මේක ඉතා සරල සංකල්පයක් මේක ඔයාට අවබෝධ කරගන්න පුලුවන් නම් ප්‍රශ්ණයට පිළිතුර හොයාගන්න එක ඒ තරම්ම අමාරු නෑ. දැන් අපි බලමු මොකක්ද මේ CRC failed කියන එකේ තේරුම මුලින්ම..
CRC කියන්නේ Cyclic redundancy check කියන එකටයි මේකෙන් කරන්නේ අපි Transfer කරන Data වල Errors තියෙනවද කියලා Detect කරගන්න එකයි.. උදාහරණයක් මගින් කිව්වොත් ඔයා Transfer කරනවා යම් File එකක් A සිටෙ B දක්වා හරිද? එතකොට A වල සිට B වලට Transfer කරපු file එකේ Errors තියෙනවද කියලා බලන්නේ කොහොමද? කොහොමද අපි හරියටම දැනගන්නේ අපේ ළග දැන් තියෙන්නේ A වලින් එවපු File එකමද කියල? ඉතින් ඒකට තමයි මේ CRC එක තියෙන්නේ. මේකෙදි සාමාන්‍යයෙන් කරන්නේ අපි යවන File එකක් කොටස් වලට කඩන එකයි A පැත්තෙදි මේ A කියන පැත්ත Network එකකදි නම් එක අග්‍රයක් වෙන්නත් පුලුවන්, එහෙම නැත්නම් CD/DVD ROM එකක් වෙන්නත් පුලුවන් ඉතින් මේ කඩන Data යම් කිසි FIXED Variable (Variable එකක් කියන්නේ RAM එකේ තියෙන තාවකාලික Data container එකකටයි) එකකට දානවා මේකට කියන්නේ BUffer එකක් කියලයි (buffer එක ගැන වැඩිදුර කිව්වොත් හිතන්න දැන් අපි Write කරනවා කියලා Hard Disk එකේ ඉදලා File එකක් CD එකකට, මේ Hard Disk එකේ තියෙන Data එකපාරටම DISK එකට ගියොත් වෙන්නේ data තැනින් තැන write වෙන එකයි මොකද hard disk එකේ වේගය එකක්, cd rom එකේ වේගය තව එකක් එතකොට වේග දෙක වෙනස් නිසා මේ වැඩේ සාර්ථක ලෙස කරන්න බෑ මේක නිසා තමයි අතරමැදි buffer (මේක තියෙන්නේ RAM එකේ) එකක් භාවිතා කරන්නේ එතකොට hard disk ඉදාලා data කෙලින්ම cd rom එකට යන්නේ නැතුව buffer (RAM එකේ container) එක හරහා යන්නේ , data යනවා hard disk එකේ ඉදලා buffer එකට ඊට පස්සේ buffer එක පිරුනම වෙන්නේ මේ data ටික එකපාරටම disk එකට write වෙනවා (RAM එකේ වේගය කොහොමත් වැඩියි cd rom එකේ වේගයට වඩා ඒක නිසා මේක ප්‍රශ්ණයක් වෙන්නේ නෑ)) ඊට පස්සේ මේ buffer එක(buffer එකේ තියෙන data) බෙදනවා නියත භාජකයක් මගින් (භාජකය කියන්නේ බෙදිමට ගන්නා පදය) ඊට පස්සේ එනවනේ ඉතුරු ගාණක් (remainder - අවශේෂය) මේක යවනවා මේ buffer එකත් එක්කම අනෙක් පැත්තට ඒ කියන්නේ B පැත්තට. දැන් B කරන්නේ ආයිත් මේ එවන data දානවා buffer එකකට දාලා බෙදනවා A පැත්ත වගේම නියත පදයකින් දැන් මෙහෙම බෙදුවම එන සංඛ්‍යාව (අවශේෂය) සමාන නම් A පැත්තේ ඉදලා එවපු අවශේෂයට මේ එවපු දත්ත ඛණ්ඩයේ කිසිම ලෙඩක් නෑ. මේ විදියට මුළු file එකේම errors තියෙනවද කියලා බලන්න පුලුවන්..
දැන් ඔයාගේ අවස්ථාව ගත්තම ඔතන වෙලා තියෙන්නේ CD ROM එකේ ඉදලා Hard Disk එකට Data නිසි ප්‍රමාණයෙන් එන්නේ නැති කමයි , මේක නිසයි මේ error එක එන්නේ. මේකට හේතුව පැහැදිලි ලෙසම CD ROM එකේ තියෙන ප්‍රශ්ණයක් මම යෝජනා කරන්නේ CD ROM ඒකේ ඉදලා Extract කරන්නේ නැතුව තමන්ගේ game එක hard disk එකට copy කරලා extract කරන ලෙසයි.. පැහැදිලි මදි sorry මට මීට වඩා සරල කරන්න අමරුයි.. :