GMOA බලුවීමේ අභ්‍යන්තර කතාව:

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    GMOA බලුවීමේ අභ්‍යන්තර කතාව:

    දැන්නම් අපිට ආණ්ඩුවේ තීන්දු ආපිට හරවන්න බෑ“ -GMOA බලුවීමේ අභ්‍යන්තර කතාව: මනෝරෝගියෙකැයි කී රනිල්ගෙන් සාකච්ඡා ඉල්ලා නාහෙන් අඬමින් ගිය පාදෙණියට වූ අලකලංචිය

    (ලංකා ඊ නිව්ස් -2017.ජුනි.26, පෙ.ව‍‍‍‍‍.6.15) ආණ්ඩුව සයිටම් ආයතනය සහ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් මැයි මාසයේ දී ගත් ප්‍රතිපත්තිමය තීන්දු පාදෙණියලාගේ වැඩ වර්ජන තර්ජනය නිසා ගත් එකක් යැයි කියමින් ජනතාව කෙසේ වෙතත් ඔවුන් කඩේ යවන අන්තරේ මෝඩයන් ටික ගොනාට ඇන්දවීමේ ක්‍රියාවලියක GMOA නායකයක් ක්‍රියා කරනු බව පෙනේ. ඒ බව තහවුරු වන්නේ ඊයේ සවස ජනාධිපති ලේකම් වරයා නිකුත් කරන ලද නිල නිවේදනය අනුවය.

    පාදෙණියලාගේ GMOA සමග කරන ලද සාකච්ඡාවක් අනුව ගන්නා ලද තීන්දු යැයි GMOA පෙරේදා නිවේදනයක් නිකුත් කළද ජනාධිපති ලේකම්වරයා ගේ නිවේදනයේ GMOA සමග කරන ලද සාකච්ඡාවක් පිළිබඳ එක වචනයක් හෝ සඳහන් කර නැත. ඊට හේතු වූයේ ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි ජනාධිපතිවරයා GMOA නායකයන්ගේ ඉල්ලීම අනුව සාකච්ඡාවක් දුන්නේ කොන්දේසි දෙකක් මත බැවිනි. එකක් නම් සාකච්ඡාවට ඒමට පෙර වැඩ වර්ජනය නතර කළ යුතුය, දෙවැන්න සාකච්ඡාව නිල සාකච්ඡාවක් ලෙස ලබා දෙන්නේ නැත, යන කොන්දේසි දෙකයි. ඒ අනුව GMOA නායකයන් පෙරේදා ජනාධිපති සමග සාකච්ඡාවට යෑමට පෙර මාධ්‍යයට වැඩ වර්ජනය නතර කළ බවත් ඒ පිලිබඳ නිවේදනයක් පසුව දෙන බවත් ප්‍රකාශ කර සිටියේ ය. ජනමාධ්‍ය දොස්තර වර්ජනය නතර කළ බවට නිව්ස් ඇලර්ට් එකක් ප්‍රකාශ කෙළේ ඒ අනුවය.

    ජනාධිපති හමුවීමෙන් පසුව මාධ්‍ය හමුවක් තබමින් GMOA නායකයෝ කොන්දේසි 4 කට ජනාධිපති එකඟ වූවා යයි කීවද ජනාධිපතිට අමුතුවෙන් එකඟ වීමට දෙයක් එහි තිබුනේ නැත. GMOA වේ නලින්ද හේරත් චන්ඩියා සේ කීවේ මෙසේය. “සයිටම් ආයතනයට ලමයින් බඳවා ගන්නෙත් නෑ. උපාධි ප්‍රදානය කෙරෙන්නෙත් නෑ. ආයිත් සයිටම් ආයතනයක් මේ රටේ පවතින්නෙත් නෑ“ යනුවෙනි. නමුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක වන තුරු සයිටම් ආයතනයට අලුතින් ලමයින් බඳවා ගැනීමත්, උපාධි ප්‍රදානය අත්හිටුවීමත් ආණ්ඩුව තීරණය කරන ලද්දේ මැයි මාසයේ දීය. ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා කළ ප්‍රකාශය “නවක සිසුන් බඳවා ගන්න එපා රජයෙන් උපදෙස්“ යනුවෙන් මැයි 15 දා දිනමිණ පළකෙළේ පහත පරිදිය. වරහන් වල ඇති දිගුව ක්ලික් කර කියවන්න (http://www.dinamina.lk/2017/05/15/පුවත්/34107)

    “ආයිත් සයිටම් ආයතනයක් මේ රටේ පවතින්නෙත් නෑ“ යි නලින්ද හේරත් මාධ්‍ය හමුවේදී කීවේද පට්ට පල් බේගලයකි. ඊයේ ජනාධිපති ලේකම් වරයා නිකුත් කළ නිවේදනයේ පැහැදිලිව මෙසේ දැක්වේ. ‘සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධිවිධාන සලසනු ලැබේ.‘ එනම් GMOA මාෆියාව කියන පරිදි වසා දැමෙන්නේ නැත.

    ජනාධිපති ලේකම් වරයාගේ සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙන අතර එහි ඇත්තේ ආණ්ඩුව මීට මාස 2 කට පමණ පෙර මේ ගොබ්බයන්ට යෝජනා කළ නමුත් මේ ගොබ්බයන් ප්‍රතික්ෂේප කළ යෝජනාවන්ම ය.

    GMOA මාෆියාව එකඟ වූ කරුණු 4 ක් යැයි කීවද ජනාධිපති ලේකම් ප්‍රධාන කරුණු 5 ක් කියයි. අන්තරේ මෝඩයන්ව ඇන්දවිය නොහැකි නිසා එහි ඇති එකක් GMOA මාෆියාව කියා නැත. එනම් “සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම සහ දැනට උපාධිය සම්පූර්ණ කර ඇති ශිෂ්‍යයන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් ලෙස සකස් කිරීම“ යන්නයි.

    ජනාධිපති ලේකම්ගේ නිවේදනයේ ආණ්ඩුව පෙරදීම සයිටම් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ කරුණු 8 ම සඳහන් වේ. (කියවන්න එම නිවේදනය මෙහි දැක්වේ)

    GMOA මාෆියා කාරයන්ට සිදුවූ අලකලංචියේ අභ්‍යන්තර සත්‍ය කතාව මෙසේය.
    මොවුන් 22 දා වැඩ වර්ජනය ආරම්භ කරන්නේම 24 වෙනිදා සවස 3.30 ට පැවැත්වෙන GMOA මාෆියාවේ වාර්ෂික මහ සමුළුව ඉලක්ක කරගෙන වීරයන් වීමටය. නමුත් රෝහල් වලට කඩා වැදුනු කුපිත වූ ජනතාව ප්‍රසිද්ධියේම වර්ජනය කරන වෛද්‍ය වරුන්ට පහර දෙන බවට තර්ජනය කිරීමත් මාෆියා කාරයන්ට යටත් නොවූ සැබෑ වෛද්‍යවරුන් පිරිසක් වර්ජනය නොතකා වැඩ කිරීමත් නිසා පාදෙනියලාගේ මෝරාල් එක බිංදුවටම වැටින. තව එක දිනක් වර්ජනය කෙළේ නම් මහ මගදී මහජනතාවගෙන් ගුටි කෑමට සිදුවන බව ඉන්තේරුවෙන්ම වැටහුනු සභාපති පාදෙනිය සහ ලේකම් සොයිසා හෙවත් ගුටිකන මූනා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අල්ලාගෙන සාකච්ඡාවක් කර එය දඩමීමා කරගෙන වර්ජනය අත්හැරීමට සූදානමින් සිටියහ.

