get hanthana 11.1 now!

නොමිලේ !!! -get hanthana 11.1 now!

කවුද හන්තාන ලිනක්ස් පාවිච්චි කරන්නේ.‍මේ ගැන දන්න දේවල් බෙදා හදාගන්න කැමති නම් විස්තර කියන්න.බිල් මාමාගේ ගනං බලන්නේ නැතුව නොමිලේ දෙන වෛරස් බලපෑම් ඉතා අවම,අව්‍යාජ මෙහෙයුම් පද්ධතියකට මාරු වෙමුද?(මෙය වෙනත් ලිනක්ස් පද්ධති වලට වඩා ඉතා පහසු සරල නිවැවුමක් බවයි බොහෝ දෙනෙකුගේ අදහස)
නොදන්නා අයට මෙතනින් විස්තර බලාගන්න පුලුවන්
:)
Hanthana Linux

Hanthana is a Linux based operating system and a Fedora remix suitable for desktop and laptop users. Hanthana comes to you in the form of a Live CD for regular PC (i686 architecture) systems. You can run Hanthana Operating System directly from the LiveCD and check out each and every feature before installing it on your hard disk.
Hanthana has all the features of Fedora and number of additional software including multimedia players and codecs by default. Hanthana plays any multimedia content (including MP3) or commercial DVD's out of the box. When downloading Hanthana Live CD you get the latest Fedora release with RPM Fusion and Livna software repositories, therefore no additional tinkering is needed. In short, Hanthana is ready to serve your office, multimedia, graphic, educational and entertainment needs immediately after installation!
Hanthana uses XFCE, the fast, lightweight desktop environment that makes even a computer with minimum system resources run faster, and it will save your disk space too!
Hanthana comes to you absolutely free of charge and you are free to make copies, share and distribute. See the complete list of features or get Hanthana now!

get hanthana 11.1 now!>>> වැඩි දුරටත්මෙතන බලන්න
 
Last edited:

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එළි දැක්වේ

kids4.jpg

වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා අන්තර්ජාලය ඔස්සේත්, හන්තාන ප්‍රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි ය.

හන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?
kids3.jpg

හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ.

Fedora වෙතින් ලැබෙන සියලු පහසුකම්, මෘදුකාංග හා ගුණාංග සියල්ල හන්තාන පද්ධතිය සතු වෙයි. ඊට අමතර ව කාර්යාලයීය, අධ්‍යාපනික, බහුමාධ්‍ය හා ග්‍රැෆික් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය මෘදුකාංග ගණනාවක් හන්තාන සමග කෙලින් ම ඔබ වෙත ලැබේ. සාමාන්‍ය PC එනම් i686 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live CD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.

Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (MP3 වැනි) ඕනෑ ම බහුමාධ්‍ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන බාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්‍ය නො වේ. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!

හන්තාන වේගවත් හා සැහැල්ලු ඩෙස්ක්ටොප් පරිසරයක් වන XFCE භාවිත කරන හෙයින් අවම බලයක් සහිත පරිගණකයක් වුව ද වේගවත්ව ධාවනය කිරීමට සමත් වන අතර ඔබේ දෘඪ තැටියේ ඉඩකඩ ද සුරකියි.

හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.

හන්තාන ප්‍රජාව

kids1.jpg

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් ම ප්‍රජා නිෂ්පාදිතයකි. හන්තාන ව්‍යාපෘතිය වටා ගොනු වෙමින් තාක්ෂණික, භාෂාමය හා වෙනත් නානා විධ අංශයන්ගෙන් ස්වේච්ඡා දායකත්වය ලබා දෙන උද්‍යෝගීමත් ප්‍රජාව එහි ප්‍රධානතම ශක්තියයි. හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!

හන්තාන ලිනක්ස් පිළිබඳ ඔබේ ගැටලුවලට විසඳුම් හන්තාන ලිනක්ස් ෆෝරමය, හන්තාන ලිනක්ස් ගූගල් සමූහය හා #hanthana irc චැනලය ඔස්සේ ඉතා ඉක්මනින් ලබාගැනීමට පුළුවන.

වැඩි විස්තර සඳහා දැන් ම ප්‍රධාන හන්තාන ලිනක්ස් වෙබ් අඩෙවිය hanthana.org පිවිසෙන්න.

හන්තාන ලිනක්ස් පාසල් වලට හදුන්වාදීම
3943410211_3dd1c46738.jpg

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පළමුවෙන් පාසල් සිසුන්ට හදුන්වාදුන්නේ මෙම ව‍සරේ ජාත්‍යන්තර නිදහස් හා විවෘත මෘදුකාංග දින එනම් 2009 සැප්තැම්බර් 19 වන දින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීයේ පැවැත්වූ අම්බලන්ගොඩ කලාපයේ පාසල් වලට පවත්වන ලද වැඩමුළුවේදීය.

2009 සැප්තැම්බර් මස 17 වන දින රුහුණු විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේදී සිසුන් 100 දෙනෙකුට හන්තාන ලිනක්ස් ස්ථාපනය කරගැනීම සහ ඒමගින් සාමාන්‍ය කටයුතු කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි.
3931149711_2150f7bbc3.jpg

අතුරුලිය රතනසාර විද්‍යාලය - අකුරැස්ස, කළහේ ශ්‍රී සුමංගලෝදය - කලහේ, ශාරිපුත්‍ර විද්‍යාලය - අහංගම දැනට හන්තාන ලිනක්ස් භාවිතා කරන පාසැල් අතරින් කිහිපයකි.

මීට අමතරව ගාල්ල සියලු ශාන්තුවරයින්ගේ පාසැලේ තොරතුරු තාක්‍ෂණික කණ්ඩායම සංවිධානය කළ තොරතුරු තාක්‍ෂණ දිනයේදි ද හන්තාන මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම සඳහා ආරාධනා ලැබුණි.

බෙලිඅත්ත මහපොල අධ්‍යාපනික ප්‍රදර්ශන භුමියේදි මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රයෝගිකව අත්හදා බලා ලබා ගැනිමේ අවස්ථාව හම්බන්තොට ප්‍රදේශවාසීන්ට හිමිවිය.
ලිවුවේ ගයාන් තාරක
 
chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    කවුද හන්තාන ලිනක්ස් පාවිච්චි කරන්නේ.‍මේ ගැන දන්න දේවල් බෙදා හදාගන්න කැමති නම් විස්තර කියන්න.බිල් මාමාගේ ගනං බලන්නේ නැතුව නොමිලේ දෙන වෛරස් බලපෑම් ඉතා අවම,අව්‍යාජ මෙහෙයුම් පද්ධතියකට මාරු වෙමුද?(මෙය වෙනත් ලිනක්ස් පද්ධති වලට වඩා ඉතා පහසු සරල නිවැවුමක් බවයි බොහෝ දෙනෙකුගේ අදහස)
    නොදන්නා අයට මෙතනින් විස්තර බලාගන්න පුලුවන්
    :)
    Hanthana Linux

    Hanthana is a Linux based operating system and a Fedora remix suitable for desktop and laptop users. Hanthana comes to you in the form of a Live CD for regular PC (i686 architecture) systems. You can run Hanthana Operating System directly from the LiveCD and check out each and every feature before installing it on your hard disk.
    Hanthana has all the features of Fedora and number of additional software including multimedia players and codecs by default. Hanthana plays any multimedia content (including MP3) or commercial DVD's out of the box. When downloading Hanthana Live CD you get the latest Fedora release with RPM Fusion and Livna software repositories, therefore no additional tinkering is needed. In short, Hanthana is ready to serve your office, multimedia, graphic, educational and entertainment needs immediately after installation!
    Hanthana uses XFCE, the fast, lightweight desktop environment that makes even a computer with minimum system resources run faster, and it will save your disk space too!
    Hanthana comes to you absolutely free of charge and you are free to make copies, share and distribute. See the complete list of features or get Hanthana now!

    get hanthana 11.1 now!>>> වැඩි දුරටත්මෙතන බලන්න
    oka sux aparade mama 100k deela gatte. boot errors.still not stable+compatible with latest hardware :nerd:
     
    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    heard this is a lite version of mandriva... windows tharam leesi nam na but speed.. mata nam ithin windows uth open source wage thamai.salli denne CD ekata withara ne.. :D
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඉතිං මේ විශාරදලා කියන්නෙ සුපර්බ් කියලා.ඔයා කියන්නෙ මුල් වකවානුවෙ දෙයක්ද-නවතම තොරතුරක්ද?

    mama damme dan sathi 3kata kalin.
    Q6600/Foxconn Mars P35/4GB DDR800/NVidia 9500GT/570GB SATA2 HDD
    මල ජරාවක් Games එහෙම හීනෙන් තමයි. Normal Users (Internet, Chatting, Office work) අවුලක් නෑ.මීට වඩා Ubuntu 9.1 එළ :nerd: