GCE O/L exam 2024 : Dates announced🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,616
    45,948
    113
    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිවේදනය කළේය.

    විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා දන්වා සිටියේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වනදා සිට එම මස 26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවය.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ලිපිනයක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත.

    සෘජු දුරකථන අංක - 1911, 0112784208, 0112784537, 0112786616

    ෆැක්ස් අංකය - 0112784422

    පොදු දුරකථන අංක - 0112786200, 0112784201, 0112785202

    විද්‍යුත් තැපැල් ලිපිනය - [email protected]