GAME IS ONපාඨලී VS අනුර ?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    ජවිපෙ අද සේනාධිපතිගේ ප‍්‍රචාරක අංශය වෙලා.. චම්පිකගෙන් අනුරට විවාදයකට එන්නැයි අභියෝගයක්..

    තමන් සමග විවාදයකට එන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ආරාධනා කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

    එසේ ආරාධනා කරමින් ජවිපෙ නායකයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

    හිතවත් අනුර කුමාර දිසානායක මහතාණෙනි,

    මිත්‍රශීලී සහ විවෘත සංවාදයක් සඳහා ආරාධනයයි

    විවෘත, හෘදයාංගම හා සුහද සංවාදයක් සඳහා මෙසේ ඔබ වෙත ආරාධනා කිරීමට අප තීරණය කළේ මෑතක සිට මා ඉලක්ක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ පහල මට්ටමේ සාමාජිකයන් සහ ආධාරකරුවන් සමහරෙකු විසින් සාවද්‍ය චෝදනා එල්ල කිරීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන නිසාය. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක මට්ටමේ කිහිප දෙනෙකු විසිනුත් එම චෝදනා වක්‍රාකාරයෙන් ස්ථිර කරන නැතිනම් ඒවාට අනුබල දෙන අන්දමේ ප්‍රකාශ කිහිපයක් කරනුද නිරීක්ෂණය කළෙමි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයකි.

    පවත්නා රාජපක්ෂ ආණ්ඩුව විසින් අපේ රට එහි ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට ඇද දමා අවසන්ය. තමන්ගේ ඒ නොහැකියාව සහ එහි නායකයන්ගේ නිමක් නැති වංචා, දූෂණ වසා ගැනීමේ විශ්වාසනීයම ක්‍රමය ලෙස දැන් ආණ්ඩුව විසින් පාවිච්චි කරමින් සිටින්නේ, තම දුර්දාන්ත ක්‍රියා හෙළි කරන පුද්ගලයන්ට එරෙහිව හැකි උපරිමයෙන් අභූත චෝදනා එල්ල කිරීමත් අශික්ෂිත මඩ ප්‍රහාර එල්ල කිරීමත්ය. මේ පිළිබඳව ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවන්නේ, කුප්‍රකට ඇවන්ගාඩ් වංචාව සිදුකළ නිශ්ශංක “සේනාධිපති” නමැත්තාගේ සංවිධානාත්මක මඩ ව්‍යාපාරයට මා මෙන්ම ඔබද එකසේ ගොදුරු වී සිටින නිසාය. එබඳු දූෂිතයන්ට කිසිදු සදාචාරයක් නොමැති නිසාත්, එසේම වංචනිකව කොල්ලකාගත් මහජන ධනය අසීමිත ප්‍රමාණයක් ඇති නිසාත්, ඕනෑම බොරුවක් කිසිදු හිරිකිතයකින් තොරව මහා පරිමාණයෙන් සමාජගත කිරීමට ඔවුනට හැකියාව ලැබී ඇත. ඒ නිසා මේ ආණ්ඩුව පෙරලා දැමීම පිණිස පමණක් නොව, අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කිරීම සඳහාද සියලු යුක්තිසහගත සමාජ බලවේග විසින් කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වන්නේ, මේ පාදඩ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හැසිරීමට එරෙහිව එක්සත්ව සහ ශක්තිමත්ව පෙනී සිටිමින් ඒවා සාමාජයීය වශයෙන් පරාජය කර දැමීමයි.

