ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුවදොරක් වී ඔබව හමුවන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්
පළා පැහැයෙන් දිදුල කඳු වලියේ
අතුල පිණි මතුවේ
සඳක් සේ මා ඔබට දැල්වෙන්නම්
ඔබේ කඳුළැලි පෙමින් පිසලන්නම්
දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙන උණු කඳුළේ
අරුත වී මා ඔබේ ලඟ ඉන්නම්
මිරිඟු දිය මැඩ කෙම් බිමක් වෙන්නම්
හඩ: දීපිකා ප්‍රියදර්ශණි සහ කරුණාරත්න දිවුල්ගනේ
පද: බන්ධුල නානායක්කාරවසම්
නද: එම්. ආර්. චූලසිංහ
