GSD(ජර්මන් ශෙපර්ඩ් ඩෝග්ස්.) කිව්වාම මේ ලෝකේ ගොඩක් දෙනෙක් දන්න බ්‍රීඩ් එකක් මේක.
මෙයාලා අනිත් බ්‍රීඩ්ස් වලට වඩා ගොඩක්ම බුද්ධි මට්ටමින් ඉහලයි.
ඒ බුද්ධි මට්ටම නිසාම ලෝකේ ඕනෑම පොලිසියකට,ඕනෑම හමුදාවකට වැඩිපුරම යොදා ගන්න බල්ලෝ ජාතියක් තමා මෙයාලා.
ගොඩක් අය නොදන්නවා උනාට ජර්මන් ශෙපර්ඩ් කියන්නේ ලෝකේ දරුණුම,සැරම බ්‍රීඩ් වලින් එකක්.
වෙන කිසිම බ්‍රීඩ් එකක නැති ලෝයල් කමක්,ආරක්ශාකාරි බවක් මෙයාලා සතු වෙනවා.
තම ස්වාමීයා වෙනුවෙන් ජීවිතය කැප කරන්න වුනත් ඕනෑම මොහොතක මෙයාලා සුදානම් හරියට මෙයාලව හදලා තියනවානම්.
අද මේ ත්‍රේඩ් එක මම දාන්න ප්‍රධාන හේතුව උනේ මෙන්න මේකයි.
පහු ගිය මාස කීපය තුල මම කිරියේ දැක්කා ගොඩක් අය කමෙන්ට් කරනවා බල්ලෙක් ගන්නවානම් ලෙඩ නැති , රෑශ් නැති එකෙක්ව ගනින්.
නැත්තම් පස්සේ මලවාත වෙනවා ඕවා කියලා.
ලෙඩ තියන,රෑශ් තියන සතෙක්ව අරන් සැප දීලා හැදුවාම මොකද වෙන්නේ?
අපි ලෙඩ වෙන්නේ නැද්ද?අපිට දුක දැනෙන්නේ නැද්ද?අපි වැටිලා ඉන්නකොට අපිට කෙනෙක් අත දෙනවට අපි කැමති නැද්ද?
සතාට උනත් එච්චරයි.
අපි බලමු එහෙනම් රෑශ් තියන,ලෙඩ තියන සතෙක් අරන් හැදුවම මොකද වෙන්නේ කියලා.
මේ බල්ලා අවුරුදු 4 වයස ජර්මන් ශෙපර්ඩ් බල්ලෙක්.
ඒ උනාට මූගේ ඇග පුරාම රෑශ් එකක් තිබ්බා,මයිල් යනවා හෝ ගාලා,ඇග පුරාම බෝන්චි ඇට වගේ තඩි මැක්කෝ,කිනිතුල්ලෝ පිරිලා හිටියේ.
ඇස් වලින් කබ වැක් කෙරෙනවා.
ඇවිදිගන්න බෑ හරියට , නිකන් බීපු මිනිහෙක් වගේ වැනෙනවා.
ඔන්න මම එහෙනම් මෙයාගේ කතාව කියන්නම්කෝ.
මෙයාව මට හම්බෙනකොට මෙයා තව අයිතිකාරයෝ 3 ලග බෝලේ වගේ අතින් අත ගිය කෙනෙක්.
පලවෙනි අයිතිකාරයා රට යන්න වෙච්ච නිසා කෙනෙක්ට දීලා ගියා.
ඒ කෙනා ලග ඉද්දි මෙයාට ටික් ෆීවර් කියන ලෙඩේ හැදිලා තිබිලා තියනවා.
එයාට මෙයාව බලාගන්න බෑ කියලා මෙයාව දුන්නා තව කෙනෙක්ට.
ඒ කෙනා මෙයාගේ ටික් ෆීවර් වලට එහෙම බේත් හේත් කරලා තිබ්බා.
එයාටත් මෙයාව බලාගන්න බෑ කියලා දෙන්න කෙනෙක්ව හොයද්දි මම මෙයාව ගත්තා එයාගෙන්.
මෙයාව දැක්කාම ඇයි මූව මට මීට කලින් හම්බුනේ නැත්තේ කියලා හිතුනා.
මෙයාට මෙයා කිව්වට මෙයාගේ නම තමා ට්‍රේරි.
ට්‍රේරිව මම ගෙදරට ගෙනාවේ 2016.04.06
මේ එදා ගෙනාව ගමන් ගත්තු පික් එකක්.
නාවලා කරලා ගත්තු ෆොටෝස්.
කොහොමද බව්වා?
දැක්කාම දුකයිනේ.
දුක් වෙන්න එපා.
මෙන්න මේ තමා 2016.04.06 ගෙනාව ට්‍රේරි 2016.06.23 වෙනකොට ඉන්න විදිය.
වැඩේ කියන්නේ මෙයාගේ උපන් දිනේ තිබ්බේ ජුනි 20,මගේ උපන් දිනේ තිබ්බේ ජුනි 21.
අපි දෙන්නටම එක කේක් එකක් කැපුවා ඉතින්.
මේ තියෙන්නේ කේක් එක.
කොහොමද ඉලන්දාරියාගේ ලස්සන.
2016.06.20 තමා මෙයාට අවුරුදු 4 ලැබුවේ.
අපි දෙන්නගෙම ෆොටෝ එකක් මම මෙව්වා කරලා දැම්මා.
ඔන්න ඕකයි කතන්දරේ.
ලෙඩ වෙච්ච සතෙක්ව ගන්න කවදාවත් අදිමදි කරන්න එපා.
ලෙඩ වෙච්ච සතෙක් අරන් හදන එක ගොඩාක් ලොකු පිනක් ඇන්ඩ් හිතට මාර සතුටක්.
මේ ලෝකේ කිසිම බල්ලෙක් නෑ මොට්ට බල්ලෝ කියලා.
ඉන්නේ මොට්ට අයිතිකාරයෝ විතරයි.
මෙයාට අවුරුදු 4 ලන් වෙද්දි මට සෙට් උනාට මෙයාට මම පාරේ දම්වැල නැතුව එක්කන් යන්න පුලුවන් තැනට අරන් ඇවිත් තියනවා අද වෙනකොට.
පාරේ වෙන බල්ලෝ කොච්චර හිටියත්,කොච්චර බිරුවත් මෙයාගේ පාඩුවේ පාරේ යන තැනට මම මෙයාව එක්කන් ඇවිත් තියනවා.
හිත විතරයි තියෙන්න ඕන.
දැන් උබලට හිතට එන පොදු ප්‍රශ්ණ වලට උත්තර දෙන්නම්කෝ.
කන්න වේල් කීයක් දුන්නද?
ගොඩක් වෙලාවට කන්න වේල් 2 දුන්නේ.
දවල් 12.30 වගේ එකකුයි,රෑ 9 වගේ එකකුයි.
කන්න මොනාද දුන්නේ?
රතු බත් තමා ගොඩක්ම දුන්නේ.
සතියකට දවස් 5 විතර දුන්නේ මාලු.
සාලයා,කෙලවල්ලා,හාල් මැස්සෝ වගේ දුන්නේ.
ඉතුරු දවස් 2 දුන්නේ චිකන්.
රෑට කොත්තු,පරාටා,ආප්ප එහෙම දීපු දවස් තියනවා.
ෆුල් මාලු කොත්තු 2,පරාටා,ආප්ප වගේ ඒවා නම් 10 වගේ තමා දුන්නේ.
කොහොමද දුන්නේ?
ගෙදර උයපු එලවලු එක්ක මාලු හොදට කොරපොතු සුද්ද කරලා තම්බලා,කටු ගලවලා දුන්නා.
එක වේලකට බිත්තරයක් තම්බලා දැම්මා ගොඩක් වෙලාවට.
