Galaxy Watch 4 Classic 46mm _ Review

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    8,582
    11,938
    113
    Dubai, UAE
    හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් තවත් රිවීව් එකක් අරගෙන තමයි ආවේ.

    Galaxy Watch 4 Classic 46mm

    මන් මේක ගත්තේ හරියටම 2022 ඔක්තෝබර් 30. ඒ දවස් වල නම් ඩිරාම් 670ක් වගේ උනා. මට ඔෆර් එකක් හම්බවෙලා ඩිරාම් 499කට ගත්තේ. දැන් නම් ඊටත් අඩුවෙන් තියෙනවා. (ගනන් වැඩී කුකුලෝ අනන් මනන් නන් කියගෙන එන්න එපා හරිය? ආස නිසයි ගත්තේ :baffled:)

    ඉතින් මන් මේ කියන්න යන්නේ මේක ගැන මගේ තියෙන මතය. කාට හරි මට වඩා වෙනස් මතයක් තියේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බලන කෙනෙකුට වැදගත් වෙයි.:yes:

    1. මොකද්ද මේ Galaxy Watch 4 Classic 46mm??

    මේක ඉතින් සැම්සුන්ග් සමාගමෙන් ගහන Premium Smart Watch එකක්. අනිත් හැම Smart Watch එකකම තියෙන හැම දෙයක්ම වගේ සහ ඊට වැඩියෙනුත් එක්ක තියෙනවා. පහල දාලා තියෙන්නේ Specifications.


    NETWORKTechnologyGSM / HSPA / LTE
    2G bandsGSM 850 / 900 / 1800 / 1900
    3G bandsHSDPA 850 / 900 / 2100
    4G bands1, 3, 5, 7, 8, 20
    SpeedHSPA, LTE
    LAUNCHAnnounced2021, August 11
    StatusAvailable. Released 2021, August 27
    BODYDimensions45.5 x 45.5 x 11 mm (1.79 x 1.79 x 0.43 in)
    Weight52 g (1.83 oz)
    BuildGlass front (Gorilla Glass DX), stainless steel frame 316L or titanium frame
    SIMeSIM
    MIL-STD-810G compliant*
    50m water resistant (IP68)
    Compatible with standard 20mm straps
    ECG certified
    Blood pressure monitor
    Rotating bezel
    *does not guarantee ruggedness or use in extreme conditions
    DISPLAYTypeSuper AMOLED
    Size1.4 inches
    Resolution450 x 450 pixels (~321 ppi density)
    ProtectionCorning Gorilla Glass DX
    Always-on display
    PLATFORMOSAndroid Wear OS 4, One UI Watch 5
    ChipsetExynos W920 (5 nm)
    CPU duall-core 1.18 GHz Cortex-A55
    GPUMali-G68
    MEMORYCard slotNo
    Internal16GB 1.5GB RAM
    CAMERA No
    COMMSWLANWi-Fi 802.11 a/b/g/n, dual-band
    Bluetooth5.0, A2DP, LE
    PositioningGPS, GLONASS, GALILEO, BDS
    NFCYes
    RadioNo
    USBNo
    FEATURESSensorsAccelerometer, gyro, compass, barometer, heart rate, SpO2
    BATTERYTypeLi-Ion 361 mAh, non-removable
    ChargingWireless (Qi)
    MISCColorsBlack, Silver, Thom Browne Edition, Bespoke Edition
    ModelsSM-R880, SM-R890

    මම ගත්තේ UK Version එක. ඒත් මට නම් UAE Version එකයි මේකයි අතරේ Language එක ඇරෙන්න වෙන ලොකු වෙනසක් නැති තරම්. අනිත් Versions ගැන නම් දන්නේ නැත. දන්න කෙනෙක් ඉන්නවන්ම් කමෙන්ටුවක් දාගෙන යන්න.





    ඔය තියෙන්නෙ මගේ මහා Watch රාජයා... :sorry:

    මගේ ලඟ තියෙන්නේ WIFI Model එක. LTE Model එක නෙමෙයි...

    2. මොනවද ඕකේ තියෙන්නේ??

