Generation EQ අලුත්ම Mercedes Benz ඉලෙට්‍රික් SUV

Jun 2, 2016
154
119
0
Sri Lanka
Generation EQ අලුත්ම Mercedes Benz ඉලෙට්‍රික් SUV

Generation EQ මර්සෙඩීස් සමාගමේ අලුත්ම ඉලෙට්‍රික් SUV එක

wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww.jpg


ජර්මනියේ මර්සඩීස් බෙන්ස සමාගම අලුත්ම ඉලෙක්ට්‍රික් වාහන කාණ්ඩයක් (class) හඳුන්වාදී තිබෙනවා. Generation EQ ලෙස හඳුන්වාදී ඇති මෙම වාහන මාදිලිය වේගයෙන් ව්‍යාප්තවෙමින් යන ඉලෙක්ට්‍රික් වාහන කර්මාණ්තයට මර්සෙඩීස් බෙන්ස් සමාගමේ නිළ පිවිසුම සනිටුහන් කරනු ඇති. EQ යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ Electric Intelligence යන්න බව පවසන මර්සෙඩීස් සමාගම මෙම වාහන කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන, පදවන්නාට හා සමන්කරන්නන්ට සුවදායි, ආරක්ශාකාරි හා අඩුපිරිවැය ගමනක් වාහන කාණ්ඩයක් ලෙස මර්සෙඩීස් බෙන්ස් සමාගම හඳුන්වාදෙනවා.

නොබෝදා ස්විට්සර්ලන්තයේ පැවැත්වුනු මෝටර් රථ ප්‍රදර්ශණයේදී ලොවට හඳුන්වාදුන් EQ කාණ්ඩයේ පලමු මාදිලිය වන්නේ SUV මාදිලියේ ඉලෙක්ට්‍රික් ජීප් රථයක්.


wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww%2B%25281%2529.jpg


අති නවීන පහසුකම් වලින් යුතු ටච්-ස්ක්‍රීන් ඩෑෂ්බෝඩ් එකකින් සමන්විත මෙම රථය ඉතා සුඛෝපභෝගී ගමනක් ලබාදීම සඳහා නිමවා තිබෙනවා.

wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww%2B%25282%2529.jpg


2020දී මෙම රථය සාමන්‍ය වෙළඳපොලට නිකුත්වෙන අතර ජර්මනියේ බ්‍රෙමෙන් නුවර ඇති අතිනවීන මර්සෙඩීස් බෙන්ස් කර්මාණ්තශාලාවකදී මෙය නිපදවෙනු ඇති. ඉදිරිපස හා පසුපස ඇක්සල් වලට සවිකල අශ්වබල 402ක බලයක් ජනනය කල හැකි ඉලෙක්ට්‍රික් මෝටර් මෙහි එන්ජින් ලෙස ක්‍රියා කරන අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 450ක් පමණ ගමන්කල හැකියි.

wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww.jpg