GMOA දෙබිඩි ක්‍රියා පිළිවෙළට එරෙහිව වර්ජනයක&#3

monson

Well-known member
  • May 7, 2007
    25,817
    29,039
    113
    GMOA දෙබිඩි ක්‍රියා පිළිවෙළට එරෙහිව වර්ජනයක&#3

    සුභාෂිණි ජයරත්න

    නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්නයැයි හඬගා පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) දෙබිඩි ක්‍රියා පිළිවෙළට එරෙහිව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය විසින් මේ මස 6 වැනිදා පේරාදෙණිය හා මහනුවර රෝහල් වල සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බව එම බල මණ්ඩලයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා සිළුමිණට පැවැසී ය.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ මේ වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිය සායනික පුහුණුව සිදුකිරීම සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහල හා මහනුවර ශික්ෂණ රෝහල් ලබා දීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

    මේ වන විට එම සිසුන් සායනික පුහුණුව සඳහා දුර බැහැර රෝහල් වලට අනුයුක්ත කරන්නට සිදුවීම නිසා ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විශ්වවිද්‍යාලයට මේ වන විට රුපියල් ලක්ෂ 600 කට අධික මුදලක් වැය වී ඇති බවයි. පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ නිදහස් අධ්‍යාපනයේ අයිතීන් රැකීම වෙනුවෙන් යැයි සයිටම් විරෝධි අරගල මෙහෙයවන මෙම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම කූට වැඩ පිළිවෙළ තම සංගමය තරයේ හෙළා දකින බවයි.


    - http://www.silumina.lk/2017/07/01/පුවත්/වෛද්‍ය-සංගමයට-එරෙහිව-වර්ජනයක්
     

    Similar threads