    ඉතින් මේකේ වෙලාව බලන්න පුලුවන්. ඒ වගේම Continious Hart Rate monitor, Spo2, ECG, Blood Pressure(මේ දෙක ගැන මන් පසුවට කියලා ඇති), Bluetooth Calling, එන කෝල් ආන්සර් කරලා Watch එකෙන්ම කතා කරන්න, සමහර මැසේජ් වලට Reply කරන්න, ෆෝන් එකේ කැමරා එකට රිමෝට් එකක් විදියට වැඩකරන්න වගේ එකී නොකී නොයෙකුත් වැඩකෑලි ටිකක් තියෙනවා.

    මුලින්ම කියන්න ඕනේ මගේ ගාව තියෙන්නේ Xiaomi Mi 11 Ultra ෆෝන් එකක්. මුලින්ම මේ Watch එක ඒකට කනෙක්ට් කරගත්තට සෑහෙන්න ලිමිටඩ් වැඩ ටිකක් විතරයි කරන්න පුලුවන් උනේ. මොකද Samsung ලා ගේ හැමදේම Apple වගේ Eco Syaytem එකකට හදලා තියෙන නිසා. කොහොමහරි ඉන්ටනෙට්ටුව පීරලා ඒකටත් Solution එකක් හොයාගත්තා. දැන් නම් ECG, Blood Pressure එහෙමත් සුපිරියටම වැඩ. එන කෝල් එකක් ආන්සර් කරලා Watch එකේම තියෙන Speaker එකෙන්ම කතා කරන්නත් ෆෝන් එක ඔබන්නේ නැතුව කෙලින්ම වොච් එකෙන්ම නොම්මරය ඩයල් කරලා කෝල් ගන්නත් පුලුවන්.




    හැබැයි ඒකෙත් පොඩි අවුලක් තියෙනවා. මගේ ෆෝන් එකේ සිම් 2ක් වැඩ. ඒත් වොච් එකෙන් කෝල් එකක් ගත්තාම කෝල් එක යන්නේ පලවෙනි සිම් එකෙන් විතරයි. කොයි සිම් එකෙන්ද ගන්න ඕනේ කියලා අහන්නේ නෑ. :oo: සෑහෙන්න ට්‍රයි කලා හදාගන්න.ඒත් බැරි උනා

    ECG සහ Blood Pressure ගැන කියනවා නම් Fairly Accurate එකක් තියෙනවා. අවස්තා 10ක් ගත්තාම අඩුම අවස්තා 4කදී හෝ 5කදී සෑහෙන්න Accuracy එකක් තියෙනවා. (ඒකෙන් කියන්නේ නෑ අනිත් අවස්තා 10ම Inaccurate කියලා. මොකද වොච් එකක් කියන්නේ Blood Pressure, ECG මනින්න හදපු දෙයක් නෙමෙයි නිසා). හැබැයි 2පාරක් 3පාරක් විතර එකදිගට Reading එකක් ගත්තාම හොඳ Idea එකක් ගත්තෑකි.

    මැසේජ් ගත්තාම නම් Whatsapp, Massenger, Massages වගේ ඒවට බොහොම limited විදියට රිප්ලයි කරන්න පුලුවන්. T9 කීබෝඩ් එක දාගෙන ටයිප් කරන්නත් පුලුවන්. නැත්තන් Voice Recognition දාගෙන රිප්ලයි කරන්නත් පුලුවන්.

    Music Direct ෆෝන් එකෙන් ප්ලේ කරන්න වගේම කෙලින්ම වොච් එකට දාගෙන ප්ලේ කරන්නත් පුලුවන්. හැබැයි මට නම් එහෙම කරනකොට කොලිටි එක මදි නිසා කෙලින්ම ෆෝන් එකෙන්ම දාගෙන තමයි අහන්නෙ. කොහොම උනත් 16GB මෙමරි එකක් තියෙනවා වොච් එකේ.

    Rotating Bazel එකක් තියෙනවා. ඒකෙන් වොච් එකේ Screen එක අල්ලන්නේ නැතුව උනත් ගොඩාක් වැඩ කරන්න පුලුවන්. (Massage එකක උඩ පහල යන්න, Sound අඩු වැඩි කරන්න වගේ දේවල්)

    Sports related දේවල් නම් මන් වැඩිය පාවිච්චි කරන්නේ නැති නිසා ලොකුවට දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.

    GPS නම් සෑහෙන්න Accurate. ෆෝන් එකේ Map එක දාපුවාම වොච් එකේ යන්න ඕන directions, informations ඔක්කොම වගේ පෙන්නනවා. ෆෝන් එක අතට ගන්නේ නැතුව උනත් තැනක් හොයාගෙන යන්න පුලුවන්.

    OS එක Google Wear OS එක. හැබැයි Samsung phone වල වගේම One UI Watch කියලා Remap කරලා වගේ තියෙන්නේ. Google එකෙන් වගේම Samsung App store එකෙනුත් Apps install කරගන්න පුලුවන්. Google OS එකේ තියෙන හැම App එකක්ම වගේ වැඩකරනවා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,582
    11,938
    113
    Dubai, UAE
    3. Battery කොහොමද?

    Battery ගැන නම් ලොකුවට සෑහීමකට පත් වෙන්න බෑ මට නම් අනිත් Brand වල වොච් එක්ක ගත්තාම. හැබැයි Hart Rate monitor විනාඩි 30කට වරක් වගේ දාගෙන, Raise wrist to wake දාගෙන, AOD off කරගෙන, මුලු දවසෙම WIFI & Bluetooth on කරගෙන notifications හැමවෙලාවෙම on කරගෙන fully දවස් දෙකක් පාවිච්චි කරන්න පුලුවන්කම තියෙනවා තාමත්. චාර්ජ් කරන්න පුලුවන් Wireless විතරයි. විනාඩි 55ත් පැයත් අතර වගේ යනවා 5% වගේ ඉඳන් 100% වෙන්න. දවස් 2ක් කියන්නේ නම් සෑහෙන්න අඩු කාලයක් තමයි Smart Watch එකකට. හැබැයි Google OS තියෙන ඕනම වොච් එකක් එහෙම තමයි මන් දන්න විදියට. වෙන Google OS තියෙන Brand එකක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් තහවුරු කරන්න.

    4. ඉතින් ඔය කියන විදියට හොඳයි වගේනේ... :unsure:

    ඔව්. නරක නෑ. හැබැයි මේ වොච් එක දැන් ඇවිල්ල අවුරුදු 4කට කිට්ටු වෙන්න වෙනවා. ගත්ත දවස් වලට වැඩිය ටිකක් Slow වෙලා දැන්. ඇප් 3ක් 4ක් විතර Background එකේ Run වෙනකොට ටිකක් Lag වෙනවා වගේ. විශේශයෙන්ම Music Play වෙනකොට Next බටන් එක එබුවාම ඊලඟ Track එකට ටක්ගාලා ගියත් Music Data Update වෙන්නේ තප්පර 5ක් විතර ගිහිල්ල. ඒ ඇරෙන්න වෙන කියන්න කිසිම වරදක් නම් මට නම් නෑ. මේ ගත්ත ටිකට දෙපාරක් විතර වොච් එක Stuck වෙලා තියෙනවා. ඒ වෙලාවට Off කරලා On කලාම ආපහු ගින්දර වගේ වැඩ.

    5. ඉතින් මේක තව කාටහරි රෙකමන්ඩ් කරනවද??

    මේකට නම් උත්තරේ ඔව් සහ එපා.

    කවුරුහරි මේකක් ගන්න හිතන් ඉන්නවා නම් අඩු ගානට Brand New Google Os එකක් තියෙන, හොඳ Premium Look එකක් තියෙන, බැටරි ලයිෆ් එක ගැන තැකීමක් කරන්නෙ නැති වොච් එකක් ගන්න පුලුවන් උනොත් මගේ නම් උත්තරේ ඔව්.

    හැබැයි කවුරු හරි සෑහෙන දවස් ගනන් බැටරි තියාගන්න ඕනේ, පට්ට Speed, සහ අලුත් වොච් එකක් ගන්න හිතන් ඉන්නවා නම් මගේ උත්තරේ නම් ගන්න එපා කියන එක. මොකද මේකට වඩා සෑහෙන්න අලුත් Smart Watch ඕනතරම් වෙලඳපොලේ තියෙනවා.

    6. අවසානය

    මේක ඉතින් මන්ම පාවිච්චි කරලා මටම දැනිච්ච දේවල් ගැන තමයි මන් මේ කියලා තියෙන්නේ. මට වඩා සෑහෙන්න වෙනස් මත ඔයාලට තියෙන්න පුලුවන්. එහෙම තිබුනොත් හැමෝම එක්ක බෙදාහදාගන්න කමෙන්ටුවක් දාලා යන්න.

    ඉතින් මන් නම් කාටත් කියන්නේ තමන් යමක් ගන්න ඉන්නවා නම් හැමෝගෙම අදහස් අරගෙන තමන්ට ගැලපෙනවද හරියනවද කියලා තමන්ම බලලා ගන්න කියන එක. මොකද තමන් ගන්න දේ ගැන සතුටු වෙන්නෙත් දුක් වෙන්න වෙන්නේත් තමන්ටම නිසා.

    ස්තූති හැමෝටම.

    සටහන - Chirantha
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,294
    1,276
    113
    Nowhere
    උබ හොදයි මම තාම පාවිච්චි කරන්නේ Galaxy watch 1
    මේ තියන ආර්ථික අවපාතය හමුවේ තව අවුරුදු 2ක් වත් අදින්න වෙයි වගේ මේකම
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,582
    11,938
    113
    Dubai, UAE
    උබ හොදයි මම තාම පාවිච්චි කරන්නේ Galaxy watch 1
    මේ තියන ආර්ථික අවපාතය හමුවේ තව අවුරුදු 2ක් වත් අදින්න වෙයි වගේ මේකම
    අඩෝ සිරාවටම??? Tizen OS නේද?? තාම ඔක්කොම දෙයියනේ කියලා වැඩ නේ??? හැබැයි ඒක නම් සිරා කතාව. රටින්ම ගෙන්නගන්න ඕනේ. නැත්තන් ලන්කාවෙන් නම් ගන්නව බොරු...🥺
     
    • Like
    Reactions: NRTG

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    523
    453
    63
    I had a Tizen OS Galaxy watch sport. Best smartwatch option when it comes to quality and options at that time. But the Galaxy Watch was good 4 years ago there were limited options when it came to quality wearables. But over the years many smartwatch companies have come to play with different options and quality. Samsung maintains the hardware quality but sensor accuracy is shit. I will never go back to Samsung watches till they improve sensor quality.

    Recently brought Huawei Band 8 became cheap and almost as accurate as the Samsung Galaxy watch premium. If you are a sports lover who wears a watch truly for sports and running please stay away from Samsung. Apple and Garmin are the best for the buck. If you want low budget option then go for a Huwaei watch.




     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,582
    11,938
    113
    Dubai, UAE
    I had a Tizen OS Galaxy watch sport. Best smartwatch option when it comes to quality and options at that time. But the Galaxy Watch was good 4 years ago there were limited options when it came to quality wearables. But over the years many smartwatch companies have come to play with different options and quality. Samsung maintains the hardware quality but sensor accuracy is shit. I will never go back to Samsung watches till they improve sensor quality.

    Recently brought Huawei Band 8 became cheap and almost as accurate as the Samsung Galaxy watch premium. If you are a sports lover who wears a watch truly for sports and running please stay away from Samsung. Apple and Garmin are the best for the buck. If you want low budget option then go for a Huwaei watch.





    Absolutely true. Samsung watches are not good for sports centric activities. But in case of the other features in my opinion Samsung is on the lead. Ex. There are very few watches which offers ECG and Blood pressure and samsung watch 4 is bang for the buck in this case.

    Like i said this is not the best option in the market. But it is one of the best in some cases specially when it comes to the Google wearable os since The other wearable os options are sky high priced.