එක වේලක්ට ග්‍රෑම් 700 විතර හාල් උයලා දුන්නා.
විටමින් දුන්නද?
පොලිබියෝන් කියන විටමින් එක විතරයි දුන්නේ.
මැක්කන්ට දැම්මේ මොනාද?
බෙටිකෝල් , ඇන්ටික් කියන බෙහෙත් දෙක.
බෙටිකෝල් එක නැවැත්තුවා කම්පැනි එකෙන්.
ඒ වෙනුවට ආව එක තමා ඇන්ටික් කියන්නේ.
ෆාමසියකින් ගන්න පුලුවන්.
යුස් කරන විදිය ගහලා තියනවා.
ඒ බෙහෙත් එකට මැක්කෝ ඇගේම මැරෙනවා.
මැක්කෝ මැරුනට පස්සේ මැරිච්ච එවුන්ව ගලවලා විසික් කරා.
කණ ඇතුලේ මැක්කන්ට මොකද කරේ?
කොට්න් බඩ් එකකට බෙහෙත් පොගවලා කනේ ඉන්න මැක්කන්ට ගෑවා.
නෑව්වේ කොහොමද?
ලයිෆ් බෝයි සබන්,ලයිෆ් බෝයි ශැම්පු ගාලා.
නාවලා ඉවර වෙලා කොන්ඩිස් ටිකක් ලා රස්නේ පිච්චෙන්නේ නැති වතුර එකකට දිය කරලා දැම්මා ඇගට.
නාවලා පහුවදා තමා මැක්කන්ට දාන බෙහෙත් දැම්මේ.
රෑශ් එකට බෙහෙත් කරේ කෝමද?
මම මෙයාව ගෙනිච්චේ කොහුවල නිව් ඇනිමල් ක්ලිනික් එකට.
එතන ඉන්න ඩොක්ටර් කොඩිකාර,ඩොක්ටර් අබේකෝන් තමා මෙයාට බේත් කරේ.
ඩොක්ටර් කොඩිකාර කියන්නේ දැනට ලන්කාවේ ඉන්න සුපිරිම වෙට්.
පේරාදෙනිය ඇනිමල් හොස්පිටල් එකේ ලෙක්චර්ස් පවා කරනවා.
ඕනම වෙට් කෙනෙක් ඩොක්ටර් කොඩිකාර කිව්වාම මාර විදියට ගරු කරනවා.
මාර දැනුමක් තියෙන්නේ ඕනම සතෙක් ගැන.
New Animal Clinic +94 11 2 853087
ගණන් කෝමද ට්‍රීට්මන්ට් වලට?
ගොඩක් තැන් වලට වඩා ගණන් ගොඩක් සාධාරණයි,අඩුයි.
සල්ලි පස්සේ යන්නේ නැතුව සතාගේ යහපත ගැන හිතන තැනක්.
පලවෙනි දවසේ මට ගියේ රු.2000.00
ඊට පස්සේ දවස් 14න් 14 එන්න කිව්වා ඉන්ජෙක්ශන් කෝර්ස් එකක් කරන්න රෑශ් එකට.
එක දවසට රු.700-1000 ගියේ ට්‍රීට්මන්ට් වලට.
තව දෙපාරක් ගෙනිච්චාම ඒ කෝර්ස් එක ඉවරයි කරලා දැන් ට්‍රේරි ගොඩක් හොද මට්ටමේ ඉන්න නිසා.
ෆර් එක හෙවත් ලෝම ලස්සනට තියාගන්න මොකද කරේ?
එක පැත්තක දැති ලගින් තියන , අනිත් පැත්තේ දැති ඈතින් තියන අපි නෝමලි කොණ්ඩේ පීරණ පනාවක් අරන් ඒකෙන් පීරුවා ලෝම ටික දවසක් ඇර දවසක් වගේ.
ඔන්න ඕකයි ට්‍රේරිගේ සීන් කෝන් එක.
මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
එහෙනම් ජය වේවා.