    ජනාධිපති හෝ අගමැති හෝ වර්ජිත ජොස්තර මාෆියාවට සාකච්ඡා සඳහා එන්නැයි ඉල්ලා සිටියේ නැත. ජනාධිපතිවරයා පණිවුඩ කරුවන්ට ඍජුවම ප්‍රකාශ කර සිටියේ වර්ජනය නිමා කර පැමිණෙන්නේ නම් පමණක් සාකච්ඡා කළ හැකි නමුත් ඒ සාකච්ඡාව නිල සාකච්ඡාවක් නොව දුක්ගැනවිල්ලට ඇහුම්කන් දීමක් පමණක් බවත් ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස ගත හැකි හොඳම දේ මේ වන විටත් ගෙන ඇති බවයි. සත්‍ය වශයෙන්ම සයිටම් සහ පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතිගත කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අදාල කරුණු 8 කින් යුත් කැබිනට් පත්‍රිකාව ඒ වන විටත් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබිණ. එය සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබුනේ 27 වෙනි අඟහරුවාදාට ය. ජනාධිපති ලේකම් වරයා ගේ නිවේදනයේ සඳහන් වන්නේ ද ගැසට් නිවේදනයට අදාල එකී කැබිනට් පත්‍රිකාවේ කරුණු මිස ඊට GMOA මාෆියාවේ කිසිදු සම්බන්ධයක් නැත.

    GMOA මාෆියාව සාකච්ඡා ඉල්ලමින් ජනාධිපති සහ අගමැති පසුපස යද්දී අපූරු දෑ සිදුවිය. අමාත්‍යාංශයේ වෛද්‍ය අමල් හර්ෂ, වජිර අබේවර්ධනගේ මිතුරෙකි. GMOA මාෆියාවේ ලේකම් සොයිසා හෙවත් ගුටිකන මූණා අමල් හර්ෂට කතා කරමින් වජිර අබේවර්ධනට කියා අගමැතිවරයා හමුවීමේ අවස්ථාවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ ය. වෛද්‍ය අමල් හර්ෂ වජිර අබේවර්ධනට මේ බව කී විට වජිර අබේවර්ධන කියා තිබුනේ ‘අගමැති රනිල් වික්‍රමසිංහ යනු මනෝවෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත යුතු මනෝ රෝගියෙක් යැයි ප්‍රසිද්ධියේ කී දොස්තර පාදෙණිය සමග සාකච්ඡා කරන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමට තමන්ටනම් නොහැකි බවයි.‘

    මේ අතර ජොස්තර පාදෙණියට අපූරු අල කලංචියක් සිදුවිය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා ඔහු මලික් සමරවික්‍රම ඇමැතිවරයාට දුරකථනයෙන් කතා කෙළේය. වර්ජනයට තල්ලු කෙළේ රාජිත ඇමැතිවරයා යැයි සෞඛ්‍ය ඇමැතිවරයාට දොස් තැබූ ඔහු කෙසේ හෝ අගමැතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන්නැයි මලික් සමරවික්‍රම ඇමැතිවරයාට කනපින්දම් කීවේ ය. දුරකථනයේ අනෙක් පසින් ඇසුනේ වෙනත් කට හඬකි; වෙනත් කතාවකි. “මිස්ටර් පාදෙනිය.. මං හිතන්නේ ඔබ කතා කළ යුතු මලික් මම නොවෙයි. මම කලුබෝවිල රෝහලේ දොස්තර මලික් සමරසිංහ“ යි දුරකථනයේ අනෙක් පසින් කියැවිණ. තරු විසිවුනු පාදෙණිය වහාම තම දුරකථනය විසන්ධි කෙළේය. කලබලයට පාදෙණිය කතා කර තිබුනේ කළුබෝවිල රෝහලේ ළමා හා ශල්‍ය වෛද්‍ය මලික් සමරසිංහට ය. ඔහු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකුව වෛද්‍ය වෘත්තියට පැමිණි අයෙක් වන අතර පාදෙණියලාගේ මාෆියා ක්‍රියාවලට අනුකූලතා දක්වන්නෙක්ද නොවීය.

    කෙසේ වෙතත් සවස පැවැති GMOA වාර්ෂික සමුළුවට සහභාගී වූ ජොස්තර පාදෙණිය එහිදී පැය එකහමාරක පමණ කතාවක් කළේය. ඔහු අවසානයේ දී කියා සිටියේ ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ගෙන ඇති තීන්දුව දැන් නම් අපිට ආපසු හැරවිය නොහැකි බවයි.

