Futa කථා වස්තුව කෙසේද යත්…..
තවද එක් සමයෙක ,ලදිව නම් දිවයිනෙහි සාටක දාරී නරපතියෙකු රාජ්‍ය විචරත්දී එපුර වෑසි දිලින්දෝද නොදිලින්දෝද පූරුවේ පටන් වූ සිරිත කරන කොට ගත්තාහු,මහත් වූ විර්ය කොට අධිශ්ටාන උපදවා සකලවිද දුක් විඳ,රක්ශාකොට තම නේත්‍රස්මාන දරුකැල වැඩි දුර ශිල්ප ඉගෙනුමට සිව්දෙස වූ මහා තක්සලා වෙත පිටකර යැවූහ.
එදවස පටන් සුලු කලකට පසු තක්සලාවැසි මහැදුරෝද,කුඩැදුරෝද රජුගෙන් ශිල්ප වැඩුමට ලැබෙන , තමනට ලැබෙන තත්වය, පඩුරු නොසෑහේයැයි සිතා,මේ නම් අපම කඹුරා රජ කරවූවෙක් නොවීදැයි තැවී වාඩුව ගෑනීමට ඉටාගෙන සිප්දීම වැරූහ.ප්‍රයෝගයෙහි කෙල පැමිනි නරපති තෙම කෑදර වූ අචාරීන් රවටා තම පසට ගෙන,පොරොන්දු ප්‍රයෝගයෙන් මුලාකොට එක් වරක් ,දෙවරක් නොව සිව වරක්ම අචාරීන්ට සරදම්කල කල්හි අසරනවූ අචාරීහු මොවුන් නම් සටනට උපන්නෝම නොවේදැයි සිතා,සිසුන් රැස්කොට තක්සලාවන් දිලිඳු බවද,මෙතෙම සාලිස් වසක්ද,මෙතෙම එකුන් විසි වසක්ද ,මෙතෙම මෙපමන වසක්ද තක්සාලවට කැඹුරූ පසුත් ලබෙනුයේ ගුරු පඩුරුලෙස සොච්චමකැයි විස්සෝප කොට,අපට පඩුරු මෙපමනකින්ද,තොපට ඉගෙනුමට මෙපුර ධනයෙන් සියයකින් සයක්ද ගෙන දෙන්නෙමැයි කියා අපහා එක්ව සටනට එන ලෙස අයාචනාකලහ.
එපුර වැසි සිසුහුද “අහෝ මේ අප ගුරුදේවයන් නොවන්නේද,ගුරුපඩුරු මදි නොවේද,සියයට සයක් දුන් කල්හි අපට නැතද,මතුපරපුරට හෝ සහනයක් නොවන්නේදෑයි සිතා ,රාජපුරුසයන් විසින් පිටිතල හයා බැද තලා කපා වද දී රියසකට යට කලබවට වන් ආරන්චිමාත්‍රයන්ගෙනුද නොසැලී ගුරුන් හා එක්ව සටනට වම්හ.
ඇදුරෝද සිසු සවියෙන් මත්ව සියයට සයක් සලකුනු කලාවූ සියගනනක් කොඩි සේසත් චාමර රැගෙන ගලුපුර සිට අගනුවර දක්වා මහ පෙරහරකින් යාමට පාරට වම්හ.ඒපසුපස වන් සිසුනද අව් රැසි මහවැසි මත්තෙහි නොතැවී,රාජපුරුසයන්ගේ කුලුපොලුමැද නොසැලී,අදුරන් එක්යොදුනක් පාගමනින්ද සිව්යොදුනක් අස් රියෙන්ද සැපසේ යනු දැක නොකිපී දස යොදුනක් පයින්ද,දසයොදුනක් දනින්ද,අවසන් දසයොදුන උදරගාමින්ද මහත් වීර්ය උපදවා පැමින මහත් ඝෝශාකොට අගනුවරම කලඹවා සැඟුම් පිටියට වැද රල නැංවූහ.
ඉන් අල්ප දිනකට පසු කැලබුන සිත් ඇති නරපති තෙම ශිල්පසල් බාරව සිරි කැනහිල් ඇමති තෙම නොතකා, සිය මලනුවන් වූ බලැති අමාත්‍යයෙකු කැදවා අචාරීන් සන් කොට මුන් ගැන බලනුවයි කිවූහ.”මෙපුරවැසියෝ උපතින්ම මසුරන් ප්‍රියකරන්නහුය,තම සැපත පමනක් තකන්නෝ බොහෝය,කහවනු ප්‍රයෝගයකින් මුන් දිනම්හයැයි” සිතාගත් නරපති මලනුවෝ ආචාරීන් රැස්කොට “සියයකින් සයක් නම් නොහැක්කේය,ගුරුපඩුරුනම් හෑක්කේය” යයි පැවසූ කල්හි එඋගත් අචාරීහුද “ගුරුපඩුරුනම් අපටමය,සියයට සයනම් උන්ටමය, ගුරුපඩුරු මහත් ලැබේනම් ගුනැති තක්සලාවකින් අපට ඇති පලය කිම,අප දරුවන්ටද පරසක්වල හෝ යවා අමාත්‍යන් කරන්නා හාම ඉගැන්විය හැකැ,අපට ඇවැසි දේ ලැබුනි, දැන් මේ පැඟිරන්ගෙන් අපට පලක් නැත”යි සිතා සියයට සය අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කොට සිසුනට පශ්චාත් භාගය පෙන්වාලූහුය.
මෙයින් තැලුනාවූ සිත් ඇති සිසුන් මෙතුවක් කල් අප සින්හයන්ට සේ ගරුකොට වන්දනා කොට සැලකූයී තවත් කැනහිල් රැලකට නොවීදැයි කම්පාවී තමනටම තලාගැනීමට මඩුවලිග සොයමින් සකල දෙස සරන්නාහුය..
One of the comments - http://lankacnews.com/sinhala/main-news/83700/

Last edited: