මෙන්න මේ පින්තූරය ගැන තියෙන මගේ අදහස...
මේ පින්තූරය මම මුලින්ම දැක්කේ ගප්පියගේ පෝස්ට් එක ශෙයා කරපු තවත් කෙනෙක්ගේ ප්‍රොෆ්යිල් එකකින්. එම පුද්ගලයා කියලා තිබ්බේ මෙම පින්තූරය ජාතිවාදීව හෝ ආගම්වාදීව සිතන බොලඳ මිනිසුන්ට හොඳ පාඩමක් කියලා. මමත් එයට එකඟවූ නිසා සහ මේ පින්තූරය මගේ පේජ් එකෙත් ශෙයා කලා.
එතකොට මෙම පින්තූරයේ බුදුරජානන්වහන්සේ ගිලෙන බවක් පෙන්නුම් කරන්න උත්සාහ කරන බවක් මට හිතුනේ නැත. එහෙමත් නෙතිනම් බුදුරජානන්වහන්සේට අපහාස කරන බවක් මට හිතුනෙත් නැත. මට වැටහුන විදියට ගප්පියා කියන්න උත්සාහ කලේ, අපි මොන ජාතියක් ආගමක් උනත් අපි හැමොම සමානයි කියන අදහසයි.
කොහොම වුනත් අනිත් ආගම් සංකේත්වත් කරන්න එම ආගම්වල ස්ංකේත පාවිච්චි කලත්, බුදුධහම සංකේතවත් කරන්න බුදුරජානන්වන්සේම යොදා ගෙනීම වැරදිබව සමහරුන්ට හිතෙන්න පුලුවං. කොහොම උනත් මම විෂ්වාස කරන්නේ නැහැ ගප්පියා, බුදුරජානන්වහන්සේට හෝ බෞද්දයින්ට අපහාස කරන්න එහෙම කලා කියලා. කෙසේ හෝ එහෙම අදහසක් ඔබ කාටහරි එති වුනානම් මට සමාවන්න සහ ගප්පියාව පෞද්ගලිකව මම දන්නේ නෙති උනත්, ඔහුත් එම අයගෙන් සමාව ගනීවි කියලා මම විස්වාස කරනවා.
කෙසේ හෝ මෙවැනි අවස්තාවලදී බෞද්දයන් හැටියට මීට වඩා අපි සැලකිලිමත්වී සන්සුන්ව අදහස් හුවමාරු කරගත යුතුයි. හිතට තරහ අරන් කුනුහරපයෙන් බනින එක නෙමේ බෞද්දයන් හැටියට අපි ක්‍රියා කලයුතු ආකාරය කියල මට හිතෙන්නෙ.
කෙසේ උනත් මෙවැනි අපරාධයක් වුනු අවස්ථාවක අපි හේමෝම කිසිම ආගම්, ජාති කුල භේදයකින් තොරව එකට එකතුවී විපතට පත්වූ අයට පිහිට වුන එක ගැන මට ඉතා සතුටුයි. මින් ඉදිරියටත් අපි හැමෝටම කිසිම ජාති-ආගම් භේදයකින් තොරව සතුටෙන් ජීවත්වෙන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.
ඔබ හැමෝටම ජයෙන් ජය ප්‍රාර්තනා කරමි,
දුෂ්යන්ත් වීරමන්.
පෘතක්ජන බෞද්ධයන්ගෙන් අරිහත් ගුණ බලාපොරොත්තු නොවන්න. මෙය එකවරක් සිදුවූ දෙයක්නම් ඔබ කියනදේ පිළිගත හැක. නමුත් වසරකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ වෙසක්, පොසොන් වැනි බෞද්ධයාගේ ප්‍රධාන ආගමික අවස්ථාවල කුප්ප පොස්ට් දැමීම තුලින් ගප්පියා පෙන්වා ඇත්තේ කුමක්දැයි පහදා දෙන්න. ගප්පියා බුදුදහම සමග රැඩිකල් වුවත් නත්තල්දා පුංචි සුරතල් බලුපැටවෙකු මෙන් කතෝලිකයන්ට කිසිදු අහිතක් නැති පොස්ටුවක් දැමුවා ඔබ දුටුවානම් අපට ඇති ප්‍රශ්නයම ඔබටද ඇතිවිය යුතුය.
වරදකට වරක් දෙවරක් සමාව දිය හැක. නමුත් දිගින් දිගටම ඔහු වැරදි කරන්නත් අප සමාව දෙන්නත් යාම තුලින් පෙනෙන්නේ ඔහුගේ අසික්කිත කම හා සමාව දෙන අපේ නිවට කමය.
ඔබට තෙරුවන් සරණයි
ධනුෂ්ක අබේරත්න





හරි ධර්මය ප්‍රචාරය කරන්න technology මාර්ගයෙන් හෝ මොන යම් ක්‍රමයකින් system එකක් හදන්න පුලුවන්නම් මිනිස්සුන්ගේ ඔලුවට යන්න පුළුවන් විදිහේ. අන්න එතකොට ධර්මය රැකෙයි. මිනිස්සු ඒ ඔස්සේ දියුණු විදිහට හිතයි. ඒ මාර්ගයේ යන්න බලයි. ඒ වගේම තවත් එක ප්‍රචලිත කරන්න උර දෙයි. මුස්ලිම් එවුං පිළිම කඩන එකයි ගෑනු උස්සන එකයි සිංහලලු වඳ කරන එකයි හැම මගුලකටම බෙහෙත ඕක.