    Anyway... Thank you for the reply bro...😍
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    8,228
    16,053
    113
    Kaer Morhen
    thewitcher.com
    i have the Gwatch 5 44mm. AOD heart tracking 10mins auto workout okkoma on karala thiyenne 2 days battery tynw wear os 4 eken passe dan. watch 7 wage apuhama upgrade karanna inne, sure na eth meke kisi awlk na...s23ultra ekka pair karala tynne ecg ehema wada na eth region lock hinda. mod apk eka damme na kammali lol
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,582
    11,938
    113
    Dubai, UAE
    i have the Gwatch 5 44mm. AOD heart tracking 10mins auto workout okkoma on karala thiyenne 2 days battery tynw wear os 4 eken passe dan. watch 7 wage apuhama upgrade karanna inne, sure na eth meke kisi awlk na...s23ultra ekka pair karala tynne ecg ehema wada na eth region lock hinda. mod apk eka damme na kammali lol
    මාත් තාම කිසි අවුලක් නැතුව පාවිච්චි කරන නිසා තව ටිකක් කල් ගිහිල්ලම එකක් ගන්න කියලා තමයි හිතන් ඉන්නේ. කොහොමත් මන් අහන ගොඩාක් අය කියන්නේ දවස් 2 තමයි උපරිම කියලා. හැබැයි Watch 6 එකේ නම් බැටරි ටිකක් හොඳයි කියලා කියනවා...

    හෑ... Galaxy එකට Pair කලත් ECG වැඩ නැද්ද බන්???
    මන් නම් MOD එක දාගත්තා. සුපිරියටම වැඩ. මොකද්ද Region එක???
     
    • Like
    Reactions: NuwanCK and NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    8,228
    16,053
    113
    Kaer Morhen
    thewitcher.com
    මාත් තාම කිසි අවුලක් නැතුව පාවිච්චි කරන නිසා තව ටිකක් කල් ගිහිල්ලම එකක් ගන්න කියලා තමයි හිතන් ඉන්නේ. කොහොමත් මන් අහන ගොඩාක් අය කියන්නේ දවස් 2 තමයි උපරිම කියලා. හැබැයි Watch 6 එකේ නම් බැටරි ටිකක් හොඳයි කියලා කියනවා...

    හෑ... Galaxy එකට Pair කලත් ECG වැඩ නැද්ද බන්???
    මන් නම් MOD එක දාගත්තා. සුපිරියටම වැඩ. මොකද්ද Region එක???
    Galaxy ekata pair karata wadak na e region eken health data access krnna denne nattan mun feature eka lock krnwa. Phone eken thama bari health monitor eken. Not available in this region kyla enwa. Phone watch dekama UAE.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,582
    11,938
    113
    Dubai, UAE
    සුපිරි රිවිව් එක, ගොඩක් ස්තුතියි :love2: (y)
    අඩේ... තැන්කූ බොක්ක... :love2::love2:

    Galaxy ekata pair karata wadak na e region eken health data access krnna denne nattan mun feature eka lock krnwa. Phone eken thama bari health monitor eken. Not available in this region kyla enwa. Phone watch dekama UAE.
    යකෝ මාත් UAE තමයි බන්... මගේ වැඩකරන්නේ හොඳට Samsung phone එකක් නෙමෙයි වෙලත්??? :o

    බලපන් උඹේ Phone එක UAE version ද කියලා???

    ------ Post added on Dec 26, 2023 at 7:12 PM
     
    • Love
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    8,228
    16,053
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩේ... තැන්කූ බොක්ක... :love2::love2:


    යකෝ මාත් UAE තමයි බන්... මගේ වැඩකරන්නේ හොඳට Samsung phone එකක් නෙමෙයි වෙලත්??? :o

    බලපන් උඹේ Phone එක UAE version ද කියලා???

    ------ Post added on Dec 26, 2023 at 7:12 PM
    mod eka dammama region eka adala na. unlock wenw okkoma
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,582
    11,938
    113
    Dubai, UAE
    mod eka dammama region eka adala na. unlock wenw okkoma
    අඩෝ ඒක අමාරු නෑ බන්. හෙන ලේසි දාගන්න. Reddit එකේ ඕනතරම තියෙනවා.. මන් දන්න විදියට ලඟදිම UAE වලට දෙනවා කියලත් තියෙනවා Article වල් එහෙම.
     
    • Like
    Reactions: NRTG and NuwanCK