Galadari Hotel to convert debt into equity
දැවැන්ත ණය බරකට ඇද වැටී සිටින කොළඹ සුපිරි හෝටල් අතර ප්‍රමුඛතම හෝටලයක් වන ගලධාරී හෝටලය සිය ණය බරින් ගොඩ ඒමට නව සැලසුමක් අඳියි.
මේ අනුව, ගලධාරී හෝටලය තීරණය කර තිබෙන්නේ හෝටලයේ මව් සමාගම වන ගලධාරී බ්‍රදර්ස් සමාගමට තිබෙන රුපියල් බිලියන 5.75 ක් වන ණය මුදලත්, රජයේ ජාතික රක්ෂණ භාර අරමුදලට තිබෙන රුපියල් මිලියන 583 ක් වන ණය මුදලත් වෙනුවෙන් අදාළ පාර්ශව දෙකට එම ණය මුදල හෝටලයේ කොටස් වලට හරවා ලබාදීමටයි.
මේ බව ගලධාරී හෝටලය කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇති අතර මේ ආකාරයෙන් සිය ගිණුම් වාර්තා ශුද්ධ කිරීම මගින් වර්තමානයේ වර්ධනය වෙමින් තිබෙන සංචාරක කර්මාන්තයෙන් වැඩි වාසි අත්කර ගැනීමට හැකිවනු ඇතිබව සඳහන් කර තිබේ.
~| Co - Admin Of SMICE |~