    නමුත් අවාසනාවට සිදු වෙමින් පවතින්නේ කුමක්ද? අප නිරීක්ෂණය කළ පරිදි නිශ්ශංක සේනාධිපතිගේ කණ්ඩායම විසින් අපට එරෙහිව නිර්මාණය කරන මඩ වීඩියෝ සහ ප්‍රවෘත්ති අභිරුචියෙන් යුතුව සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කරමින් සිටින්නේ ඔහුගේ ප්‍රහාරයට අප හා සමානවම ලක්වෙමින් සිටින ඔබ විසින් නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් බවයි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. නිදසුනක් ලෙසට පසුගිය දා ඔවුන් විසින් නිර්මාණය කරන ලද වෝටර්ස් එජ් ආයතනයේ ඕකිඩ් උද්‍යානය පිළිබඳ වීඩියෝව දැක්විය හැකිය. එය සියයට සියයක්ම අසත්‍ය කරුණුවලින් යුක්තව සකසා තිබූවකි. නමුත් ඔබ පක්ෂයේ සාමාජිකයෝ එහිදී සේනාධිපතිගේ උද්‍යෝගීමත් ප්‍රචාරකයන් බවට පත්ව සිටියහ. මෙයාකාරයෙන්ම සිදු වූ දිනයක් හෝ නිශ්චිතව සඳහන් නොකරන කුමක්දෝ ගල් අඟුරු වංචාවකට මා සම්බන්ධ යැයි ප්‍රචාරය කරති. යහපාලන කාලයේ සිදු වූ ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් මා මැදිහත් වූයේ මුලින්ම ඒ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කළ පුද්ගලයා වශයෙන් විනා චූදිතයා වශයෙන් නොවන බව ඔබ හොඳින්ම දනියි. පසුකලෙක එම සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයට මා කැඳවූයේද පැමිණිල්ලේ සාක්ෂිකාරයෙකු වශයෙන්ය.

    එපමණක් නොවේ. මා පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී හඳුන්වා දුන් දුම් පරීක්ෂණය පවා බොරුවක් පමණක් නොව එයින් මට කොමිස් මුදලක් ලැබුණු බවට ද චෝදනා කරනු දුටුවෙමි. එය පුදුම සහගතය. දුම් පරීක්ෂණය හඳුන්වා දීමෙන් පසුව වායු තත්ත්වය ගුණාත්මක වශයෙන් ඉහල ගියේය යන්නත් එම නිසා ශ්වසන රෝග අඩු වූයේය යන්නත් පර්යේෂණ මගින්ම ඔප්පු වී ඇති දෙයකි. එසේම එය සිදු කළේ කොමිස් මුදලක් බලාගෙනය නැතිනම් එයින් මට අයුතු මූල්‍ය වාසියක් ලැබුනේය යන චෝදනාව ඇත්තෙන්ම විහිළු සහගතය. ඔබ හොඳින්ම දන්නා පරිදි පෙර කී සංකල්පය අපේ අමාත්‍යංශය මගින් හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක කරන ලද්දේ අප නොව ප්‍රවාහන අමාත්‍යංශය විසිනි. එම චෝදනාව කෙතරම් පදනම් විරහිතද යන්නට ඊටත් වඩා සාක්ෂි කුමටද?

    අපට එරෙහිව දූෂිතයන් විසින් නිර්මාණය කරන සහ ජවිපෙ සාමාජිකයන් විසින් ප්‍රචාරණය කරන සියලුම චෝදනාවන්ගේ සැබෑ තත්ත්වය එයය. තම දේශපාලන ප්‍රතිවාදීන්ව හා තරඟකරුවන්ව විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ වරදක් නොවේ. නමුත් එම විවේචනයන් සාධාරණ විය යුතුය. පදනමක් සහිත විය යුතුය. විශේෂයෙන්ම ධනාත්මක සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන බලවේග සිය ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් පවා යුක්තිසහගත විය යුතුය. නමුත් ඒ වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ අපට එරෙහිව අන්ත දූෂිත වංචනිකයන් විසින් නිර්මාණය කරන ලද අමූලික අසත්‍යයන් ඔබගේ පක්ෂයේ පහල සාමාජිකයන් විසින් සංවිධානාත්මක ලෙස ප්‍රචාරණය කිරීමය. වඩාත්ම කණගාටුදායක තත්ත්වය නම් සුලබව නොවූවත් ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයන් කිහිප දෙනෙකු විසිනුත් මේවාට අනුබල දෙන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් නමුත් කරනු දක්නට ලබීමය.

    මෙම තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. මෙයින් සිදුවන්නේ එක අතකින් මේ දූෂිත, අඥාන සහ අත්තනෝමතික පාලනයට එරෙහිව හරිනම් එක්සත්ව කටයුතු කළ යුතු බලවේග භේදභින්න වී අනවශ්‍ය කරුණු මත එකිනෙකා කුලල් කා ගන්නා තැනකට පත්වීමය. දැනටමත් ඔබ පක්ෂයේ සාමාජිකයන්ගේ ඒ අසාධාරණ චෝදනා ඉදිරියේ වේදනාවට හා කෝපයට පත්ව සිටින අපේ ආධාරකරුවන් අනවශ්‍ය හා නිශේධනාත්මක ආකාරයෙන් පෙරලා ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන ඇති බවක් අපි දකිමු. එය කිසිසේත්ම විය යුතු දෙයක් නොවේ. අනෙක් අතට ඊ ළඟ මැතිවරණය හුදෙක් ආණ්ඩු මාරුවන අවස්ථාවක් නොව ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සාමාජයීය වශයෙන් විප්ලවීය පරිවර්තනයකට භාජනය වන ඓතිහාසික සන්ධිස්ථානයක් බවට පත් කර ගැනීමේ වගකීමක් අප සියලු දෙනා සතුය. එවැන්නක් සඳහා ශිෂ්ටසම්පන්න ප්‍රතිපත්තිමය සංවාදයක් අවශ්‍යය. මේ වත්මන් ප්‍රවනතාව නිසා එබන්දකට ඇති ඉඩ අහෝසි වීමේ විශාල අවදානමක් පවතී.

    මේ ලිපිය ඔබතුමාට යොමු කිරීම මගින් අප අපේක්ෂා කරන්නේ මේ පිළිබඳව වෙනත් ප්‍රවේශයක් සඳහා වූ යෝජනාවක් කිරීමටය. පරිසර, විදුලිබල, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති සහ මහනගර සංවර්ධන ලෙස පසුගිය කාලය පුරා මා වගකීම දැරූ අමාත්‍යංශවල කුමන හෝ වංචාවක් හෝ දූෂණයක් සිදු වී ඇතැයි ඔබ අවංකව විශ්වාස කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔබගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙන විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයක් ඔබ හෝ ඔබ හා සමාන මට්ටමේ දැනුමක් හා සංයමයක් තිබෙන වෙනත් සුදුසු නායකයෙකු සමග කරන්නට මම කැමැත්තෙන් සිටිමි. මා යෝජනා කරන්නේ අප බොහෝ විට දැක පුරුදු, අනෙකාව සමතලා කිරීමේ හෝ අපහාසයට හා උපහාසයට භාජනය කිරීමේ වාචික පොරයකට නොව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයකටය. මෙය සාර්ථක වුවහොත් අපට මෙයින් ඔබ්බටද ගොස් මේ රටේ අනාගතය සම්බන්ධයෙන් වන පුළුල් ප්‍රතිපත්තිමය සංවාදයක් ආරම්භ කළ හැකිවනු ඇත. අපේ සුපුරුදු පාඨයකින් කිවහොත් මේ රට ඉන්නේ හිතෙන රටක් බවට පත් කර ගැනීම සඳහා, විපක්ෂයේ විවිධ දේශපාලන බලවේගයන් අතර ඇති සමානතා හඳුනා ගැනීමටත්, එසේම වෙනස්කම්වල පරතරය අඩු කර ගැනීමටත් මග පාදන එබඳු සංවාදයක් මේ මොහොතේ රටට අත්‍යවශ්‍යය.

    මෙයට,
    පාඨලී චම්පික රණවක.
    anura-champika.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ සංවාදය වෙනවනම් සිරාවටම හොඳයි. BT අනුරයිය ඕක මගහරී කියල හිතෙනව මට නම්. චම්පිකත් මෙතනදි වෙනම ගේමක් මේ ගහන්නෙ.
    ඔව් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් හදන්නෙ.
     
    • Like
    Reactions: shenat and Sen-lu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    අහ්‍ ජෙප්පන්ව සේනාධිපති යූස් කරන නිසා තමා එහෙනන් නික්ජූස් පහුගිය ටිකේ ජෙප්පන්ගෙ වැඩ ප්‍රමෝට් කර කර ඉදියෙ උන්ට සප් එකට
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    na cahampikata. paksha 2ma epa kikiya watena anurata yana chanda tika pataliya gannawa
    නෑ දීර්ඝ කාලීණව රාජපක්ශලාට හොදයි.
    මොකද ප්‍රධාන පක්ශයෙක් දිනුවෙ නැත්නම්
    රාජපක්ශ දේශපාලනය ඉවරයි.

    සජබ දිනුවා කියන්නෙ. ආයෙත් 2030 මානෙල්ට හරි
    බැසිල්ට හරි චාන්ස් එකක් තියේ කියන එක

    මේ සංවාදය වෙනවනම් සිරාවටම හොඳයි. BT අනුරයිය ඕක මගහරී කියල හිතෙනව මට නම්. චම්පිකත් මෙතනදි වෙනම ගේමක් මේ ගහන්නෙ.

    na cahampikata. paksha 2ma epa kikiya watena anurata yana chanda tika pataliya gannawa
    අනෙක මේ සන්වාදයේ හරවත් බව නෙමෙයි බලන්නෙ කටේ සද්දෙ , තේරුනාද? . මුන්ට ඕනේ එදා කොලබ ගෙනාපු සෙනග (මිනිස්සු නෙමෙයි ) දෙවනි පාරටත් සූරාන්තයට පත් කරලා , පට්ටියෙන් එලියට යන එක වළක්වන්න.

    එදා ඒ සෙනග ගෙනාවෙත් පැහැදිලිවම මේ ආන්ඩුවේ මගුලකට නෙමෙයි, සජබ බය උනා පට්ටියෙන් එලියට ගොන්නු යයි කියලා. උබට ඒක තේරෙනවා ඇති මුලු ගැන්විලා ඉදපු සජබ පාක්ශිකයෝ ශෝශල් මීඩීයා වල ආයෙත් ඇක්ටිව්. දැන් මේ හදන්නෙ අනුරව ගෙනත් වීඩියෝ ටික ගන්න ටීවී එකේ පෙන්නන්න පත්තරේ ආටිකල් ටිකට සෝශල් මීඩියාවලට . උන්ටවත් පාක්ශිකයන්ටවත් විවාදයේ ලොජිකලි දිනන කෙනා වැදගත් නැහැ . උන්ට මේක ඕනේ පාටලී සින්හනාද කරන කෑලී ටික ගන්න.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ දීර්ඝ කාලීණව රාජපක්ශලාට හොදයි.
    මොකද ප්‍රධාන පක්ශයෙක් දිනුවෙ නැත්නම්
    රාජපක්ශ දේශපාලනය ඉවරයි.

    සජබ දිනුවා කියන්නෙ. ආයෙත් 2030 මානෙල්ට හරි
    බැසිල්ට හරි චාන්ස් එකක් තියේ කියන එක

    අනෙක මේ සන්වාදයේ හරවත් බව නෙමෙයි බලන්නෙ කටේ සද්දෙ , තේරුනාද? . මුන්ට ඕනේ එදා කොලබ ගෙනාපු සෙනග (මිනිස්සු නෙමෙයි ) දෙවනි පාරටත් සූරාන්තයට පත් කරලා , පට්ටියෙන් එලියට යන එක වළක්වන්න.

    එදා ඒ සෙනග ගෙනාවෙත් පැහැදිලිවම මේ ආන්ඩුවේ මගුලකට නෙමෙයි, සජබ බය උනා පට්ටියෙන් එලියට ගොන්නු යයි කියලා. උබට ඒක තේරෙනවා ඇති මුලු ගැන්විලා ඉදපු සජබ පාක්ශිකයෝ ශෝශල් මීඩීයා වල ආයෙත් ඇක්ටිව්. දැන් මේ හදන්නෙ අනුරව ගෙනත් වීඩියෝ ටික ගන්න ටීවී එකේ පෙන්නන්න පත්තරේ ආටිකල් ටිකට සෝශල් මීඩියාවලට . උන්ටවත් පාක්ශිකයන්ටවත් විවාදයේ ලොජිකලි දිනන කෙනා වැදගත් නැහැ . උන්ට මේක ඕනේ පාටලී සින්හනාද කරන කෑලී ටික ගන්න.
    pataliyata impromptu iq eka thiyanawa aruta thiyagana arinna tharam
     
    • Like
    Reactions: sakuntha1996

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මට නම් අවංකවම දෙන්නම හොඳයි.

    දෙන්නා දෙවිදිහක්.

    දෙන්නාගේම කේපබිලිටීස් වෙනස්.

    දෙන්නගේම කැමති අකමැති තැන් තියෙනවා.

    සමස්ථයක් වශයෙන් හොඳ තරඟකරුවන් දෙදෙනෙක්.

    පාඨලී
    ව්‍යාපාරික වශයෙන් ඉනවේෂන් සෙක්ටර්ස් වල සපෝර්ට් එකක් සහ ඉස්සරහට යාමක් පාඨලීගෙන් බලාපොරොත්තු වෙන්ඩ පුලුවන්.
    හැබැයි තනි අතින් අත්පුඩි ගහන්ඩ බෑ.හරි ටීම් එකක් නෑ.එතනත් ඉන්නව අර පරණ හොරු රැළ.ගෝඨා අතරමං වුනා වගේ පොරත් දේශපාලනිකව අතරමං වෙයිද කියන සාධාරණ සැකයක් තියෙනවා.

    අනුර
    අනුරගේ පොඩි මිනිස්සුන්ගේ මධ්‍යම පාන්තික කොටසේ කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කරයි. සමස්ථයක් වශයෙන් අනෙක් දේශපාලන ව්‍යාපරයන්ට 90% කට වඩා දේශපාන විනය තියෙනවා.ටීම් එකක් තියෙනවා.හොරුන්ට නෝ චාන්ස්.
    එහෙත් ව්‍යාපාරික වශයෙන් තියෙන දැක්ම ටිකක් පැහැදිලි මදි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    pataliyata impromptu iq eka thiyanawa aruta thiyagana arinna tharam
    ඔව් ඒක නිසාම පාටලී දන්නවා ලොජිකලි නෙමෙයි ක්‍රව්ඩ් එකට කතා කරන්න ඕනේ කියලා . ඒක විමලුත් දන්නවා , මහින්දත් දන්නවා.
    මට නම් අවංකවම දෙන්නම හොඳයි.

    දෙන්නා දෙවිදිහක්.

    දෙන්නාගේම කේපබිලිටීස් වෙනස්.

    දෙන්නගේම කැමති අකමැති තැන් තියෙනවා.

    සමස්ථයක් වශයෙන් හොඳ තරඟකරුවන් දෙදෙනෙක්.

