General ~ මම කවමදාවත් පැරදිලා නැහැ - ජෙනරාල
මම කවමදාවත් පැරදිලා නැහැ - ජෙනරාල් 
තමන් ජීවිතය තුළ කිසිදු දිනෙක පැරදී නැති බවත්, තමන්ගේ තේමා පාඨය වන්නේ "Can Do" යන්න බවත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) කොළඹදී පැවැති සහතිකලත් වෘත්තීය කළමනාකාරවරුන්ගේ ආයතනයේ පළමු වාර්ෂික සැසි වාරයේ ප්‍රධාන දේශනය පවත්වමිනි. මෙහිදී වැඩිචුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.
රටේ රාජ්‍ය නායකයා වගේම ජනතාවත් විශ්වාසය තබන්නේ රටේ ආරක්ෂක හමුදාව කෙරෙහි. හමුදාව ඒ විශ්වාසය බිඳ දැම්මොත් ජනතාව වගේම රාජ්‍ය නායකයාත් අධෛර්යයට පත් වෙනවා. ඒ නිසා පසුගිය කාලයේදී පැවැති යුද්ධය හොඳ පැඩමක් සාමූහික ප්රයත්නය කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගන්න. ඒ නිසා මේකේ කාටවත් තනියම ලකුණූ දාගන්න බැහැ. අනිවාර්යයෙන්ම ඒක බෙදී යා යුතුයි.
හමුදා නායකත්වය සහ දේශපාලන නායකත්ය අතර වෙනස මොකද්ද කියල අහල තියෙනවා. යුද්ධෙදි කතා නැහැ. වැඩ විතරයි. දේශපාලනයේදී ඕනෙ තරම් වැඩ නොකර කතා විතරක් කරන්න පුළුවන්. තව අවුරුදු දෙකකදි විතර මම මේ ගැන හරියටම කියන්නම්.
හමුදා කඳවුරක් ප්‍රහාරයට ලක්වෙමින් පැවැති සෑම අවස්ථාවකදීම හැමෝම කිව්වෙ සරත් ෆොන්සේකා යවන්න කියලයි. ඒත් යුදමය ජයග්‍රහණ සමරද්දි මාව මතක් කළේවත් නැහැ. ඒ වගේ අසීරුතා තිබුණා. මගේ රාජකාරියේ අවසාන දවස් කිහිපය දක්වාම මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. හමුදාවේ මේකට හෙඳ කියමනක් තියෙනවා. හරියට කිඹුලා උදැල්ල වගේ කියල. ඒක කපන්න කපන්න මුවහත් වෙනවා. ඔබට ඒ වගේ මානසිකත්වයක් තිබිය යුතුමයි. ඔබ ප්‍රහාරවලට ලක් වෙන්න වෙන්න, කැපිලි කෙටිපිවලට භාජනය වෙන්න වෙන්න ශක්තිමත් ලෙස වැඩ කරන්න ඉගෙන ගන්න ඕනෙ. ඒක හොඳ පාඩමක්.
මෙම දේශනයෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා "මගේ ස්ථාවරය තව දින දෙක තුනකින් කියන්නම්. ජනාධිපතිවරණය ගැන අවධානයෙන් හිටපු දේශපාලන පක්ෂ ඔවුන්ගේ ස්ථාවරය අද හෙට කියයි. ඊට පස්සෙ මගේ ස්ථාවරය කියන්නම්.
මාධ්‍යවේදියෙකු - ඔබ ජනාධිපතිවරණයට තරඟ කළොත් දිනන්න පුළුවන් කියල හිතනවද?
ජෙනරාල් - මම ජීවිතේ කවදාකවත් පැරදිලා නැහැ.
මාධ්‍යවේදියෙකු - ඔබ ජනාධිපතිවරණයට තරඟ කරනවද?
ජෙනරාල් - මේ වන තෙක් මගේ ඉදිරි සැලසුම් පිළිබඳ ප්‍රකාශයක් කරල නැහැ. තව දින දෙක තුනක් ඉවසන්න.
මාධ්‍යවේදියා - ජනතාව බොහෝ දේ අපේක්ෂාවෙන් ඉන්නව?
ජෙනරාල් - ජනතාව අපේක්ෂා කරනවානම් යම් දෙයක් ඒ ගොල්ලන්ට ඒකෙන් හොඳක් වෙනව නම් ඒ දේට මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා.
Source :- http://wp.me/pI5Gy-40

Last edited:

Shik mehema ratak...