    GMOA මාෆියාව ඇම්බියුලන්ස් වලට විරුද්ධ වෙමින් තමන්ට අදාල නැති තමන් නොදන්නා වෙළඳ ගිවිසුම් වලට පවා විරුද්ධ වෙමින් දුෂ්ඨයන් සේ මුල සිටම පරාජිත රාජපක්ෂලා බලයට ගෙන ඒමේ දේශපාලන ව්‍යාපෘතියේ නොසිට පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය ඉහළ දමා ගැනීමේ ප්‍රතිපත්තියේ අවංකව මුල සිට දිගටම සිටියා නම් මෙලෙස ජනතාව අතර පිළිකුලට බඳුන් වන්නේ නැත. වෛද්‍යවරුන් සොයිසලා මෙන් මැරයන් නොවී, හේරත්ලා මෙන් තකතීරුවන්ද නොවී, පාදෙණියලා මෙන් අවස්ථාවාදී තක්කඩියන්ද, නොවී සිටියේ නම් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති වෘත්තීය සමිතියේ ගෞරවය රැකෙනු ඇත. ආණ්ඩුව පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය රකිමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල 15 ක් අනාගතයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදමින් සිටී. අවසානයේ පාදෙණියලාගේ ලණු කෑ ජවිපෙට ද සිදුවූයේ තමන් දීඝායු කුමාරයා සේ ලඟ නවන, වත්මන් දියුණු ලෝකයට නොගැලපෙන නියැන්ඩතාල් යුගයේ ගෝත්‍රිකයන් කොටසක් බව ජනතාවට ඔප්පු කර පෙන්වීමය. එය කොතෙක් ගෝත්‍රික වීද යත් යකඩ පොලු ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට හානි සිදුකළ සිසුන් අතර තමන්ද යකඩ පොල්ලක් ගෙන නොසිටීම ගැන කණගාටු වෙනවාය වැනි තකතීරු කතාවක් කියන ගානට සුනිල් හඳුන්නෙත්ති පවා පත්විය. ජවිපෙ බුදුවීම 2020 න් තවත් ඈතට කල්දමා ගත්තේ ය.

    (ජනාධිපති ලේකම්ගේ නිවේදනය පහත ඉමේජ වල දැක්වේ. කුඩා අයිකනය මත ක්ලික් කර විශාල කර කියවන්න)

    -ලංකා ඊ නිව්ස් මාණ්ඩලිකයෙකු විසිනි-
    http://www.lankaenews.com/news/5962/si
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754

    ලංකා ඊ නිව්ස් මාණ්ඩලිකයෙකු නේ අනේ පව් ඉතින් බන් කොහොමද බන් ඔහොම බොරු දන්නේ :P:P
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලංකා ඊ නිව්ස්

    200.webp
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    නිවුස් එක කෙසේ වෙතත් මුන් දැන් බලු වෙලා ඉන්නේ
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දියත් කර තිබු වැඩවර්ජනය පිළිබදව සාකචිඡා කිරිමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වුවමනාව මත තමයි සාකචිඡාව පැවැත් වුනේ.

    මෙම සාකචිඡාවෙි ලිඛිත වාර්තා කිසිවක් නොමැත. සාකචිඡා සටහන් කිසිවක් නොමැත. වීඩියෝ ගත කර හෝ ඡායාරූප ගත කර නොමැත. එම නිසා මෙම නිල නොවන සාකචිඡාවකි

    ලංකා ඊ නිව්ස් මාණ්ඩලිකයෙකු නේ අනේ පව් ඉතින් බන් කොහොමද බන් ඔහොම බොරු දන්නේ :P:P

    ඕකුන් බොරු බං දාන්නෙ :sorry:

    ලංකා ඊ නිව්ස් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලංකා ඊ නිව්ස්

    200.webp

    ලංකා ඊ නිව්ස් බොරු බං දාන්නෙ:yes: :sorry::cool:

    un kese wethath uba nam dan tikak nondi wela wage inne.
     
    Last edited: