Game of Thrones Season 5 Episode 1 - Sinhala Review

ghtvnath

Member
Apr 14, 2008
258
26
0


මේ වීඩියෝ එකේදී මම සෙර්සි ට මායාකාරියක් විසින් ඉදිරිපත් කරන අනාවැකි ගැන මුලින්ම කතා කරනවා. එයින් අනාවැකි දෙකක් දැනට නිවැරදිව සිදු වෙලා තියෙන්නේ. තුන් වෙනි අනාවැකිය වුණේ ඇය රැජිණක් වන බවත්, ඒත් කාලයකට පසුව වඩා තරුණ, ලස්සන වෙනත් රැජිණක් විසින් ඇය ආදරයෙන් තබාගත් සියල්ල ඇයගෙන් උදුරා ගන්නා බවයි.

මේ අතර උතුරේ තියෙන වෝල් එක බේරා දුන් ස්ටැනිස් බැරතියන් උතුරේ දේශපාලන අරාජික බව තම දේශපාලන වාසිය තකා යොදාගැනීමට සැරසෙනවා. වයිල්ඩ්ලින් හමුදාව තමා යටතට පත් කරගෙන, බෝල්ටන් වරු (රූස් බෝල්ටන්, රම්සේ) අයත් කරගෙන තියෙන වින්ටර්ෆෙල් ඇතුළු උතුරු ප්‍රදේශය තමා යටතට ගතහොත් එය රාජධානිය දිනාගැනීමට උපක්‍රමශීලීව විශාල වාසියක් වෙන බව ඔහු දන්නවා.

ලන්සෙල් ලැනිස්ටර් නැවත කතාවට පැමිණ තිබෙනවා. රොබර්ට් බැරතියන් රජ කරන කාලේ ඔහුගේ ආවතේවකම් කළ (squire) පුද්ගලයා වුණෙත් ඔහුයි. රොබර්ට් අවසාන වතාවට දඩයම් ගිය අවස්තාවේදී සෙර්සි ගේ උපදෙස් අනුව ඔහුට බෙහෙත් කලවම් කළ වයින් වැඩි පුර පානය කිරීමට සැලැස්වුවෙත් ලන්සෙල්.

මේ අතර වේරිස්, ටිරියන්ව බේරාගෙන ඇවිත් ඔහුට යෝජනා කරනවා ඩැනේරිස් ටාගේරියන්ට එකතු වෙන්න කියල.
 

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    5 බලන්ට ලින්ක් තිබේ නම් වහාම ඉදිරිපත් කරනු......!​

    :frown::frown::frown: