GMOA ජොස්තර මාෆියාව
ERPM හෙවත් Act 16 විභාගය ලිඛිත හා ප්‍රායෝගික කොටස් දෙකකින් සමන්විත වන අතර එය පැවැත්වෙන්නේ වසරට තුන් වරක් පමණි. ශල්‍යකර්ම, ළමා රෝග, නාරි හා ප්‍රසව ආදී විවිධ විෂයයන් සඳහා මෙලෙස වෙන වෙනම ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන අතර ආධුනික වෛද්‍ය වසර (internship) සඳහා බඳවා ගැනෙන්නේ සියළුම විෂයයන් සමත් වූවන් පමණි. එලෙස බඳවාගන්නන්ට රෝහල් පත්වීම් ලබා දීමේ ශ්‍රේණිගත කිරීම් කරනු ලබන්නේ සියළු දේශීය ආධුනික වෛද්‍යවරුන් ශ්‍රේණිගත කිරීමෙන් පසුවය. සරලවම කිවතොත් දේශීය වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යන් සඳහා වෙනම පැවැත්වෙන පොදු බහුවරණ (Common MCQ) විභාගයෙන් අඩුම ලකුණු ලබා සමත් වන කෙනාට, Act 16 විභාගයේ වැඩිම ලකුණු ලබා සමත් වන කෙනාට වඩා වැඩි ප්‍රමුඛතාවයක් ලැබේ. එමෙන්ම ERPM විභාගය සකස් කර ඇත්තේ සියළු විෂයයන් එකවර කොට සමත් වීමට අපහසු ආකාරයටය. මෙහි යටි අරමුණ විදේශ වෛද්‍ය සිසුන්ගේ ජීවිතයෙන් තවත් වසර කීපයක් එම විභාගයට හිර කර තැබීමෙන්, වෙනම පොදු බහුවරණ විභාගයට පෙනී සිට සමත් වන ඔවුන්ගේ සම වයසේ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ට වඩා වෘත්තීය ජ්‍යෙෂඨතාවයෙන් ඔවුන්ව වසර කීපයක් පහළට ඇද දැමීමයි.
Act 16 විභාගය, විශේෂයෙන්ම එහි ප්‍රායෝගික පරීක්ෂණ කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරව ඉතාම අක්‍රමික අයුරින් පවත්වනු ලබයි. එය ඇතැම් දේශීය උපාධිධාරී වෛද්‍යවරුන්ට තවත් සල්ලි ගැරීමේ ඉල්ලමක් බවට පත්ව ඇත. රජයේ රෝහල්වල රාජකාරිය නිම වීමට පෙර කලින් මාරු වී ERPM උපකාරක පන්තිවල ඉගැන්වීමට යන 'ගොමා' ජොස්තවරු බොහෝය. ඔවුන් එහිදී එක සිසුවෙක්ගෙන් දහස් ගණනින් මුදල් අය කොට දවසට ලක්ෂ ගණනින් හම්බ කරති. ප්‍රායෝගික පරීක්ෂණයට පෙර දින විවිධ විභාග මධ්‍යස්ථාන වන රෝහල්වලට එන රෝගී දත්ත (cases) සිය සගයන් හරහා ලබා ගන්නා ඔවුන් සිය පන්තිවලට ආ සිසුන්ට පමණක් ඒවා සමාජ ජාලා පණිවුඩ හරහා බෙදා හරිති.
ERPM ප්‍රායෝගික පරීක්ෂණ නියාමනය කිරීමට එන ඇතැම් ජ්‍යෙෂ්ඨ ජොස්තරලා (consultant) ඊට එහාය. ඔවුන් හිතුමතේ තමන්ට කැමති අය සමත් කොට ඉතා හොඳින් රෝග නිධාන හඳුනාගෙන ප්‍රතිකාර යෝජනා කරන විභාග අපේක්ෂකයින්, කිසිදු හේතු දැක්වීමකින් තොරව අසමත් කරති. ප්‍රායෝගික පරීක්ෂණය අසමත් වූවන්ට, එය අසමත් වූයේ කෙසේදැයි කිසිම සාක්ෂියක් හෝ උපදෙසක් නොලැබේ. මාසයකට පමණ පසුව සමත්ද අසමත්ද යන්න පමණක් දැන ගන්නට ලැබේ. මෙම යල්පිනූ ක්‍රමවේදයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ප්‍රායෝගික පරික්ෂකයින් තම ජොස්තර සගයින්ගේ දරුවන් හා තමාගේ හිතවතුන් රිසිසේ සමත් කරති. එවැනි සම්බන්ධතා නැති සාමාන්‍ය විභාග අපේක්ෂකයින්ගෙන් සමත් කරවීම සඳහා මුදල්ද, විභාග අපේක්ෂිකාවන්ගෙන් ලිංගික අල්ලස්ද ඉල්ලූ අවස්ථා වාර්තා වී ඇත.
Source :- LankaEnews