස්ත්‍රීය ඩයල් එකක්.ඌ කිලෝ 10ටම පොත් අරගත්තා ගිහින් කියවන්න.
දෙවනි එකා පට්ට පෙරේතයා.ඌ කිලෝ 10ටම චොකොලට් ගත්තා.
තුන් වෙනි එකා තනි දුමා. ඌ කිලෝ 10ටම සිගරට් ගත්තා .
ඊට පස්සේ කට්ටියම රොකට් එක්ක පටවලා හඳට ඇරියා.
.
මාස තුනකට පස්සේ එක්ක ගියපු රොකට් එකේම කට්ටිය ආපහු ආවා.
ඇවිල්ලා එක එකා තමගේ අත්දැකීම් රූපවාහිනියට ප්‍රකාශ කරනවා.
මුලින්ම ශාස්ත්‍රීය පොර, "හඳේ ඉන්නකොට පුදුම නිස්කලන්කයි.තම්ගේ පාඩුවෙ ඕනතරම් පොත් කියවන්න පුලුවන්." පොර හෙනම සන්තෝසෙන් කිව්වා.
ඊලඟට චොකොලට් අරන් ගියපු ඩයල් එක තමන්ගේ අදහස් ප්‍රකාශ කලා "හඳ ෂෝක්.ඕන තරම් චොකලට් කන්න පුලුවන්.මොකෙක් වත් උදුරන්න එන්නේ නෑ, මරු ".
ඇන්තිමටම ආවේ සිගරට් අරන් ගියපු එකා.පොරට මල පැනලා.මොකුත් කියන්නෑ බුම්මගෙන ඉන්නවා.
"මොකද තමුන්නාන්සේ විතරක් අසතුටින් වගේ ඉන්නෙ " එතන හිටපු නිවේදක අයියා ඇහුවා.
අරූට අම්බානක මල පැනලා "මල්ලි මේ ,මගෙන් කුණුහරුප අහගන්නැතුව ඉන්නවද. කිලෝ 10ක සිගරට් අරන් ගියාට එක ගිනිපෙට්ටියක් අරන්යන්න බැරිඋනා ඔයි".
 

fly with me

Member
Mar 9, 2010
1,297
87
0
කැතලික් නංගි

, බස් කතා | 22 Comments

.
මේකත් අහපු කතාවක්.සමහරු පොඩ්ඩයි දන්නෙ ඔක්කොම දන්නේ නැ.ඒක හින්දා ලියලා දානවා.
සූටි කතාව උනාට මරු.
.

.
කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිට්යේ.ටික වෙලාවක් ඔහොම යන්කොට කොල්ලෙක් නැගලා කෙල්ල ලඟින් වාඩි උනා(නන්දනයා වගේ ටියුබ් ලයිට් එකෙක්).
කොල්ල හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.
දැන් මුට කෙල්ල එක්ක කතාකරන්න ඔන.
කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා (උඩ තියන පිංතූරෙ වගේ තමා).
.
කොල්ල හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.
"නංගි ක්‍රිස්මස්ද?"
කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා .
"නැ මේ, බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ".
 

fly with me

Member
Mar 9, 2010
1,297
87
0
අත් දෙකටම හරියන නියමය.

Posted by Kassa April 21, 2010, under කුණුහරුප, හිනා යන්නෑ | 5 Comments

මම අද වෙනකන් මේක දැනන් හිටියෙ නෑ. ඒ උනාට සමහරු දන්නවා.
ඔබ සරල සුකුමාල ගැහැනු/පිරිමි ලමයෙක් නම් මේක කියවන්නවත් පහලට ස්ක්‍රෝල් කරන්නවත් එපා. පන්ඩිතකමට එහෙම කරලා "ඊඊ..යා කුණුහරුපයක්" කියලා පස්සෙ අපට බනින්නත් එපා.මේක කුණුහරුප ලියන සයිට් එකක් කියලා වැරදියට තේරුම් ගන්නත් එපා.
.
.
.
.
.
.
.
.
.

.
අත් දෙකටම හරියන නියමය.
.
විද්‍යාව දන්න අය ෆ්ලෙමින්ගේ වමත් නියමය, දකුනත් නියමය , සුරත් නියමය ඔක්කොම දන්නවනේ.දන්නැත්තං ඒ ගැන එච්චර හිතන්න එපා.
මේ කියන්න යන නියමයත් ඒ වගේ තමා.
තමන්ගේ අතේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි එකකට එකක් ලම්භක වෙන්න තියාගෙන අනිත් ඇඟිලි නවාගන්න. මේකෙ අත තියන ආකාර 2ක් තියනවා.ඉස්සරලාම දබර ඇඟිල්ල උඩට හිට්න්න අත තියාගන්න.ඊට පස්සෙ මහපට ඇඟිල්ල උඩට හිටින්න තියාගන්න.
දන් ඔය position 2කේ තෙරුම දන්නවද?
"දිග අයගෙ කොටයි, කොට අයගේ දිගයි."
මේකේ අතක් ඇඳපු පින්තූරයක් වත් දැම්මෙ නැත්තේ තෙරෙන අයට විතරක් තේරෙන්න.තේරුන් නැත්තං දෙවන වර පැහැදිලි කිරීම් නැ.sorry!
 

fly with me

Member
Mar 9, 2010
1,297
87
0
හා කොටුව

Posted by Kassa April 8, 2010, under සත්තු | 13 Comments

මේක ඇත්ත කතාවක් නෙවේ.කොල්ලෙක් කියපු කතාවක් (ලොකුවට හිනා යන්නෙ නෑ, සමහරුන්ට යන්නෙම නෑ).නිකන් අර ඉස්කොලේ ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එකේ සර් ආවෙ නැති උනාම නිදාගන්න බැරිකමට කියන කතාවක්.
ඉස්සර හිටියා ගමක මුදලාලි කෙනෙක්.මෑන් බැඳලා නෑ.පවුලෙ කට්ටිය කවුරුවත් නෑ.තනියම ජීවත් උනේ.ඒ මනුස්සයා ආසාවට වගේ හාවො ඇති කලා. ගේ පිටිපස්සෙ කොටුවක් හදලා ඒකේ තමා හාවො ඇති කලේ.
ඔහොම ඉන්නකොට එක දවසක් මුදලාලිට උවමනාවකට ගමෙන් පිට යන්න සිද්ද උනා.එක රැයක් ගමෙන් පිට ඉන්න වෙනවා. දැන් මොකද කරන්නෙ.මොකෙක් හරි කඩේ බඩු ටික හොරකම් කලොත්.
මුදලාලි ගමේ මිනිහෙක්ව කුලියට ගත්තා .මුදලාලි ගමන ගිහින් එනකන් කඩෙයි හා කොටුවයි බලාගන්නවට රුපියල් 200ක් දෙන්නම් කිව්වා(මහ වැඩක් නෙවේනෙ එලිවෙනක්න් මුදලාලිගෙ ගෙදර නිදාගන්නනෙ තියෙන්නෙ ).
මුදලාලි ගමන ගියා.වැඩේ බාරගත්ත මනුස්සයත් එදා හවස මුද්ලාලිලගෙ ගෙදර ආවා.වැඩේ බාරගත්තට මොකෝ මිනිහත් පොඩ්ඩක් බයයි. ඒක හිංදා මෑන් තනියටත් එක්ක ගෙදර හිටපු බල්ලත් එක්කන් ආවා.
කරුවල වැටීගන එනකොට කඩෙයි හා කොටුව පැත්තෙයි රවුමක් ගහලා කඩේ පිටිපස්සෙ දාලා තිබ්බ බූරු ඇඳේ නිදා ගත්තා.
ඔහොම ඉන්නකොට රෑ ගේ පිටිපස්සේන් සද්දයක් ඇහිලා මනුස්සයා නැගිට්ටුනා.කලවැද්දෙක්වත් හා කොටුවට පැනලද දන්නැ කියලා බලන්න ගේ පිටිපස්සට ගියා.
මල කෙලියයි.මනුස්සයගෙ බල්ලා හාවෙකුත් කටින් එල්ලගෙන නට්ට වන වනා එනවා.හාවගෙ ඇඟේ මඩ ගෑවිලා.බල්ලගේ කට වටේට ලේ.මෑන් ගේ ඇඟ හිරිවැටිල ගියා. පොඩි පොලු කෑල්ලක් අරන් බල්ලට ගැහුවා.බල්ල හාව බිමදාල දිව්වා.මනුස්සය ගිහිල්ල හාව අරන් බැලුවා.හාවා මැරිලා....දැන් මොනාකරන්නද?
මනුස්සයා හාවත් අරන් ගියා ලිඳ ලගට.ගිහිල්ල හාවා හොඳට සබන් දාල හේදුවා.ඊට පස්ස්සෙ කඩේ දොර ඇරලා. කඩේ තිබ්බ පවුඩර් ටින් එකක් අරන් හාවට පවුඩර් එහෙම දාල ආපහු ඌව හා කොටුවෙ පැත්තකින් තිබ්බා.
.
පහුවදා උදේ මුදලාලි ගියපු වැඩකටයුතු ටිකත් ඉවරකරන් ආපහු ගෙදර ආවා.
"කොහොමද ඊයෙ වැඩේ හොඳට කොලාද?"
"ඔව් මුදලාලි කිසි ප්‍රශ්නයක් නෑ"
මනුස්සයා මුදලාලි ආව ගමන් රුපියල් දෙසීයත් අරන් ඉක්මනට එතනින් මාරු උනා.
.
දැන් මනුස්සය පට්ට බයේ වැඩිය එලියට බහින්නෙත් නැතුව ගෙදරට වෙලා ඉන්නවා.එහෙම ඉඳලා දවස් දෙකකට විතර පස්සෙ මිනිහා පොල පැත්තෙ ගියා.ඔහොම පොලේ ඇවිද ඇවිද ඉන්නකොට එකපාරටම මුදලාලි මූනට හම්බුනා.
"මු මු මුදලාලි පොලේ ආවද?" මෑන් බයවෙලා.
"පොලේ තමා.එදා තමුසේ හරියට බලාගන්නව කිව්වට වැඩේ කරලා නෑනෙ.කඩේ උස්සන් ගියත් එච්චර තමා."
මුදලාලි දිගටම බැනගෙන බැනගෙන යනවා.
"මනුස්සයෝ මම ගමන යන්න කලින් දා කල්වැද්දෙක් කාල මැරිච්ච හාවෙක් වත්ත පහල වැලලුවා.කොහෙද යන පිස්සෙක් ඌව හාරල ගොඩ අරන් නාවල ඒ මදිවට සෙන්ට් පවුඩරුත් දාල කොටුව මුල්ලෙන් තියලා"
.
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    last row ekama iwara karanawaa wage..oke godak ewa daala thiyenne ban..godak ewa repost..karunarathna sir ge ekanam ne..