    පාඨලී
    ව්‍යාපාරික වශයෙන් ඉනවේෂන් සෙක්ටර්ස් වල සපෝර්ට් එකක් සහ ඉස්සරහට යාමක් පාඨලීගෙන් බලාපොරොත්තු වෙන්ඩ පුලුවන්.
    හැබැයි තනි අතින් අත්පුඩි ගහන්ඩ බෑ.හරි ටීම් එකක් නෑ.එතනත් ඉන්නව අර පරණ හොරු රැළ.ගෝඨා අතරමං වුනා වගේ පොරත් දේශපාලනිකව අතරමං වෙයිද කියන සාධාරණ සැකයක් තියෙනවා.

    අනුර
    අනුරගේ පොඩි මිනිස්සුන්ගේ මධ්‍යම පාන්තික කොටසේ කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කරයි. සමස්ථයක් වශයෙන් අනෙක් දේශපාලන ව්‍යාපරයන්ට 90% කට වඩා දේශපාන විනය තියෙනවා.ටීම් එකක් තියෙනවා.හොරුන්ට නෝ චාන්ස්.
    එහෙත් ව්‍යාපාරික වශයෙන් තියෙන දැක්ම ටිකක් පැහැදිලි මදි.
    මම හිතන්නෙ නැහැ පාඨලී ජනාදිපති වෙන්න වාදයකට කතා කරනවා කියලා. මේක සජිතුත් දන්නවා. මොකද මේ වෙලාවෙ අනුර ෆ්ලෙඅට් කරන්න සජබෙ ඉන්න එකම මනුස්සයා. සජිත් ආවෝත් සජබම ෆ්ලෙඅට් වෙනවා.
    තව දෙන්නෙක් ඉන්නවා හර්ශ හා ෆොන්සේකා, හර්ශට බැහැ ක්‍රව්ඩ් එකට කතා කරන්න. ෆොන්සේකට පොලිටික්ස් බැහැ.

    ඇට නැති දිවක් තියෙන විමල් වගේ සද්දෙන් කතා කරන්න පුලුවන්, පොඩි දැනුමකුත් තියෙන එකම මිනිහා මෙයා තමයි. පාඨලී යොදලා අනුර එක්ක වාදයක් කරලා , අනුරට ආකර්ශනය වෙන සජබ පට්ටියේ ගින්නු ටික ගාල් කරගන්න ක තමයි මේකේ අරමුන.

    ඊට පස්සෙ ආයෙත් 2025 එන්නෙ සජිත්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    හරි ගෝඨා කියන්නේ පොරක්මයි කියමුකෝ. එහෙනම් උබලට තේරේන්න ඔනේ නේ ජනාදිපති කමට පොරවල් දාලා වැඩක් නෑ කියලා. ඔතන පබයේක් හිටවලා තිබ්බත් ඇතිනේ. ඔයවගේ තන තුරකට හරියන්නේ හිටන් වගේ පොරක් තමා මිනිහා බෝම්බ කාලා අනාගත්තේ නැත්තම් මිනිහා තමා පොර. :lol: :lol::lol:

    එතනින් පහල එවුන් ගැන තමා උබලා සැලකිලිමත් වේන්න ඔනේ. උබලා ජනදි පති පොරක් දාලා චූන් එකේ ඉන්නවා අනිත්වා මොනවා උනත් කමක් නෑ කියලා. ඔය කරලා තියේන්නේ ජනදිපතිලා හදලා.
     
    • Like
    • Haha
    Reactions: Idias and shenat

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world

    ඔව් මේක හොදයි. සුහදශීලීව ගැටළු විසදා ගැනීමට. ඒ වගේම දෙපාර්ශවයම දැන ගත යුතුම දේ තමයි පොදු සතුරා රාජපක්ෂලා බව
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    නෑ දීර්ඝ කාලීණව රාජපක්ශලාට හොදයි.
    මොකද ප්‍රධාන පක්ශයෙක් දිනුවෙ නැත්නම්
    රාජපක්ශ දේශපාලනය ඉවරයි.

    සජබ දිනුවා කියන්නෙ. ආයෙත් 2030 මානෙල්ට හරි
    බැසිල්ට හරි චාන්ස් එකක් තියේ කියන එක

    අනෙක මේ සන්වාදයේ හරවත් බව නෙමෙයි බලන්නෙ කටේ සද්දෙ , තේරුනාද? . මුන්ට ඕනේ එදා කොලබ ගෙනාපු සෙනග (මිනිස්සු නෙමෙයි ) දෙවනි පාරටත් සූරාන්තයට පත් කරලා , පට්ටියෙන් එලියට යන එක වළක්වන්න.

    එදා ඒ සෙනග ගෙනාවෙත් පැහැදිලිවම මේ ආන්ඩුවේ මගුලකට නෙමෙයි, සජබ බය උනා පට්ටියෙන් එලියට ගොන්නු යයි කියලා. උබට ඒක තේරෙනවා ඇති මුලු ගැන්විලා ඉදපු සජබ පාක්ශිකයෝ ශෝශල් මීඩීයා වල ආයෙත් ඇක්ටිව්. දැන් මේ හදන්නෙ අනුරව ගෙනත් වීඩියෝ ටික ගන්න ටීවී එකේ පෙන්නන්න පත්තරේ ආටිකල් ටිකට සෝශල් මීඩියාවලට . උන්ටවත් පාක්ශිකයන්ටවත් විවාදයේ ලොජිකලි දිනන කෙනා වැදගත් නැහැ . උන්ට මේක ඕනේ පාටලී සින්හනාද කරන කෑලී ටික ගන්න.

    danatama bayiyo baya wela..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහ්‍ ජෙප්පන්ව සේනාධිපති යූස් කරන නිසා තමා එහෙනන් නික්ජූස් පහුගිය ටිකේ ජෙප්පන්ගෙ වැඩ ප්‍රමෝට් කර කර ඉදියෙ උන්ට සප් එකට
    හොහ් හොහ් හෝ..මෙන්න gocks 🤭

    පාටලී වගේ අවස්තාවාදී බල්ලෙක්ට වඩා ජෙප්පෝ නම් දාහෙන් සම්පතක් 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි ගෝඨා කියන්නේ පොරක්මයි කියමුකෝ. එහෙනම් උබලට තේරේන්න ඔනේ නේ ජනාදිපති කමට පොරවල් දාලා වැඩක් නෑ කියලා. ඔතන පබයේක් හිටවලා තිබ්බත් ඇතිනේ. ඔයවගේ තන තුරකට හරියන්නේ හිටන් වගේ පොරක් තමා මිනිහා බෝම්බ කාලා අනාගත්තේ නැත්තම් මිනිහා තමා පොර. :lol: :lol::lol:

    එතනින් පහල එවුන් ගැන තමා උබලා සැලකිලිමත් වේන්න ඔනේ. උබලා ජනදි පති පොරක් දාලා චූන් එකේ ඉන්නවා අනිත්වා මොනවා උනත් කමක් නෑ කියලා. ඔය කරලා තියේන්නේ ජනදිපතිලා හදලා.
    මේ 🤭
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    සංවාදයක් ගියොත් බයි බොරු චෝදනවලටත් ඒ ගමන්ම උත්තර ලැබේවි
    පේනවනේ මේ උඩ ඉන්න වහු පැටියා. :lol: :lol::lol::lol:
    උදේ ඉදන් රෑ වෙනකම් එල්ලි එල්ලි පුක දේන හැටි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ම්... ලොක්කා හරියට කියා තියෙනව
    වලියකට නෙවේ මේ මඩ ගහන ඒවට උත්තර දෙන්න පුළුවන්.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කපන්න බැරි අත ඉඹින්න හදන්නෙ.

    සංවාදයේ අරමුණ එතනදි දිනන එක නෙමෙයි, හැදිලා තියෙන ජේ.වී.පී එකේ රැල්ලට මුක්කුවක් ගහලා ඒකෙන් තල්ලුවක් දාගන්න එක..
     
    Similar threads